Tuesday, August 5, 2014

දෙවියන්ගේ අඩවිය...




ආදරේ කලේ මං නුඹට
නොසළකා ජාතියක් ආගමක්
දැනුනාද නුඹට
මගේ ආදරේ අඩුවක් 
පුංචි කෙළි පැංචිටත් 
මොන හිතකින්ද කෙරුවෙ
වෙනස්කමක්
දැනුනෙ නැද්ද ඉස්සර වගේ
ආදරය බිඳුවක්වත්
ඇත්තටම හිතුනනම් නුඹට
මං නුඹේ ආදරණීය බිරිඳ වග
අපේ පුංචි පවුලෙ සතුට
එදා වගේමයි අදත්...
_____________________________________________________

ටික කාලෙකට කලින් මං ලස්සන පොතක් කියෙව්ව.

ලංකාවේදී තහනම් කල නොහැකි වූ  "දෙවියන්ගේ අඩවිය".

මෙහෙම තමයි පොතේ මුලින්ම තියෙන්නෙ.

මේක ආදරය නිසා, විවාහය කියන බැඳීම නිසා, මුස්ලිම් නීතියට යටත්වෙන්න සිද්දවුන විදේශීය කාන්තාවක් එතැනින් මිදෙන හැටි සහ එයාගෙ අත්දැකීම් අළලා ලියවුන කතාවක්.

මේ පොත ඉරානයේ තහනම් ලැයිස්තුවේ 4 වන තැනට තියන කෘතියක් කියල ඒ පොතේම හැඳින්වීමෙ තියනවා. ජාත්‍යන්තර බලපෑම් නිසා ලංකාවේත් තහනම් කලත් පසුකාලීනව මඟහැරිල තියනව. කාන්තාවකට තියන ශක්තිය, තමන්ගේ දරුවා කෙරෙහි මවකගෙ ඇති සෙනෙහස ගැන අපූරුවට ලියැවිලා තියන, හරි ලස්සන කතාවක්.

"Not Without My Daughter" by : Betty Mahmoody & William Hoffer
Translated by : Anula De Silva

(කරුණාවෙන් සලකන්න.. මා කිසිදු ආගමක් හෝ ජාතියක් පහත් කොට සළකන්නේ නැත. නමුත් විවේචනයට කැමැත්තෙමි.)


9 comments:

  1. ලංකාවෙ මේ වගේ පොතක් තහනම් කරන්න කිසිම හේතුවක් මම දකින්නෙ නැ... ඒත් අනුලද සිල්වපරිවර්තනය කරන පොල් වලට මම කැමතිම නෑ.. බොහෝ දුරටඒ කතාවෙ ජීව ගුණයට හානි වීමක් සිද්ධ වෙනව..
    ඒක ඒනම කෙනෙක්ට තේරෙනව ඒ පොතේ මුල් පොතයි එයාගෙ පරිවර්තනයයි බලපුවාම..
    කේ.ජී කරුණාතිලක වගේ කෙනෙක් පරිවර්තනය කරපුපොත් වල රසය ගුණය වගේම කියවන්න කම්මැලි කමකුත් නෑ.. ඒත් මෙයා බස නොකා බස කනව

    මට හම්බෙලා නං නෑ හම්බුනොත් බලල ගුණදොස් කියන්නංකො

    ReplyDelete
    Replies
    1. පොත් බොලන් පොත්, පොල් නෙමෙයි. :D

      Delete
    2. මෙහෙමයි මහේශ්, මම මට කියවන්න ඕනි කියල හිතෙන ඕනම පොතක් කියවනව. ඒකට සම්භාවනීයද, සාමාන්‍යද කියල හොයන්නෙ නෑ. මට විඳින්න රසයක් තියනව නම් මං කියවනව. නැත්තන් මළාට කියවන්නෑ. ගොඩක් දුරට මේ වගේ පොත් කියවන්න මං ආසයි. පරිවර්ථකයා කවුරු උනත් මට කමක් නෑ.

      @ නිමෝ
      ඔහොම තමයි නිමෝ. පොඩි පොඩි මිස්ටේක් වෙනව කාටත් :)

      Delete
  2. මගේ නම් පොත් කියවීම සෑහෙන දුරට අඩුයි. ස්තුතියි ඔත්තුවට.

    ReplyDelete
    Replies
    1. කියවන්න පුරුදු වෙන්න. මට කන්න ඕනෙත් නෑ පොත් කියවන්න තියනව නම්.

      Delete
  3. මේ පොත ගැන විස්තර දැන ගත්තෙ දැනුයි.. මම හිතන්නේ නෑ ලංකාවෙනම් තහනම් කරන්න තරම් හේතුවක් තියෙනවා කියලා.. බලමු හම්බුනොත් කියවන්න..

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න අමාරුයි. ඒත් ඒකෙ එහෙම කියල තිබුන. හොයාගෙන කියවල බලන්න. පුලුවන්නම් මේ වගේ පොත් ගැන මට ඔත්තුවක් දෙන්න :)

      Delete
  4. හ්ම්ම් හොයාගෙන බලන්න ඕන පොත ..ඔත්තුවට ස්තුතියි...

    ReplyDelete
  5. යූ ආ වෙල්කම් සහෝ.. ඉක්මනට හොයාගෙන කියවන්නකෝ

    ReplyDelete