Saturday, August 16, 2014

S.M.S ආදරේ...




"අම්මෝ සද්දෙ අර කට්ටිය පඩි ගත්තමවත් නෑ මෙච්චර සද්දයක්"

"අනේ පලයන් ගෙම්බො"

"මොකක්........... ආයෙත් කියපන් බලන්න ඇටකිච්චි. උස්සල දානව ජනේලෙන් එළියට පැයකට විතර පස්සෙ බිමට වැටෙන්න"

"ඈහ්හ්... තට්ටු හතරකින් වැටෙන්න එච්චර වෙලා යනවද. එළ එළ මැරෙන්න කළින් කුරුල්ලෙක් වෙන්න කාටද අප්පේ පුලුවන්"

"නොදෝමකින් තොගෙ කට"

හිනාවෙන්නට තරම් දෙයක් නොවූවත් අප හැමදාමත් මෙසේමය. සිතියක් පුරා විඳි වෙහෙස නිවාගන්නට  සති අන්තයේ වූ එකතුව අපට අස්වැසිල්ලකි.

"අනේ මචෝ පොඩි උදවුවක් ඕනි උඹෙන්"
ඒ මිගාරය.

"මොකක්ද බන්."
මම ඇසීමි.

"අනේ බන් මගේ යාලුවෙක්ට ප්‍රොජෙක්ට් එකකට .......................... වල ඩීටේල් ඔනි උදව් කරපන්කො."

"පුලුවන් බන්. මගෙ අක්ක කෙනෙක් ඉන්නව ඒකෙ වැඩ කරන. මගේ නම්බර් එක දීපන්"

"හැබැයි තෝ ඒ අහිංසකයව අමාරුවෙ දානව නෙවෙයි"

"අනේ පල බං. තෝ හිතුවද මට අහේනිය කියල"
සරදම් හිනා මැද කාලය ගෙවිනි. නිවස බලා යාමට බසයට නගින විටම දුරකථනය නාද වෙනු ඇසිණි.

"අනේ බං උඹේ මොබිටෙල් එක දීපන්කෝ. අරකට ඩයලොග් නෑලූ."

"අනේ බං උඹල වගේ පාප මිත්තරයො. ලියාගනින්." මා අංකය දුන්නෙමි.

පුදුමය එය මා අකමැතිම දෙයයි. නමුත් වෙනදා එස් එම් එස් යවන මට එය අමතක වූයේ ඇයි දැයි නොදනිමි. මේ කතන්දරයේ මුල එයයි.

*****************************************************************************
බෝඩිමට වී හිඳීම තරම් එපා වූ දෙයක් මට තවත් නැත. ජංගමය නාද විණි.
එස් එම් එස් එකක්. කවුද මේ අවේලාවෙ.

"I nvr fgt meeting & depature. I dnt knw ur name yet. I'm Sameera Pahan. If u cn... plz send me ur name. bs.tc"
හෑ මේ මොකාද බොලේ.... මට නිකන් පිස්සු ඩබල් වගේ. වැරදීමක් වෙන්න ඇති.
දවසක් දෙකක් ගියා. හප්පේ ඇති යන්තම් අද ගෙදර යනවා. බස් එකට ආව. පොඩි ඇලට් එකක් දාන්න හිතුව විතරයි....
එස් එම් එස්  :(

"I snd u 3 sms. bt u r silent. smthng wrong. I dnt knw wt hapnd. v met day b4 y'day. can u try to momriz"

දෙයියෝ සාක්කි. මට මතක් වෙන්නෙම නෑනෙ. මං හිතුවෙ අපේ එකෙක්ගෙ බයිටක් කියල. ම්හ්හ්.... මොකාද මේ. විනාඩියක් දෙකක් ගියා. මෙන්න තව එකක්.

"mathakada man laga wadiwela giyaa bus ekedi. man oyage number eka gaththe oya katahari denakota."

මට දෙවියන් බුදුන් සිහිවිණි. අඩුම තරමින් ළඟ ඉඳගෙන යන පුද්ගලයාගේ මුහුණ දෙස බැලීමේ උවමනාවක් කෙදිනකවත් නිකමට හෝ ඇති නොවීම ගැන මා මටම දොස් පවරා ගතිමි.

කරපු මෝඩකම් ගොනාට සරියේ... තවත් මෝඩකම් නොකරන් මරියේ... කිව්වලු. මේක සාම සාකච්චාවක් මගින් ගොඩගියේ නැත්තම් මං අනාථ මාරුතේ කුණාටු සාගරේට අහු වෙනව කියල මගේ ටිකිරි මොලේ මට දැනුම් දුන්න. ඒත් වයසෙ වැරැද්දද නැත්තම් වෙන හේතුවක්ද කියන්න දන්නෙ නැති කාරණාවක් හිතේ හැංගිලා තියෙන්න ඇති. මාත් යැව්ව එස් එම් එස් එකක්.

"mr. oyaata wena wada nadda bus wala yana ayage numbers mathaka thiyaagena karadara karanawa arenna. plz dnt dstb me."

හැරෙන තැපෑලෙන් තව එකක්

~ "no no I don't want. bt I wnt 2 talk wt u"

~ " mhh wtz da matr. plz sms me. did u eat ha?"

~ "I savd ur name as "Niz" do u lk it."

~"one day u will rcgniz me "

~"cloudy wt r u doing nw, I knw ur name nw"

එදා ඉඳන් හැමදාමත් මට ආව ඔය වගේ එස් එම් එස් එකක්. මගේ රිප්ලයි නැතුවම. පස්සෙ හිතුන හොඳ කවිකාරයෙක් වෙන්න ඇති කියල. දවසක් මෙහෙම එව්ව.

"හිනැහී දොඩමලු වූ නුඹ හමුවේ මටත් හොරා හදවත සැලුනා
විකසිත පැතුමන් දෝතට එක්කර සඟවා ගන්නට මට සිතුනා
සුවඳ සුරැකි මෘදු මල් මකරන්දය නුඹ මාගේමයි මට සිතුනා
කල්ප කාලයක් නුඹ ලග ඉන්නට සිත දහසක් පැතුමන් පිපුනා"

හිතාගන්න බැරි උනේ ඇයි මට එස් එම් එස් එවන එක නතර කරන්නෙ නැත්තෙ කියල. මේ අතරෙ මගේ යාලුවගෙ වැඩෙත් කරල දෙන්න ට්‍රයි කරා.

*******************************************************************

"ආ මල් හතයි ආ"
මිගාර මා දුටුවනම කෑ ගැසීය.

"වට්"

"නෑ මේ මං කිව්වෙ හෙට අනිද්දට වෙන්න යන දේ ගැන"

"ඒ මොකක්ද බන්"
හ්ම්ම් හැමදාමත් මැද්දට පැන වැඩේ අල කරන්නේ තිලිණිය.

"නෑ ඉතින් මේ.... කට්ටියට මේ දවස් වල ෆෝන් එකෙන් තොර ලෝකයක් නෑනෙ තිලෝ..ඔය රිප්ලයි නොකරට කොයිවෙලේත් ඇහැ ෆෝන් එකේ. තනියෙන් හිනාවෙවී බලනව."
මිගාර මා දෙස බලයි.

"මොකක්.. මට ඕව තේරෙන්නෙ නෑ බන්"

කී දේ විමසන්නට මිගාර නැවත හමු නොවුණි. දින කිහිපයකින් පසු මිගාරගෙන් ආ ඇමතුම සම්බන්ද කර ගත්තෙමි.

"ආ මැඩම් වැඩද?"

"අපිට කොහෙද බන් උඹලට වගේ නිදහසක්. ඉතින් කියපන්. මොකෝ මේ හදිස්සියෙන්"

"අනේ මචන් හෙට අරූ එනව අර වැඩේට. තව කෙල්ලො දෙන්නෙකුත් එනව. උඹට යන්න පුලුවන්ද?"

"අනේ බන් නිවාඩු දවසකවත් නිදහසේ ඉන්න නොදෙන හැටි"

"හරි හරි පලයන්කො හෙටට. ඊට පස්සෙ කෝමත් උඹේ ඔය නිදහසට වැට බැඳෙයි"

"මොකක්, මොනාද උඹ මේ කියන්නෙ."

"නෑ ඉතින් මං කිව්වෙ. දිගාත් තාම තනිකඩයනෙ. හෙට පලයන්. දිගාට කෝල් එකක් දීපන්."

"අනේ මේ උඹ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව හිටපන්. උඹල හරි ඊරිසියයිනෙ අපි සතුටින් ඉන්නවට."
මිගාර හිනැහේ.

පසුදාට පහන් විණි. උදේ පාන්දරම....

*** එස් එම් එස් ***
"Today is the day my sweety Niz. Everything is ok. You'll have to select one "L" for ur life with me. 'Love or Leave' "

නුහුරු හැඟීමක් හිතට දැනෙයි. දිගාව හමුවීමට යා යුතුය. ඔහුට ඇමතුමක් දී 10ට එන ලෙස පැවසීමි.



~ ඉතිරිය පසුවට ~


17 comments:

  1. හම්මේ...............................................................................................................................................
    මක්කෙයි වුනේ ඊට පස්සෙ...
    කෝ ඉතිං හොදම හරියෙ කතාව නවත්තල නෙව සැක් ඉතරක්...

    ReplyDelete
    Replies
    1. පෝඩ්ඩක් ඉන්නකෝ අප්පා. තාම දිගාව මීට් උනේ නෑනේ... සැක් ඉතරක් තීන හදිස්සිය..

      Delete
  2. ගෑනු ගතිය.. බොරුව පෙන්නන එක...

    ReplyDelete
    Replies
    1. මම නං නෑ ඕං කොහු ඉදල් පාරවල් ආවොත්.. දේශිකා නැන්දට මේක පෙන්නන්න තියේ නං කියල සියදහස් වාරයක් හිතුනා

      Delete
  3. කතාව හොදම හරියෙන් නවත්තලනේ ඉතින්...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දට දාන්නම් දිනේශ්... තව ටිකක් තියනව ලියන්න.

      Delete
  4. හම්මේ බොරුව උනත් ලස්සනට යනවා වගේ :D

    ReplyDelete
    Replies
    1. හික්ස්... තෑන්ක්ස් සිහින. බොරුවක් උනත් කට්ටිය කියෝනවනෙ නේද? මං ලියනව... ඔයාල කියවනව..

      Delete
  5. කතාව නැවත්වීම පිළිබඳව විරෝධය!! :)

    ReplyDelete
    Replies
    1. ඩේටා සීමිතව තිබීම ඊට හේතුවයි. ඩේටා සීමිතව ලබාදීම පිළිබඳව මාගේ බලවත් විරෝදය :(

      Delete
  6. මොකක්ද බන් ඒ කරපු වෙඩේ මම ඒක එක හුස්මට කියවගෙන ආවේ....

    ReplyDelete
    Replies
    1. හලි හලී... දැන් හුස්ම අරන් ඉන්නකෝ... මන් හෙට ඉතුරු ටික දාන්නම්..

      Delete
  7. කතාව හොඳම තැනින් කැඩීම ඔයාගෙ හැකියාව. ඒත් ඇයි යකූ මේ අසරණ අපිටම උඹේ ටැලන්ට් එක පෙන්නන්න කතාව කුතුහලේ උපරිමේට ගෙනිහින් නැවැත්තුවේ...

    ReplyDelete
    Replies
    1. ඩේටා ඉවර වෙච්ච නිසා යකූ ඩේටා ඉවර වෙච්ච නිසා.... අල්ලගන්න කොම්පැණිය. මං නං දල්ලෑ ඕං

      Delete
  8. කෙල්ල ලස්සන නම් නාඩි වැටෙනවා නම් පස්සෙන් එනකොට අහක බලන එක කොල්ලෙක්ට සුදුසු වැඩක් නෙමෙයි කියලයි මට සිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හපූ මෙන්න මෙයා රට පටලෝගෙන......

      Delete
  9. What's up friends, pleasant article and nice arguments commented at this place,
    I am actually enjoying by these.

    My site ... show homes ideas - homeimprovementdaily.com -

    ReplyDelete