Monday, April 6, 2015

තනිකම



හද කකියවන සිතුවිලි රළ නැගුනාම...
නෙතු කඳුලැලි හැලෙයි ඉකිබිඳිමින් තාම....
සිහිනය මා පෙලයි නුඹ දකිමින් රෑම....
හිඳිනා ඉසව්වක නොවියන් දුක  බෝම....

ලා සඳපාන තාමත් වැට උඩින් එබී....
කවුලුව අතැර හෙමිහිට මුව කමල සිඹී...
නුඹ උන් සුවඳ දැනි දැනි කණමැදිරි රැළී....
ඔච්චම් කරයි නිවමින් අඩ අඳුරු එළී....

දහවල ගෙවෙයි ඇයි ඉක්මන් ගමන් හිරූ....
නොදනිමි රාත්‍රිය කිම මේ තරම් දිගූ...
මීදුම් සේල සුදු මුදු පිණි කැට විසිරූ....
හිත හිරිවට්ටවයි අඳිමින් නුඹෙ පිළිරූ...

12 comments:

  1. පරිසරයට අනුගතව විරහ වේදනාව සංයමයෙන් විඳින මනා කවි පබැඳුමක් ලෙස දකිමි....
    ජයවේව!

    ReplyDelete
    Replies
    1. කවි ටික නං ලාවට විතර තේරුනා, ඔයා ලියල තියෙන ඒවනං ???????????

      Delete
    2. ඕක සාමාන්‍ය දෙයක්
      එක එක්කෙනාගෙ වැටහීම වෙනස්නෙ
      ජයවේවා කියන එක හරි තේරුණා නම් හිතා ගන්න කවිය ගැන හොඳක් කියලා තියෙන්නෙ කියලා
      ඔබතුමාටත් ජය!

      Delete
    3. විග්‍රහයට ස්තුතියි වර්ණ. හොඳම විතරක් නැතුව නරකත්, අඩුපාඩුත් කියන්න. මම කැමතියි ඒ හැම දෙයක්ම බාරගන්න. :)

      ඔයාටත් ස්තුතියි චීනා...
      රසවිඳින්න.. නොතේරෙන දේ අහල ඉගනගන්න...

      Delete
    4. නරකත් ඇසට අහුවුණොත් කියන්නම්
      මේ පැදි පෙළ නම් ඉතා අගෙයි

      Delete
  2. Replies
    1. ස්තුතියි මනා... :)

      Delete
  3. තනි උන වෙලාවට ඔහොම තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ්... මේ ලෝකෙ නැති විකාර මැවෙන්නෙ මට නම්...

      Delete
  4. Replies
    1. තැන්කූ බස්සි අක්කා...

      Delete
  5. ලස්සන කවි ටිකක්..

    ReplyDelete