Wednesday, May 28, 2014

ජීවිතය නම් නුඹම විය..















"මා සදට කැමති බව දැනගෙන
ඔබ සද අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්..."

වරක් දෙවරක් නොව ......... කිහිප වරක්ම මා එය ඇසීමි.

හදවතට දැනෙන්නේ දුකක්ද, කෝපයක්ද යන්න මට නොහැගේ.
ගෙවී යන සෑම තප්පරයක්ම කල්ප කාලයක් සේ මට දැනේ.
ඒ හැම මොහොතකම දෙසවන් තුල දෝ0කාර දෙන නුබේ හඩ, දෑස් ඉදිරිපිට මැවෙන නුබේ රුව හදවතට රිදුම් දෙන තරම්....

______________________________________________________

"ඔයාට අහන්න දෙන්න ලස්සන සින්දුවක් තියනව"

"ඒ මොකක්ද"

"අහන්නකො ඉතින්"

"දැන් වෙලා නෑ අනේ"

"හරි ඉතින්, කොහොමත් දැන් අහන්න එපා, බ්ලුටූත් ඔන් කරන්නකො."

"හ්ම්ම්, ඔන්න දැන් හරි,  එවන්න"

"හැබැයි ඔන්න දැන් අහන්න බෑ හොදේ. ගෙදර ගිහින් අහලා මට හෙට කියන්න."

"අනේ ඔයාගෙත් මල කෝල0. මට පරක්කුයි. මන් යනව."

"වෙනදටත් මාත් එක්ක පරක්කු වෙලානෙ යන්නෙ ඔයා. මොකද මේ වෙලා තියෙන්නෙ."

"ඔයත් දැන් විකාර කියවනවද  අපෙ අම්ම වගෙ"

"නැන්දට මුකුත් කියන්න එපා චූටි"
_________________________________________________

"මොකද චූටි අද පරක්කු උනේ."

"අයියෝ අම්මි අර මල වදේ මට සින්දු වගයක් දෙන්න ගිහින් පරක්කු උනේ. කෝ තාත්ති ආවද"

"හ්ම්ම් ඔය ඉන්නෙ"

"චූටි"

"ඇයි අම්මි"

"මල වදේ කිව්වෙ දෙනෙත්ටද"

"නැතුව ඉතින්"

"මුල අමතක කරන්න එපා චූටි"

"හරි හරි, එයාට මොනා හරි කිව්වම අම්මිට හරියට කේන්ති යනවනෙ. එයත් එකයි, ඔයත් එකයි."

"යනව නෙවි, එනව. තාත්තත් එකයි, දුවත් එකයි."

_______________________________________________

"චූටි සින්දුව ඇහුවද"

"තාම නෑ. දැනුයි ෆෝන් එක අතට ගත්තෙ. මන් අහන්නම්කො."

"හ්ම්ම්"

"මල වදේ"

"නින්ද නැතුවම මැව්ව සිහිනෙට
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට..."

මේ මොන මල විකාරයක්ද. මට වෙන වැඩ නැතුවට මේ කෝල0 අහ අහ ඉන්න.
ඕන දෙව්ලියක් හොයා ගන්න කිව්වනම් හරි.

"චූටි, මොකද මේ තනියෙන් කියවන්නෙ"

"ඔයාගෙ මහ ලොකු පුතාගෙ වැඩ වලට මන් මේ කිව්වෙ."

"මට නිදහසේ කන්න බොන්න අදින්න විදියක් නෑ, කොහෙවත් තනියම යන්න නෑ, ඉස්සර ඉදන් උදව් කරපු ඒවට මාව බිල්ලට ගන්නද දන්නෑ හද....."

"චූටි"

"දෙනෙත් ඔයාට වදයක් නම් තව දුක් දෙන්නෙ නැතුව ඈත් වෙන්න චූටි.
ඔයාලට එපා උනාට ඒ ලමය මට ඕනි.
දන්න දා ඉදන් ඔයාගෙ දුක සැප බැලුවෙ වෙන කවුරු හරිද චූටි."
_________________________________________________

"චූටියො"

"හ්ම්ම්"

"තරහින්ද ඔයා"

"නෑහ්"

"සින්දුව ඇහුවද"

"හ්ම්ම්ම්"

"මොකද හිතුනෙ"

"මොනව හිතෙන්නද අනේ"

"හිතන්න මුකුත්ම නැද්ද චූටි"

 "දෙනෙත් අයියෙ"

"හ්ම්ම්ම්"

"කියන්න දෙයක් තියනව මට."

"කියන්න බබෝ"

"මන් ගැන බලාපොරොත්තු වෙන්න එපා."

"ඇයි ඒ කියල කියනවද මට"

"මන් කෙනෙක්ට ආදරෙයි"

"කවුද ඒ"

"පියුමික"

"අර මෙඩිකල් ෆැකල්ටි එකේ උස ලමයද"

"හ්ම්ම්ම්"

"කමක් නෑ චූටි, මේ පාර දිගේ මන් හැමදාම එනව, ඔයාට හති වැටුන දවසක වෙනද වගේම දුවගෙන ඇවිත් හරී මහන්සියි කියලා මගේ අතේ එල්ලෙන්න චූටි. මන් බලන් ඉන්නව."

- මතු සබැදි -












10 comments:

  1. හරිම ලස්සනයි සංකල්පනාව.
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  2. තැන්කියු, ආමන්ත්‍රන පදය "මාමා" වෙන්න ඇති නේද? :)

    ආයෙත් ආවොත් ඉතුරු ටිකත් බලන්න පුලුවන්.

    ReplyDelete
  3. ලස්සනයි දිගටම ලියන්නෝ.

    ReplyDelete
  4. තැන්කියු, එහෙනම් ආයෙත් එන්නකො මේ පැත්තට.

    ReplyDelete
  5. මට කියන්න මොකුත්ම මතක් වෙන්නෙ නෑනෙ නගෝ.
    ම්ම්ම්ම්ම්..... මෙහෙම කියන්නන්කෝ
    ඇත්තටම කතාව ලස්සනයි හොදද.
    දිගටම ලියන්න.
    සුභ පැතුම්.
    මන් ඔයගේ මතන්, සඳ

    ReplyDelete
    Replies
    1. සී එස්, කැඩ් වලට යට නොවී මේ පැත්තටත් ඔලුව දාන්න හොඳේ

      Delete
  6. ලස්සන තැනකින් පටන් අරන් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද හැදුව ඔන්න.
      මගේ ආසම සින්දුවකින් පටන් ගත්තෙ.

      Delete
  7. ලස්සනයි නඟා. තුන්වෙනි කොටසත් ඉක්මනට දාන්නකෝ....

    ReplyDelete
    Replies
    1. දාන්නම් ඉක්මනට.
      මේ දවස් වල පොඩ්ඩක් බිසී අක්කො (ඩිප් එකේ සෙමෙස්ට එග්සෑම් ළඟයි )
      ලැප් එකට ඔලුව ඔබන් ඉද්දි අම්ම හැඳි මිටෙන් සත්කාර කරනව.

      Delete