Tuesday, May 27, 2014

අපේ මතකය....


"කෙල්ලො ඕනෑවට වඩා දග වෙන්න හොද නෑ"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"හිනාවෙන්න එපා ඔච්චර හයියෙන්"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"කොටට අදින්නෙ නෑත්තම් හොදයි"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"කොන්ඩෙ කපන්න එපා. එතකොට කොල්ලෙක් වගේනෙ"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

"මට දෑන් එපා වෙලා"

ඔයා කිව්වා....

මම අහන් හිටියා,

...................................................................

"අලුත් සෙට් එක ආව නේද?"

හ්ම්ම්ම්ම්.........

මන් දෑක්කා......

මොනවද?

මුකුත් නෑ....

මොනවද දෑක්කෙ?

මුකුත් නෑ........

ගෑනුලමයි ටික වෙන්නෑති....

...............................................................................................

"දෙයක් කියන්න තියනව මට"

ඉතින් කියන්න

"අපි ගෑලපෙන්නෙ නෑ කියල ඔයාට හිතෙන්නෙ නෑද්ද?"

මම ප්‍රශ්නයක් අහන්නද

හ්ම්ම්ම්ම්.....

මාව වෙනස් කලේ කවුද කියනවද?

"මම දන්නෙ කොහොමද? ඔයා කොහොමත් හිතුවක්කාරිනෙ."

මට ඕනෙ මගෙ ප්‍රශ්නෙට උත්තරයක්....

"ඔයාට උත්තර දෙන්න මට බෑ... අනික මීට පස්සෙ කොහොමටත් ඔයාගෙ ප්‍රශ්න වලට මන් උත්තර දෙන්නෑ."

හේතුව......

"අපි ගෑලපෙන්නෙ නෑ"

අදද හිතුනෙ.

.........................................................................












සිතට හොරා නුබ හොයන විට නෙත

පාලු මාවත ඈත ඉම තෙක්
කදුලුබොද වී නොපෙනුනා රුව
කහ පාට මල් මාවතේ

සිනා හසරෑලි සමග එක්වී
දසත විසිරුනු මුදු පවන් රෑලි
ඉකිබිදින හඩ මටම ඈසුනා
පාලු වී ගිය ග0 තෙරේ

දෑත් අල්ලා එක්ව ගිය මග
සොයා යද්දී අපේ මතකය
ඉදින් දුටුවා නුබෙ මුවමල
ඈගෙ දෙකොපුල් සිබිද්දී

                      -මම ඔයාගෙම දේදු-

2 comments: