
නොදොඩාම නුඹ ඉන්නා හැටී
මල් කුඩය යට ගුලිවී ගැටී
හද මතක දොරගුලු බිඳ වැටී
නෙත ගලන කඳුලැල් වැහි කැටී....
සෙනෙහසක අරුතක් දන්නැතී
රුදු බඹර විශ කොතෙකුත් ඇතී
සිත අකීකරු පෙම් මියුලැසී
නුඹ ගියපු දුර හොඳටම වැඩී......
සංසාර සෙනෙහස සිත පිරී
ඔය කඳුලු බිඳු මට බර වැඩී
රත් කොපුල් මුව පිරි හසරැලී
පෙර වාගෙ මගෙමයි සුරතලී.....
මිරිගු දිය පෙනි පෙනී
ReplyDeleteගියේ ගිනි නුඹටම දිදී
වැරදුනත් නුඹ වෙත හැරී
එන්නේ කොහොමද යළී......
ලස්සන කිවි පෙලක්.
ජයවේවා!!!
බොහොම ස්තුතියි දුමින්ද...
Deleteඅලුත් යාලුවෙක් නිසා සාදරයෙන් පිලිගන්නවා..
අමුතුම ලස්සන තියෙන කවියක්..
ReplyDeleteජය :)
බොහොම ස්තුතියි අරුනි..
Deleteඅලුත් යාලුවෙක් නිසා ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා..