පිච්ච මල් සුවඳ අරගෙන
හොර හොරෙන් ඇවිත් මද නල
ඉස්සරම දවස් මතකෙට
හෙමින් ලං කලා.......
ඈත හීන ලොවක ඉඳන්
පාට සේද සලු අතරින්
එබෙන නුඹේ නපුරු මූණ
මට හිනා උණා......
නින්ද නැති රැයේ තුන්යම
සවන් පත් අතර රැඳෙනා
නුඹේ මුනු මුනුව
දෑසට කඳුලු එක්කලා........
සිත් පුරා බැඳුනු ප්‍රේමය
මටම උරුම කර සදහට
වෙන සිතක් සොයා විගසින්
යන්න නුඹ ගියා....
/ නින්ද නැති රැයේ තුන්යම
ReplyDeleteසවන් පත් අතර රැඳෙනා
නුඹේ මුනු මුනුව
දෑසට කඳුලු එක්කලා......../
පුරුදු දේවල් නැතිවුනහම දරාගන්න අමාරුයි තමයි...
ඔව් කටුස්සෝ... ඒක අමාරු වැඩක්. ඒත් බලෙන් ලබාගන්න බෑනෙ ආදරේ.
Deleteමගේ බ්ලොග් එකට අලුත් නිසා ඔන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා.
වෙන්වීමේ වේදනාව............ කණාගාටුයි.. ඒත් කවිය ගැන නම් සතුටුයි
ReplyDeleteවෙන්වීම කටුකයි තමයි කුරුටු, ඒත් ලියන සියල්ල අත්දැකීම් නෙවෙයි කුරුටුවෝ... කවිය ලස්සනයි නම් මට ඒ ඇති.
Deleteවෙන්වීම කාටත් පොදුයි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..
ReplyDeleteඒකනෙ දිනේශ්. ඕක සමසිතින් විඳ දරාගන්න වෙනව කාටත්.
Deleteගිය දවසෙ ඉදල
ReplyDeleteදවස තිස්සෙම මතක් වෙන
උඹේ මූණත් තහඩුව
ටකරං තහඩුවක එල්ලල
වැහුව අපේ වහලෙ හිල්...........
අපූරුයි තනූජා ජයෙන් ජයම වේවා
ඒකම තමයි දුක දැන්
Deleteවහලෙ දැක්කම මතක් වෙන්නෙත්
උඹ බං..
එන්න පුලුවන් නං
නොයන්නම ඇවිත්
ඉඳපං...
අහා මහීට මගෙන් උත්තරයක්.
පිව්ව මල් කිව්වම මං නෑවිත් ඉන්නවද පනේ.. හැක්
ReplyDeleteඅපොයි දේශකතුමා... එන්න නම් එපා... මටත් මේ යන්න තැනක් නැතුව ඉන්නෙ
Deleteහැක් හැක්..
ඔය යන අය අපිට ඉතිරිකරල යන මතකයත් අරන් යනවනම් අපිට මෙච්චර දුක නෑනේ .
ReplyDeleteඅන්න ඒකනෙ හංසියො. යන්නෙ අපිව මතකවල අතරමං කරලා. පාර හොයාගන්න අමාරුයි
Deleteවෙන් වෙන්න දැං ලගයි. .. ලං වෙන්න බෑ දුකයි....
ReplyDeleteවිදානෙ මහත්තයටත් වෙච්ච වැඩක් වගේ...
Deleteවෙල්කම් ටු මයි බ්ලොග්...
යන අය කොහොමත් යනවම තමා නංගා. මොනා කරන්නද උන්ට අපි ලඟ ඉන්න බැරුව ඇති.....
ReplyDeleteඒත් කවිය නම් ලස්සනයි....
සුභ දවසක්....
යන අයට ආදරේ නිසා දුක වැඩියි
Deleteඇත්ත ඒත් මොනා කරන්නද යනවානේ
Deleteඅහල පුරුදුයි වගේ... O.o
ReplyDeleteසිහින ලෝකෙදි වෙන්ටැ :)
Delete