නුඹ එනවාද බිං කළුවර හංගාන
නොකියන වෙහෙස දෙනෙතින් පැන නැංගාම
දෙකොපුල් තෙමමි කාටත් හොර රහසේම........
දෙවැටේ පිච්ච මල් සුවඳට හිත යනවා
පෝයට පුරා හඳ බැලු හැටි සිහිවෙනවා
මිදුලේ පහන් පැල සුසුමින් සසැලෙනවා
ලා සඳ එළිය මැද උලමෙකු ඉකිළනවා..........
සිතිවිලි කොණිත්තයි හදවත නිමක් නැතී
සේයා රුව අදයි දුටුවේ දෑත බැඳී
එකින් එක හැදිමි මංගල ඇඳුමෙ රැළී
හැඩයි එදාටත් වැඩියෙන් මගේ හිමී.........
අහිමි උන ආදරයක් ආයෙම හදිස්සියේ මොහොතකට හරි මුණ ගැහෙද්දී වේදනාව වැඩියි..
ReplyDeleteඒත් හැමදාම මුණගැහෙනවා නම්... කවුරු කාගෙන්ද හැංගෙන්න ඕනි....ඒක මට ප්‍රශ්නයක්... උත්තරයක් නැති...
Deleteහරි අපූරුයි....
ReplyDeleteසැහෙන කාලෙකින් තනූජව දැක්කෙ මක්කෙයි වුනේ...
හිතට දැනෙන අපූරු ඒත් දුක ඇතිරුණ කවි පොඩ්ඩක්
ජයෙන් ජයම වේවා
ටිකක් නිහඬ වෙලා ඉන්න හිතුනා.. දැන් හරි.. ඔන්න ආයෙත්ම මං ආවා. කියන්න වචන නෑ... මං නිහඬ උනත් මේ පැත්තට ආවනෙ... ස්තුතියි මහී...
Deleteනියමයි
ReplyDeleteකවි පෙළ ඇතුළෙ ලොකු කතන්දරයක් තියෙනවා වගේ
ජය!
ඔව් වර්ණ...
Deleteමං දන්න තරමින් පළවෙනි වතාවට මගේ බ්ලොග් එකේ දැක්කෙ.. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා...
කතන්දරේ ඕනම විදියකට හදාගන්න පුලුවන්...
යන්න කියල අතෑරියට, හුලඟ වගේ මතකය ආපහු එද්දී මොනවකරන්නද කියලා කවුරුහරි කියල දෙනවනම්.....
ReplyDeleteජය වේවා.....
කටුස්සෝ ඒක මේ ලෝකෙ හැටි... හිතට දරාගන්න පුලුවන් තාක් කාලයක් අපි කෙලින්.... බැරි වෙන කාලෙක මොනව වේද කියන එක හිතන්න අමාරුයි...
Deleteඅවුරුදු ගානක් උස් මහත් වෙච්ච ගසුත් සුළි සුළඟට කඩන් වැටෙන එකේ, හැඟීම් එක්ක ඔට්ටු වෙන හිත මොකක්ද???
හිමි අහිමි වූ සඳ...
ReplyDelete(කවි ප්‍රෙහේලිකා විසඳන එක ලේසි නැහැ... ඔළුව මඥ්ඥං වෙනවා කවදහරි මේ කවි නිසා...)
කවි හරි සුන්දරයි ලොකු පුතේ... දකින විදියට විඳින්න පුලුවන්.... වැඩිය හිතන්න එපා... විශලේෂණ ඔලුව අවුල් කරනව වෙලාවකට...
Deleteගොඩ දවසකින් . . .
ReplyDeleteලස්සන කවි පෙළක් තනුජා . . .