අත අතැ'ර යන්න මට
හිත වාරු නැතිවාට
සිතිජයට එහා ගිය
නුඹෙ දෑස පෙනෙයි මට
එක ළඟින් තිවු පාද
රටා මකමින් හොරට
විසිරුවා පෙණ බිඳිති
රළ නැගෙයි ඔච්චමට
නුඹ දුටුවෙ නැතිවාට
අදත් ගිම් නිවන ඉර
හැමදාම වාගේම
හාදු දෙයි සිඳු තෙරට....
අපි (i)
එක දෙයක්
ReplyDeleteනැති විට
කුමට තැවෙනුද
සොයනු තවෙකක්
අපොයි.... අත්තෙන් අත්තට පනින්න බැරියෝඕඕඕඕඕ...
Deleteඅහ් හා එහෙමද කියන්නේ එතකොට....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්. එහෙම තමයි සිහිනයෝ...
Deleteනුඹට නොපෙනෙන ලොවට නොදැනෙන මගේ ආත්මයම සොරාගත් මගේම නොවන මගේම ආදරය ... හ්ම්ම් .....
ReplyDelete"මට මගේම නොවන මගේම ආදරයක් තිබුනා" කියන්නෙ ඕකටනෙ හංසියෝ
Deleteලස්සන පද පෙළක්............ නියම රචනාවක්..................
ReplyDeleteස්තුතියි කුරුටු....
Delete