පාවෙලා අතීතෙට පුරුදු සුවදක් ගාව
නැවතුනා ඩිංගකට ලෝබ ඇතුවම ඊට
හිතුනනං ඔයාටත් ඇවිත් යන්නට එහෙම
ගැන්නහැකි අහසෙ තරු වෙන කතාවක් මොකට
ඉඳහිටක රස බලන අයිස් පලමක දෙහෙක
රහත් දැන් අපුලයි කන්නෙ නෑ ආයෙත්ම
අමුතුවෙන් ඩයටිං ඕන නෑ ඉතිං තව
දැං මං ගොඩක් ස්ලිම්, දැක්කාද?? නෑ නේද
අහ් අමතක උණා.....
ඉස්සරම අපි දැක්ක ලස්සනම තනි තරුව
දැන් ඌට තනි නෑ කෙනෙක් ඇවිදින් ලගට
පුංචි පැටවුන් අරන් අම්මලා පෝලිමට
ඒවි, හෙට උදෙන් මං යන්නෝනිනේ වැඩට
දැන් උබත් තාත්තෙක් නේද බං මගෙ මැනික
නෝනවත් අරං හෙට උදෙන් එනවා නේද
දඟ මල්ල පුන්චි කෙලි පොඩ්ඩ හුරතල් පාට
ආදරෙයි ඉතිං මං උබෙ පවුලෙ හැමෝටම