Tuesday, November 4, 2014

යන්න නුඹ ගියා....




පිච්ච මල් සුවඳ අරගෙන
හොර හොරෙන් ඇවිත් මද නල
ඉස්සරම දවස් මතකෙට 
හෙමින් ලං කලා.......

ඈත හීන ලොවක ඉඳන්
පාට සේද සලු අතරින්
එබෙන නුඹේ නපුරු මූණ
මට හිනා උණා......

නින්ද නැති රැයේ තුන්යම
සවන් පත් අතර රැඳෙනා
නුඹේ මුනු මුනුව
දෑසට කඳුලු එක්කලා........


සිත් පුරා බැඳුනු ප්‍රේමය
මටම උරුම කර සදහට
වෙන සිතක් සොයා විගසින්
යන්න නුඹ ගියා....

19 comments:

  1. / නින්ද නැති රැයේ තුන්යම
    සවන් පත් අතර රැඳෙනා
    නුඹේ මුනු මුනුව
    දෑසට කඳුලු එක්කලා......../
    පුරුදු දේවල් නැතිවුනහම දරාගන්න අමාරුයි තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් කටුස්සෝ... ඒක අමාරු වැඩක්. ඒත් බලෙන් ලබාගන්න බෑනෙ ආදරේ.

      මගේ බ්ලොග් එකට අලුත් නිසා ඔන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා.

      Delete
  2. වෙන්වීමේ වේදනාව............ කණාගාටුයි.. ඒත් කවිය ගැන නම් සතුටුයි

    ReplyDelete
    Replies
    1. වෙන්වීම කටුකයි තමයි කුරුටු, ඒත් ලියන සියල්ල අත්දැකීම් නෙවෙයි කුරුටුවෝ... කවිය ලස්සනයි නම් මට ඒ ඇති.

      Delete
  3. වෙන්වීම කාටත් පොදුයි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දිනේශ්. ඕක සමසිතින් විඳ දරාගන්න වෙනව කාටත්.

      Delete
  4. ගිය දවසෙ ඉදල
    දවස තිස්සෙම මතක් වෙන
    උඹේ මූණත් තහඩුව
    ටකරං තහඩුවක එල්ලල
    වැහුව අපේ වහලෙ හිල්...........

    අපූරුයි තනූජා ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි දුක දැන්
      වහලෙ දැක්කම මතක් වෙන්නෙත්
      උඹ බං..
      එන්න පුලුවන් නං
      නොයන්නම ඇවිත්
      ඉඳපං...

      අහා මහීට මගෙන් උත්තරයක්.

      Delete
  5. පිව්ව මල් කිව්වම මං නෑවිත් ඉන්නවද පනේ.. හැක්

    ReplyDelete
    Replies
    1. අපොයි දේශකතුමා... එන්න නම් එපා... මටත් මේ යන්න තැනක් නැතුව ඉන්නෙ
      හැක් හැක්..

      Delete
  6. ඔය යන අය අපිට ඉතිරිකරල යන මතකයත් අරන් යනවනම් අපිට මෙච්චර දුක නෑනේ .

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ හංසියො. යන්නෙ අපිව මතකවල අතරමං කරලා. පාර හොයාගන්න අමාරුයි

      Delete
  7. වෙන් වෙන්න දැං ලගයි. .. ලං වෙන්න බෑ දුකයි....

    ReplyDelete
    Replies
    1. විදානෙ මහත්තයටත් වෙච්ච වැඩක් වගේ...

      වෙල්කම් ටු මයි බ්ලොග්...

      Delete
  8. යන අය කොහොමත් යනවම තමා නංගා. මොනා කරන්නද උන්ට අපි ලඟ ඉන්න බැරුව ඇති.....


    ඒත් කවිය නම් ලස්සනයි....

    සුභ දවසක්....

    ReplyDelete
    Replies
    1. යන අයට ආදරේ නිසා දුක වැඩියි

      Delete
    2. ඇත්ත ඒත් මොනා කරන්නද යනවානේ

      Delete
  9. අහල පුරුදුයි වගේ... O.o

    ReplyDelete
    Replies
    1. සිහින ලෝකෙදි වෙන්ටැ :)

      Delete