සිත පතන සුව පහස අහිමිව
ඉකිබිඳින සිතත් ගුලි කර
සෙනෙහසින් සිනා ගෙන එන
නුඹ නොවෙද යශෝධරා..
දිළිසෙනා කසී සලුපිළි
සරණ වීදියේ කලබල
පා නගා යනෙන නුඹ ගත
දල පිළී රැදී..
සුව යහන් අහිමි කුමරෙකු
තදකරන් ළයට සෙනෙහෙන්
රිදුම් දෙන දෙපා සඟවයි
මිරිවැඩිත් නැතී..
කප්පරක් සිහින ගුලිකර
ඉන්මතුත් නොලැබ ඉසිඹුව
හිමිසදුන් නො එන පෙරමග
දෑස ගැටි ගැටී..
මත් නෙතින් බමන වියරුව
තෙත් සිතින් මකා මගහැර
හෙට දිනක් උදාවන තුරු
මෙත් බුදුන් යදී..