Tuesday, August 25, 2015

කවියක්





"සිඳ බිඳ දැවුණු පාලුව සිත වෙහෙසකර
නුඹ විය උදාගිර පෑයූ අරුණු ඉර
තොස කර හද ගිමන් නිවු මේ පාන්දර
එනු මැන සිනා සී නිදිදුව මුදාහැර"


කියවා බැලිමි කවියක්
නුඹ ලියූ මුතු අකුරින්
දනිමි මා දැන්..
මේසය උඩ ඇති තේ කෝප්පයක්,
උදේ කෑමට රසට හැදු යමක්,
දහවලට රතුබතක්, මාලු එක්ක හොද්දක්, මැල්ලුමක්...
තව මොනවහරි දෙයක්..
ගේ පුරාවට හාදු වැස්සක්....
මේවට හිනාවෙන්නෙ මං හරි ආදරෙන්...
හැබැයි දඟලන්නෙ සතුටු වෙන්නෙ වෙන කෙනෙක්..
ආදරෙයි අපි දෙන්නම ඔයාට ගොඩක්.

7 comments:

  1. මේකාත් හරියට හුළඟ වගේ.එනවා...යනවා...මාස 4ට පස්සේ ආපහු,

    දැන්නම් ලෙඩේ දරුණුයි වගේ නේද?
    කවිය එළ තනූ.දිගටම මොනවා හරි කුරුටු ගාපන් ප්‍රශ්න, කම්මැලිකම අමතකකරලා.

    ReplyDelete
    Replies
    1. අනේ කසුට්ටෝ.......... කම්මැලිකම නෙවෙයි. විභාග කටයුතු තිබුන මට. ඒව ඉවර කරලයි මේ ආවෙ. අමතක නොකර හිටියට තැන්කිව් හොඳේ...

      Delete
  2. Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුතියි. කොච්චර කාලෙකට පස්සෙ ආවත් මෙ පැත්තට එනවනෙ ඉතින්.

      Delete