නිහඩ රැය පුරාවට
දෙසවනට වෑහෙනා
මියුරු රස ගුලාවට
නොදැනුනා නොහැගුනා
කාලය ගෙවෙනා අරුමය,
අතොරක්ව ගලා යයි...
ආගිය කතා....
දවසේ විත්ති....
හිත රිදුනු කාරනා....
ඉදහිට පු0චි වලියක්,
නැතිනම් නෑ රහක්
ආයෙමත් ආදරෙන්
මුමුණයි හෝරාවක් දෙකක්,
එකවරම නැවතී
ගලා ගිය ආදර ගගුල්
ඇය කරයි පුන්චි ඉගියක්
තරමක් තදින්
"you have missed a one minute"
ලස්සන වචන ගෙතුමක්
ReplyDeleteතැන්කියු බස්සි අක්කෙ,
ReplyDelete//ඉදහිට පුංචි වලියක්,
ReplyDeleteනැතිනම් නෑ රහක්// මේකනම් පට්ටම ඇත්තක්. සිරාවටම.
ලස්සනයි නංගි පද ටික.
ඒව ඉතින් සුන්දර වලිනෙ ප්‍රියා අයියෙ,
Deleteඕනි දේකටත් නෙවෙයි
පට්ට, මටත් පෙන්නනම බැරි දෙයක් තමා "you have missed a one minute" කියන එක.
ReplyDeleteමට ඔය ගෑනිව මරාගෙන කන්න හිතෙනව ඒ වෙලාවට
Delete(හරක් මස් කන්නෙ නැති හින්ද උන්ද බේරෙනව මගෙන් )
එල... එල... ඔය තියෙන්නේ කවුරු කවුරුත් කරපුවා. කාටවත් නෑ කියන්න බෑ. සුපිරි ඈ...
ReplyDeleteඔහොම යනකොට තව මොනව එළි වෙයිද දන්නෙ නෑ නිමෝ.. බී කෙයාෆුල්
ReplyDelete