Tuesday, June 24, 2014

අපිටත් ඕන අපේම ලෝකයක්




මූදු හුළඟ සනීපයි... ඒත් වෙලාවකට හරි දඟයි.. තව ටිකකින් හොඳටම අඳුරු වැටෙනව.. පොඩි උන්ගෙ කෑගැහිල්ලට පොඩ්ඩක් හැරිල බලුව. මොනව නැතත් උන්ව පරිස්සම් කරල ගෙදර ගෙනියන්න ඕනි. පෑනයි ඩයරියයි අතට ගුලි වෙලා. වෙනදට ඉඳගෙන ඉන්න තැන අද වෙන කෙනෙක්.... හිත පොඩ්ඩක් නරක් උනත් එතනටම ල0 උනා.

හැන්ඩ්සම් පිරිමි ළමයෙක්....ඒත් අහි0සක පෙනුමක් තියන කෙනෙක්... හිත කිව්ව.  එයා අහින්සක විදියට හිනා උනා..... මටත් පොඩි හිනාවක් පැන්න. ඒ කපටි කමට. හරියට "ඔතන මගේ තැන" කියල නොකිය කියන්න වගේ.

"බලන් ඉන්නෙ මූද දිහා උනාට හිත තියෙන්නෙ ඊට එහා නේද"

ආයෙත් අර අහින්සක හිනාව.

"මෙතන ඔයාගෙ නේද"
අහින්සක කටහඬ

"කොහොමද දන්නෙ"

"මන් දැකල තියනව"

"කමක් නෑ ඔයත් ඉන්න"

"ඔයා ජනලිස්ට් කෙනෙක්ද"

ආයෙත් පැන්න මගේ කපටි හිනාව.

"ඔව්, කොහොමද දන්නෙ?"
බොරු කියන්න බයත් හිතුන.

"මන් දැකල තියනව මෙතනට වෙලා ලියනව."

එයාට කියන්න දෙයක් තියනව කියල මට හිතුන.

"කැමතිද ඔයාගෙ කතාවත් කියන්න. මන් ලියන්නම්"
මන් කිව්ව.
එයා කතා නෑ. 

"මන් විහිලුවක් කෙරුවෙ. මන් යන්නම් ඔයා ඔතන ඉන්න."
මන් යන්න නැගිට්ට.

"මගේ කතාවට මුලක් අගක් නෑ කොහෙන්ද මන් පටන් ගන්නෙ"

(ඈ යකෝ එතකොට ඒවත් කියල දෙන්න ඕනි මන්ද කියල මට අහන්න හිතුන. ඒත් ඉතින් මන් එහෙම නොකිය ඔය කුතුහලය කියන එක අවුස්සන ඕපාදූප වලට කන් දෙන්න තියන බලවත් කැමැත්ත නිසාම ජාමෙ බේරගෙන කපටි ප්‍රශ්නයක් ඇහුව.)

"මන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්ද?"
එයා ඔලුව වැනුව.

"නම මොකක්ද"

".........."

"එතකොට ගෙවල්"

"නුවර"

"මෙහෙ මොනවද කරන්නෙ?"
ම්හු.. ඒකට උත්තර නෑ.

"ඉන්නෙ කොහෙද"

"එක තැනක් කියල නෑ."
ඒකට නම් මට පුදුමත් හිතුන.

"ජොබ් එකක් කරනවද"

"ඔව්"

"මොකක්ද"

"කම්පනි එකක පියන්"

"ඔයා ඉස්කෝලෙ ගියෙ"
ඔහු කීවේ නුවර ප්‍රසිද්ද පාසලක නමකි.

"ඒලෙවල් කලාද"

"ඔව්"

"පාස්ද"

"බී එකයි සී දෙකයි, මන් ආට්ස් කලේ."

"එහෙම තියාගෙන පියන් කෙනෙක් උනේ"

"මගෙ කරුමෙට"

"හරි මන් අතර මැද ප්‍රශ්න අහන්නම්. ඔයා කියන්න කතාව."

______________________________________________________

"අපේ ගෙදර ඉන්නෙ අම්මයි, අප්පච්චියි, අක්කයි විතරයි."

"එතකොට ඔයා පවුලෙ බාලය"

"ඔව් නමට"

"ඒ කිව්වෙ"

"ඒ මගේ මගේම අය නෙවෙයි.මම එයාලගෙ ගෙදර වැඩට හිටිය කෙනාගෙ දරුව. මගෙ අම්ම මාව හම්බවෙන්න ගිහින් මැරිල. තාත්ත ගැන දන්නෙ නෑ. එයාල මාව හදාගෙන. ඉතින් මන් අම්ම අප්පච්චි කිව්වෙ එයාලට."

"ඔයා මේ දේවල් දැනගෙනද එහේ හිටියෙ."

"නෑ. මන් ඒව දැනගත්තෙ දැනට මාසෙකට විතර කලින්."
මට පුදුම හිතුන.

"ඒකට මුල් වුන හේතුව මොකක්ද කියල මන් ඇහුවොත්"

"මන් පුන්චි කාලෙ ඉදන් ගොඩක් සැප වින්ද. ආස කරපු හැම දේම මට හම්බ උනා. මන් ඉස්කෝලෙ ගියා. පුලුවන් තරමින් ඉගන ගත්ත. අම්මල බල කරේ නෑ කිසිම දේකට. හරි සැහැල්ලුවෙන් හිටිය. ඒ ජීවිතේ වෙනස් වෙන්න ගියේ බොහොම පොඩි කාලයයි."

"ඔන්න ඒ පාර කල්පනා කරන්න පටන් ගත්ත."
ආයෙත් අර හිනාව.

"ඒලෙවල් කරල ගෙදර ඉන්න කාලෙ අක්ක බඳින්න කෙනෙක් ආව. එයා කොළඹ කෙනෙක්. එයත් එක්ක තමයි කොළඹට ආවෙ. එයාගෙ කම්පනි එකේ මට ජොබ් එකක් දුන්න. මාව ඒ අයියගෙ ගෙදරම තමයි නවත්ත ගත්තෙ. කිසිම අඩුපාඩුවක් කරේ නෑ. ඒත් ඒකම තමයි හෙනේට හිටියෙ."

"ඇයි එයාල ඔයාට වෙනස්කම් කරාද ඊට පස්සෙ."

"අනේ නෑ. ඒත්...."

"හරි ඉතින් කියන්න, ඊට පස්සෙ මොකද උනේ."

"මන් කියන්න යන මේ කතාවෙන් පස්සෙ අහම්බෙන් මීට් උනත් ඔයා මගෙ මූණවත් බලන් එකක් නෑ."

"ඒක එතකොටනෙ. දැන් කියන්නකො."

"දවසක් මන් වැඩ ඇරිල ගෙදර ආව කලින්. එදා අයිය පාටි එකක් කියල ලේට් වෙනව කිව්ව. මන් ඇවිත් වොශ් එකක් දාගෙන් කාල නිදාගන්න ආව. මන් නිදාගෙන ඉද්දි අයියගෙ තාත්ත කාමරේට ආව. ඇවිත් මගෙ ඔලුව අතගෑව. මන් හිතුවෙ ආදරේට කියල. ඒත් ටිකකින් එයාගෙ බලහත්කාරකම් වලට මට යටත් වෙන්න සිද්ද උනා. අම්මගෙ, අප්පච්චිගෙන් ගුටියක්වත් කාල නොතිබුන මන් එදා මගෙ ජීවිතේ අප්‍රසන්නම අත්දැකීම් වලට මූණ දුන්න. උනේ මොකක්ද කියල හිතාගන්න මට බැරි උනා. එදා ඉදන් දිගටම මට මේ දේට මූණ දෙන්න උනා."

"මේකට කරන්න ඕනි මොකක්ද? කියන්න ඕනි කාටද? මට මොනව වෙයිද කියල හිත හිතා ඉන්න කොට සතියක් විතර උනා. අන්තිමට මන් හිත හදා ගත්ත අය්යට කියන්න. පස්සෙ දවසක් වැඩ ඇරිල එන ගමන් මන් බයෙන් බයෙන්ම අය්යට මේක කිව්ව්."

"එතකොට එයා මොනාද කිව්වෙ.'
ඒ ඇස් වල කඳුලු බෝල ගුලි වෙලා. කොල්ලෙක් අඬනව දැකල තිබුනෙ නෑ මන්.

"මන් ජීවිතේ අහපු අප්පිරියම වචන ටික."

"ඒ මොකක්ද"

"ආහ් එහෙනම් තාත්ත මට කලින් වැඩ පටන් අරන් වගේ"
ඔහු එක හුස්මට කිව්ව.

මෙතනින් එහාට ඔහුගේ කතාව මගේ ප්‍රශ්න වලින් තොර උනා. ඇත්තම කිව්වොත් මාව ගොලු උනා. ඔහුගෙන් ප්‍රශ්න අහන්න තරම් ශක්තිමත් හිතක් මට තිබුනෙ නෑ.
ඔහු දිගටම කිව්ව. හරියට පොඩි එකෙක් ඉස්කෝලෙ වෙච්ච දේවල් ගෙදර ඇවිත් කියවනව වගේ.

"ඊට පස්සෙ හැමදාම තාත්තයි පුතයි මාරුවෙන් මාරුවට මාව පණ පිටින් මැරුව. මේක ඉවසන්න බෑ කියල හිතුන. හොරෙන්ම එහෙන් පැනල ගෙදර ආව. ඇවිත් කෑගහල ඇඩුව. අම්මටයි, අප්පච්චිටයි කිව්ව. ඒත් ඒකෙන් උනේ හැම දෙයක්ම කනපිට හැරුණු එක."

මන් ඒ මූණ දිහාම බලන් හිටිය.

"පුදුම වෙන්න එපා. ඒ තරමට ඒ අය්යව, එයාගෙ ගෙදර අයව අපේ අම්මල විශ්වාස කරනව. අන්තිමට අක්ක මැද්දට පැන්න. මගේ කම්මුලට පාරක් ගහල "වැඩකාරයොන්ව ඒ විදියට නොතිබ්බ එකේ විපාකෙ තමයි මේ"
කියල කිව්ව. මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. එදා තමයි මන් මේ හැම දෙයක්ම දැන ගත්තෙ. මගෙයි කියල තිබ්බ පොඩි පොඩි දේවල් ටික අරගෙන මන් එදාම ගෙයින් එළියට බැස්ස. මන් යන්න එනකොටම අය්ය ආව. ගෙදර අය මොකුත් නොවුන ගානට හිටිය. මට එදා මැරෙන්න තරම් හිතුන. ඒ කාටවත් කතා නොකර මන් ඇවිත් කොළඹ ආව. දන්න කෙනෙක්ගෙ මාර්ගෙන් තමයි මේ ජොබ් එක හොයා ගත්තෙ. ඒකත් දැනට සතියකට විතර කලින්."

"හෙට මට මොනව වෙයිද දන්නෙ නෑ. දැන් මන් මෙහෙට වෙලා ඉන්නව. සමහරදාට යාලුවන්ගෙ ගෙවල් වල, නැත්තම් බෝඩිමේ."

ඇතිවෙලා තිබුන අපහසුතාවය මග හරව ගන්න මන් වටපිට බැලුව. දැන් හොදටම අඳුර වැටිල. අඳුර අතරින් මට පෙනුන කව්ද පිරිමි කෙනෙක් අපි දිහාම බලන්  ඉන්නව.මන් ඉක්මනට බැලුවෙ පොඩි උන් දිහා. වැල්ලෙ මාලිගා හදන උන්ට රෑ වෙලා කියල මතක නෑ

"දැක්කද අර බලන් ඉන්න කෙනා."
එයා ඇහුව.

"කවුද ඒ"

"එයා තමයි අක්ක බඳින්න ඉන්න අයිය."

"එයා මෙහේ"

"එයාගෙ තාත්ත මාව අතහැරියට එයා මාව අතහැරියෙ නෑ."

"එතකොට අක්ක දන්නෙ නැද්ද."

"අක්කට එයාව ඉර හඳ වගේ විශ්වාසයි."

"ඔයා ඔය කරන්නෙ පලි ගන්න එකද?"

"දන්නෙ නෑ."

"ඔයා මහ ආත්මාර්තකාමී දුශ්ටයෙක්."

"වෙන්න ඇති. ඒත් මටත් හව්හරනක් ඕනි."

හිතන්න බැරි තරමට හිත ගල් ගැහිල වගේ දැනුණ. පොඩි උන් ටිකව අරගෙන ගෙදර එන්න ආව. ආපහු හැරිල බලනකොට මන් දැක්ක ඒ දෙන්න අත් අල්ලගෙන ඈතට ඇවිදන් යනව.

"හරියට අලුත බැඳපු ජෝඩුවක් වගේ" මගේ හිත කිව්ව.

"මටත් හව්හරනක් ඕනි" ඒ අහින්සක කටහඬ කන් දෙක ඇතුලෙ දෝ0කාර දුන්න.


ප . ලි.

වැල්ලෙ ටිකක් වැඩිපුර ඇවිද්දම කකුල් රිදෙන්න ගන්නව. ඒ උනාට මේ විදියට රට වටේටම ගිහින් එන්න තියනවනම්.....

රට වටේ යන්න කලින් මම කියන්න තියන දේ කියල ඉන්නම්කො.

මගේ අම්මගෙ ගම මීගමුව. ඉතින් අපි මෙහේ ඉන්නවටත් වඩා අවුරුද්දෙ වැඩි දවසක් ඔය පැත්තෙ තමයි ගත කරන්නෙ. ඉතින් ඔය වගේ එහේ ඉන්න දවසක හවස අපි කට්ටිය ගියා බීච් එකට. මොන හේතුවකටද දන්නෙ නෑ මට එදා මූදට පැනල නටන්න හිතුනෙ නෑ. ඉතින් මන් හතර වටේ ඇහැ දාගෙන ඇවිද ඇවිද හිටියා.  ඔන්න ඔහොම උන්න මගේ අත්දැකීමක් තමයි ඔය තියෙන්නෙ.

ප . ප . ලි.

මේකට මූලාශ්‍රය ප්‍රියා අය්යගෙන්.
මම නම් පාවිච්චියක් නෑ






8 comments:

  1. :O

    වචන නැත. පට්ටයි. සත්‍ය කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සි අක්කෙ. සත්‍ය සිදුවීමක්. එදා ඉදන් අද වෙනකල් මීගමුවෙ බීච් එකට ගියාම මන් එයාව හොයනව. ඒත් ආයෙ කවදාවත් මීට් උනේ නෑ.

      Delete
  2. හිතා ගන්න අමාරු උනා. ඔහොම උනුත් ඉන්නවා. ඔක්කොමත් හරි තමන්ගෙ දරුවෙක් ගානට හදා ගත්ත එකාව එලියට දාන්නෙ මොන හිතකින්ද? එක අතකට වදාපු උන් ගැන අනුකම්පාව නැති කාලෙ හදාපු උන් ගැන කවර කතාද?

    නියමයි නංඟි. අහන දකින දේවල් වලින් රසවත්ව ලියන්න ඔයාට හොද දක්ෂ කමක් තියෙනවා. ඒකෙ ප්‍රො‍යෝජනේ ගන්න දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බැරි උනා මුලින්ම. මට මන් ගැනම තරහක් ආව ඕන නැති දේවල් හොයන්න යනව කියල. ඇයි ඉතින් මේ කොල්ල කියන ඒව අහන් ඉන්නත් උනානෙ පණ්ඩිත ටෝක් දෙන්න ගිහිල්ල.

      තෑන්ක්ස් විශ් එකට. ලියන්නම්කො දිගටම. තව තියනව අහපු දැකපු දේවල්.

      Delete
  3. ලිවිල්ල දිගයි එත් කියෙව්වා ...ඔහොම යමු ..අර බිංදුව ටයිප් කරන්න එක්ස් අකුර පාවිච්චි කරලා බලන්න

    ReplyDelete
    Replies
    1. කොච්චර ට්‍රයි කලත් සමහර වෙලාවට සමරි කරගන්න බෑ මට. ඒක අඩු පාඩුවක් තමයි. ආයෙත් ලියනකොට බලන්නම්. තෑන්ක්ස් සහෝ වැරදි පෙන්නල දෙනවට.

      Delete
  4. අපරාදේ ඔය අක්කව බදින්න ඉන්න එකා කසාදයක් කොරගන්න යන්නේ.
    නියමෙට ලියල තියෙනවා..... දිගටම ලියමු. ජය.....!

    ReplyDelete
    Replies
    1. කවදාවත් මීට් වෙලා නැද්ද නිමෝ ඒ වගේ අයව. මම මේ ලගදි බන්ඩාරවෙල බස් එකේදිත් දැක්කා.

      අනේ අම්මප මටමනෙ මේව පේන්නෙ.

      Delete