Monday, August 18, 2014

S.M.S ආදරේ... [ ii කොටස ]






බලන්න බැරි වුණ අය කලින් කොටස බලල එන්න


මොකක්ද ඇඳන් යන්නෙ. බරපතල ප්‍රශ්නයක් මතු උණා කවදාවත් නැති විදියට. හිත දෙපැත්තකට බෙදිල. එක පැත්තක් ප්‍රශ්න අහනව. අනිත් පැත්ත උත්තර බඳිනව.

"මොකද මේ"

"නෑ නිකන්"

"වෙනදට අඳින ඩෙනිමයි ටී එකයි හොඳයිනෙ"

"බෑ වගේ හිතෙනව"

"කාවද ඔය රවට්ටන්න හදන්නෙ"

"මම????            නෑ..."

"ඔයා ආදරේ කරනව"

"මේ මම..           පුදුමයි..        කාටද?"

"අර එස් එම් එස් වලට"

"පිස්සු"

"ඔව්, ඔයාට පිස්සු"

හය්යෝ.... ඇත්තටම මට පිස්සුද???????????????

කමක් නෑ වෙනසක් හොඳයි කියල හිතුන. අත් දිග නිල් පාට චාම් ටොප් එක ඇන්ද. ලා නිල් පාට ඩෙනිමට. කොණ්ඩෙ පොඩ්ඩක් අල්ලල කට්ටක් ගැහුව. දාඩිය දාන ටයිම් එකට උඩට කරල ක්ලිප් කරන්න පුලුවන් එතකොට.

මූණත් තහඩුව දැකල නැති එකෙක්ව දැන් කොහොමද අඳුනගන්නෙ. ඒක මතක් උණේ මගට බැස්සට පස්සෙ. ගත්ත ආපහු කෝල් එකක් දිගාට.

"යෙස් බොස්"

"සොරි දිගා.. ඇඳුමෙ පාට කියපන්. මට අඳුන ගන්න බැරි වෙයි"

"හයියෝ ගෑණු ළමයො, මං ඇවිත් ඉන්නෙ බස් එකට. අන්තිම සීට් එකේ  දිනිති එක්ක කයියක් දාන් ඉන්නව. එන්න"

"ඕකේ"
පැමිණ සිටියේ දිගාත් දිනිතිත් පමණි.
හිත එක තැනක නැත. දිගා ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු  බැන්දේ ඕනාවට එපාවට මෙනි.

"මිගාරට වැරදිලාද මන්ද"

"ඒ මොකද දිගා"
කෙල්ල කටකාරය.

"නෑ බන් මේ ඌ කිව්වෙ ඕල්වේස් නන්ස්ටොප් කටක් එව්ව බය වෙන්න එපා කියලනෙ"
මට සිනා නැගිණි.

"හප්පේ ඇති යන්තම් හිනාවක් පැන්න. ඇත්තටම මොකක් හරි අවුලක්ද. නැත්තම් අද කොල්ලව මීට් වෙන්න තිබුන දවසද. අපි හින්ද කරදරේ නේද"

"අයියෝ එහෙම කිසිම අවුලක් නෑ"

අවුල තියෙන්නෙ හිතේ... කාට කියන්නද? අද මොනව වෙයිද? ප්‍රශ්න කෝටියයි. සාමාන්‍ය තත්වය නැතිවෙලා වගේ.
*********************************************************************************

"දැන් අක්කෙ මේ සෙල් ලිපි ඔක්කොම එකම කාලෙක ඒවද? නැත්තන් රජවරුන්ගෙන් රජවරුන්ට වෙනස් කාලවල ඒවද?"
අක්කා පිළිතුරු සපයයි.

"මේ මෙතන තියන මණ්ඩපේ තමයි විවාහ සිද්ද වෙලා තියෙන්නෙ"
අක්කා කියයි....  මට මැවී පෙනෙයි... එතන ඉන්නෙ මං.   හෑ.. යකෝ කෝ එතකොට මනමාලය??????? මනමාලය ඉන්නව. ඔලුව නෑ... කාගෙද ඒ ඔලුව එතකොට.

වැඩ ටික ඉවර වෙනකොට දවල් උණා. හොඳටම බඩගිනියි. ළඟ තිබුණු කඩේකට ගියා කන්න. උදේ ඉඳන් බලාපොරොත්තු උණ දේ සිද්ද උණේ නෑ තාමත්. අඩුම තරමේ.......
 ~එස් එම් එස්~    එකක්....
ඉතින් කෝමද මං මගේ තීරනේ ගන්නෙ.

"LOVE   OR   LEAVE"

"මොකද නංගි ෆෝන් එක දිහා බලන් භාවනා කරනවද?"
මං හිනා උණා. ඇත්තටම හිනාව තිබුණද මූණේ...

"මේ මොකද මේ... නංගි මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි මේ කඳුලු. දිනිති මේ කෙල්ල අඬනව. පොඩ්ඩක් බලන්න."

වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ මට. කිව්ව අග ඉඳන් මුලට ඔක්කොම කතාව දෙන්නට. පෙන්නුව එස් එම් එස්.    දිගාගෙ මූණ වෙනස් උණා. මන් බිම බලා ගත්ත. අපි කතාවක් නැතුව හිටිය. දිනිති ගියා අක්ක එක්ක තව විස්තර ගන්න. දිගා ෆෝන් එක අරන් ඈතට ගියා. මාත් ගියා දිගාගෙ පස්සෙන්. වැරැද්දක් වෙන්න ඇති. ඒත් මං ආව කියල දිගා දන්නෙ නෑ.

"මොකක්ද බං මේ කරපු කැත වැඩේ"
දිගා කාටද බනින්නේ.

"හරි ..... ඇයි හැම කුණුහරපයක්ම කියන උඹට ඕක කලින් කියන්න බැරි උණේ මට. බලපන් ගිය දුර. අනික මං කැමති නෑ උඹ මගෙ අයියව මේකට ගාවපු එකට"

".............."

"මතක තියා ගනින් මිගාර මං උඹට අයියගෙ සිම් එක දුන්නෙ ඌව මතක් වෙන්න මොනාහරි ඕනි කිව්ව නිසා"

"මිගාර...." 
මගේ ගත හිරිවැටිණි.

 "ඇයි ඒකෙන් මෙහෙම වැඩක් කරේ. අර කෙල්ල එක පැත්තකින් බය වෙලා. පිස්සු වැඩනෙ බං.  කොහොමද උඹ මගේ පොතේ තිබුණ කවිය හොරකම් කරේ. මොකක්ද මී හරකො මේ කරපු වැඩේ. දිනිතියා නොහිටියා නම් මං කෙල්ලට ඇත්ත කියනව. බලපන් දැන් ඒකත් බෑ. උඹ මාව කෑව. අනික....."

මා නොසිතූ මොහොතක දිගා පසුපස හැරිණි. වැරදුනා... දිගා නෙවෙයි...    "ගීතික සහන්" දිගා කියන්නෙ උස වැඩි කමට.

දවසම ගෙවුන. ගීතික ඊට පස්සෙ මට කතා කරේ නෑ. කියාගන්න බැරි මොනා හරි තිබුනා. හවස අපි එන්න පිටත් උණා. ගීතිකගෙ මූණ බලන්න බැරිකමක් දැනුණා.

"මං යන්නම් දිනිති අක්කෙ"

"නංගා ඔයා අප්සට් වෙන්න එපා. ඔය කාගෙ හරි විහිලුවක් වෙන්න ඇති. බයයිද තනියෙන් යන්න"

මං ගීතිකගෙ මූණ බැලුව. පසුතැවීමක්ද? ම්හ්, එහෙනම් පරාද වෙච්ච පෙනුමක්ද? ම්හ්, අනේ මන්ද. මොකක්දෝ දෙයක් තිබුණ එයා ලඟ.

"දිගා"
අපි තුන්දෙනාම හැරිල බැලුව.

"මිගාර"
මං කිව්වද? මට කියවුණාද?

"ඔයාල යන්න. මං අමාව ගෙදරට දාන්නම්. දිනිතිව ගෙදරට දාල පලයන්. රෑ වෙලා මං ගෙවල් පැත්තෙ එන්නම්"

"තව කොහෙද බං රැයක් වෙන්න තියෙන්නෙ"
ගීතික අමනාපෙන්ද?

"එළිවෙන්න කල් තියනව නම් තවම රෑ තමයි. පලයන්. මං එන්නං."




~ අවසානය ඊළඟ කොටසින් බලාපොරොත්තුවන්න ~














12 comments:

  1. :O
    වහාම ඉතුරු කොටස දාපිය. මම ෆුල් හොල්මන්

    ReplyDelete
    Replies
    1. අනේ අක්කා මං බයයි..........
      පොඩ්ඩක් ඉඳපිය හෙට දාන්නම්. පෝස්ට් එක දිග වැඩි උනොත් ඔයාල පවුනෙ අප්පාආආආආ

      Delete
  2. මේ බ්ලොග් එකට ආවේ පළවෙනි පාරද බ්ලොග් එක වෙනස් වෙලාද? කොහොම උනත් කතාව හොදා :) අනික් කොටසත් දාමු බලන්ඩ !

    ReplyDelete
    Replies
    1. තැන්කූ මදාරා. ඔයා කලින් ආවනෙ අනේ. මන් පොඩ්ඩක් වෙනස් උනා.

      Delete
  3. දැන් නම් විකාරේ වගේ :3

    ReplyDelete
    Replies
    1. මයි ගෝඩ්. හොඳයිද නැද්ද කියනවද සිහින. මන් ඉතින් ඔය ඕනම කමෙන්ට් එකක් මැදහත් සිතින් බාර ගෙන අඩු පාඩු හදාගන්නවනෙ.

      Delete
  4. අන්තිම එකත් දාන්නකෝ එහෙනම්.. ඒකත් බලලම අදහසක් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඕකේ. ඔන්න අද ඒකත් දානව.

      Delete
  5. නන්නත්තාරයි.. අදම දානවද ෆයිනල් එපිසෝඩ් එක??

    ReplyDelete
    Replies
    1. යෙප්. ඔන්න බලන්න දවල්ට.

      Delete
  6. හෙහ් හෙහ් එතකොට දන්න කියන එකෙක්ව මයි බයිට අරං ගොහිං තියෙන්නෙ..
    මං ඇත්තටම හිතුවෙ නෑ කතාව මේ පැත්තටම යයි කියල

    ReplyDelete
    Replies
    1. හි හී කොයි පැත්තට යයිද දන්නෙ නැතෝ..

      Delete