Friday, November 28, 2014

අපි (ii)

  


අත අතැ'ර යන්න මට

හිත වාරු නැතිවාට
සිතිජයට එහා ගිය 
නුඹෙ දෑස පෙනෙයි මට



එක ළඟින් තිවු පාද

රටා මකමින් හොරට
විසිරුවා පෙණ බිඳිති
රළ නැගෙයි ඔච්චමට


නුඹ දුටුවෙ නැතිවාට

අදත් ගිම් නිවන ඉර
හැමදාම වාගේම
හාදු දෙයි සිඳු තෙරට....


අපි (i)

8 comments:

  1. එක දෙයක්
    නැති විට
    කුමට තැවෙනුද
    සොයනු තවෙකක්

    ReplyDelete
    Replies
    1. අපොයි.... අත්තෙන් අත්තට පනින්න බැරියෝඕඕඕඕඕ...

      Delete
  2. අහ් හා එහෙමද කියන්නේ එතකොට....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්. එහෙම තමයි සිහිනයෝ...

      Delete
  3. නුඹට නොපෙනෙන ලොවට නොදැනෙන මගේ ආත්මයම සොරාගත් මගේම නොවන මගේම ආදරය ... හ්ම්ම් .....

    ReplyDelete
    Replies
    1. "මට මගේම නොවන මගේම ආදරයක් තිබුනා" කියන්නෙ ඕකටනෙ හංසියෝ

      Delete
  4. ලස්සන පද පෙළක්............ නියම රචනාවක්..................

    ReplyDelete