
එන්න, මට දෙන්න
ඔය තෙත් පැහැති හදවත...
ඔබ මොබ යමින් විඳින්න
හාදුවක තවරා මදහස මුදාලන්න...
එන්න, මට දෙන්න
ඔය තෙත් පැහැති හදවත...
බිඟු නේන රාත්‍රියක
සඳ එළිය තැවරූ තාරකා රසකැවිල්ලක
අරුමැසිය විඳගන්න...
එන්න මට දෙන්න
මට දෙන්න....
ඔය තෙත් පැහැති හදවත
ඉකිබිඳුම් ඕනෑම නෑ ඔන්න
මදහසට පුළුවනිය ස්වප්න මැද තැවරෙන්න
ඉඳහිටක කොපුලත සිඹ,
ආදරේ යැයි මුමුණන්න
එන්න මට දෙන්න...
ඔය තෙත් පැහැති හදවත
No comments:
Post a Comment