Wednesday, February 3, 2016

ගෙත්තම






පාවෙන සේද වලාකුලු ගෙන
වියන්නට හැකිදැයි විමසමි
තුනී සිනිදු සලුපට...
ඉදිකටු තුඩට පැටලී
ඉරී යත්දැයි බියෙන්
හෙමි හෙමින් දවටමි
හෝරා දෙක තුනක්ගෙන..
අවසන හිතම රිදවා ගමි
නුඹෙන් නැගෙනා
සමච්චල් සිනහව මැද..

3 comments:

  1. අවුරුද්දකට විතර පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ. සන්තෝසයි..
    හැබැයි ඒකත් දුක හිතෙන කවියකින්...

    පොඩි ගතියක්තියෙයි. ලොකුවටම නෙවී.. මොකක්පහරි නුහුරු ගතියක් තියෙයි කවිය ඇතුලෙ. පද වල එහා මෙහා අවුලක්ද මංද
    කෝම වුණත් ආයෙ ලියන එක ගැන සතුටුයි..

    වෙල්කම් බැක් කිව්වා

    ReplyDelete
  2. හ්ම්ම් එහෙම එකක් තියෙනව තමයි... කමක් නෑ අනේ.. පස්සෙ වෙන එකක් දාන්නම්.... මං කාලෙකින් ආවත් මාත් එක්ක ඉන්න එකට බොහොම ස්තුතියි.....

    ReplyDelete
  3. ඇයි මේතරමට දුකකින් . . .

    ReplyDelete