Saturday, August 30, 2014

සමාව අයදිනු පිණිසය.................

මගේ ආදරණීය යාලුවනේ......

නොවැලැක්විය හැකි හේතුවක් මත කල් යල් (නො )බලා පලකල "මේඝ" නවතා දැමීමට සිදුවී ඇත. එයට හේතුව අනපේක්ශිත ලෙස මෙහි අවසානය වෙනස් වීමයි. මන්ද යත්.... 

 මා "මේඝ" ලියන්නට පටන් ගත්තේ බ්ලොගය ආරම්භ කළ කාලයේම කෙනෙකුගේ විශේෂ ඉල්ලීමක් මතය. මෙහි එකදු චරිතයක්වත් මට කෙදිනකවත් හමුවී නොමැත. නමුත් ඔවුන්ගේ කතාව මා යම්තාක් දුරට දනිමි.

 "අමන්දා" යනු ඇයගේ සත්‍ය නම නොවේ. කෙසේ නමුත් ඈ තම දරුවන් ස්වාමියා නිසා නින්දා අපහාස විඳි කාන්තාවක බව කිව යුතුය. ඇයට දුක් ගින්දර දුන් ඔවුන්ට ඇගේ අගය දැන් දැන් දැනී ඇති සෙයකි. එයට හේතුව පුරා දස වසරක නිහැඬියාවකින් පසු ඇගේ බලාපොරොත්තු ඉටු කරමින් ඔවුන් ඇය සොයා ඒමයි.

මා මේ කතාව ලියන්නට පටන් ගෙන ඇති බව ඈ දනී. මට දුරකථන ඇමතුමක් ලැබිණි.

කියන්න 

** මේ මාර වැඩේනෙ

ඇයි මොකද ලොක්ක පඩි වැඩි කරලද

** පඩි වැඩි කරලනම් ඔයාට කියනවද අනේ සද්දනැතුව ....

ඔව් ඔව් මං දන්නව සද්ද නැතුව හතරවටේ ඉන්න උන් එක්ක කරන ඒව

** ඒක නෙවෙයි අර කතාවට ඇණයක් වගේ. නවත්තන්න වෙයිද දන්නෙ නෑ.  ඇන්ටි ඇවිත් මාව                       හම්බවෙන්න. ඔන්න ඔයාට කතාකරන්න ඕනිලු. කතාකරල බලනවකො.

...................

 ** හෙලෝ, පුතේ 

* ඔව්, ඇන්ටි කියන්න.

** පුතේ ඔයා නම් මාව අදුනන්නෙ නෑ. ඒත් මගේ කතාව නම් දන්නවනෙ.

ඒකනෙ ඇන්ටි. 

** පුතේ ඔයා ඒ කතාව ඔක්කොම දැම්මද.

ම්ම්ම් තාම එක කොටසයි දැම්මෙ ඇන්ටි. දන්නැද්ද ඉතින් හැමදේම දාන්න බෑනෙ. කපල කොටල හදනව      මං.

** ඔයාට ඔය කතාව නවත්තන්න පුලුවන්ද

* ඇයි ඇන්ටි

** කතාව වෙනස් වෙයි පුතේ

* ඉතින් හොඳයිනෙ ඇන්ටි, කමක් නෑ අපි අවසානෙ වෙනස් කරමු.

එපා පුතේ. ඔයා ඕක ලිව්වොත් මගේ කතාව ආයෙත් වෙනස් වෙයි. ඒක නවත්තන්න

** ඇන්ටි.

**  ඒක නවත්තන්න පුතේ. ඔයාට පින් සිද්ද වෙයි. මොකද කවද හරි මේක දුව දැන ගත්තොත් ආයෙත් එයා        යයි. එක විදියක දරුවෙක්නෙ. අනික එයා ගියොත් ත්ත් ආපහු යයි. එයා මං ළඟට ආවනෙ පුතේ.        මට ආයෙත් එයාව නැති කර ගන්න බෑ.


තවත් කතා කළයුතු දෙයක් නැත. මම කතාව නවතා දැමීමට තීරණය කළෙමි. ඒ අරවැනි අසික්කිත දරුවෙකුට බයෙන් නොව ඒ අහිංසක අම්මා නැවතත් තනි වේ යැයි සිතුණු නිසාවෙනි. ඒ ස්වාමියා ගැනද මා සිතෙහි පැහැදීමක් නැත.


මට සමාවෙන්න...............

17 comments:

  1. අය්යෝ.... කමක් නෑ... අවසානය හරි සතුටක් ලැබෙන්න ඇති ඒ කෙනාට.. කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ලොකු සතුටක් වෙන්න පුලුවන් උනොත් එහෙමයි සිහින. ඒත් මට විශ්වාස නෑ.

      Delete
  2. මේ තියෙන්නේ ඒ කතාවට යේ හොඳින්ම ගැලපෙන අවසානයක්, යේ අමුතුවෙන් අවසාන මොකටද, ඇත්ත සිදුවීම් කතා ගොඩ නගන්න පරිකල්පන වලට වඩා වටිනවා උනත් ඒ වාගේ තියෙන සීමාවන් එක්ක පරිකල්පනයට හොඳයි කියලා හිතෙනවා, කමන් නෑ කාට හරි යහපතක් වෙනවනම් එකනේ වෙන්න ඕන එකම දේ. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අම්මගෙ හිත සුව පිණිස මං මේක නැවත්තුව. ඒත් කවද හරි මේ අම්ම තනි උනොත් මං මේක ආයෙත් ලියනව. හැබැයි ප්‍රාර්ථනා කරන්නෙ එහෙම වෙන්න එපා කියල

      Delete
  3. එහෙනං ඉතිං මේක නිර්මාණයක් නෙමෙයි නේ.. මේ වගේ මිනිස්සුත් එක්කයි මට තරහ එන්නේ.. නිර්මාණයක් දිහා නිර්මාණශිලිව බලන්නවත් රස විදින්නවත් බැරි එකට.. අවුලක් නැහැ. මීට පස්සෙවත් පාඩමක් ඉගෙන ගන්න.. නිර්මාණයකදී කවදාවත් අපි බලපෛාරොත්තු වෙන අවසානයක් ඇත්තෙම නැහැ. සමහර විට නොදැනුවත්වම අවසානය ලැබෙන්නේ ලේඛකයාත් අන්දමන්ද කරමින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකතුමා. මං මේක දිගටම ලියනව මාව නාදුනනම කෙනෙක් උනානම්. එතනයි ප්‍රශ්නෙ. කොහොම උනත් මාත් පාඩමක් ඉගන ගත්ත

      Delete
  4. සෑහෙන්න දුක් විදපු කෙනෙක්ට නිර්මාණය නිසා ආයෙත් දුකක් එකතු වෙනවා නම් කමක් නෑ. නවත්තපු එක හොදයි.!

    ඒත් දිගටම හොද නිර්මාණ කරන්න!!

    ReplyDelete
    Replies
    1. නිර්මාණ නවත්තන්නෙ නෑ. අත්දැකීම් ආශ්‍රයෙන් ලියන ඒව සීමා කරනව.

      මමත් මේක නැවැත්තුවෙ ඒ හේතුව නිසයි ප්‍රියා අයියෙ

      Delete
  5. එහෙමද ... කතාව නවත්තන්නේ අහිංසක අම්ම කෙනෙක් නිසා නම් කමක් නෑ..
    ඔබේ නිර්මාණ හැකියාව තවත් ආරම්භයක් ලබා දෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි මාත් එක්ක ඉන්නවට. අලුත් දෙයක් ඉක්මණට පෝස්ට් කරන්නම්

      Delete
  6. කමන් නෑ නංගො, අනික සමාව ඉල්ලන්න තරන් දෙයක් නෙමෙයිනේ මේක.

    කොහොම හරි මොකක් හරි වෙලා ඔයා ලියන්න පටන් ගත්තු කතවේ වර්තමානයට මං හරි කැමතියි. මොකද ආයෙත් ඒ අම්මට තමන්ගෙ පවුල ලැබිලනේ...

    සතුටින් ඉන්න..

    ReplyDelete
    Replies
    1. ඒ වර්තමානෙම අනාගතෙත් තියේවා කියල විශ් කරමු නේද අපි

      Delete
  7. අයියෝ........ කමක් නෑ නංගා මේ අවසානය වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු අපි බස්සියො. අනාගතේ වෙනස් වෙයිද දන්නෙ නෑනෙ

      Delete
  8. හ්ම්ම්.. අනාගතය ඊට වඩා වෙනස් වෙයි කියලා අපි හිතමු..

    ReplyDelete
  9. ඔව් දිනේශ් අපි එහෙම හිතමු.

    ReplyDelete