Tuesday, August 19, 2014

S.M.S ආදරේ... [ අවසාන කොටස ]



පළවෙනි කොටස
දෙවෙනි කොටස           බලල එන්න...


කතා බහක් නැතුවම මාත් මිගාරත් ඉස්සරහටම ගියා. මිගාරට හිතෙන්න ඇති ඒක හොඳ නෑ කියල.

"අමා, ඇයි කතා නැත්තෙ"

".........."

"ඔයාට කියන්න දෙයක් තියනව"

"ඒකෙන් බාගයක් මං දන්නව."

"මොනවද"

"ඔයා ගීතිකගෙ අයියගෙ නමින් එයාගෙ සිම් එකෙන් මට එස් එම් එස් එව්ව. ගීතිකගෙ පොතේ තිබුණු කවි එව්ව. බස් එකේ ළඟ හිටිය කෙනා කියල මාව බය කරා"
මං එක දිගටම කියෙව්ව.

"ඇයි කියන්නෙ නැත්තෙ ඔයාට බලාපොරොත්තු දුන්න කියල"

"ඒක ඉබේම ඇති උණු දෙයක් මිගාර. ඇයි මාව සෙල්ලමකට ගත්තෙ"

"දිගා ඔයාට ආදරේ හින්ද"
මං එතනම නතර උණා.

"එන්න යමු....... දිගා ඔයාව දැකල තිබුන බස් එකේදි. දවස් ගානක් බලන් ඉඳල කොල්ලෙක් ඉන්නවද කියල. දවසක් මාව මීට් වෙන්න ක්ලාස් එකට ආව. ඔයාව දැකල මට හැමදේම කිව්ව. ඌට ඔයත් එක්ක කතා කරන්න ඕනි උනා. ඒත් ඒක සිද්ද උනේ නෑ. ඌ ඔයාට කවි ලිව්ව. කවදාවත් ලබාගන්න බැරි වෙයි කියල දුක් උනා. එදා ඔයාගෙ නම්බර් එක දුන්න දවසෙත් අපි දෙන්න ඇවිත් ඔයා දිහා හොරෙන් බලන් ඉඳල ගියේ අමා"

"ඇයි ඒ"

"එකක් දිගා කියන්නෙ ගොඩක් දුක් විඳල ඔය තැනට ආපු එකෙක්.  අනික ඌට කවුරුත් නෑ. ඉන්නෙ ආත්තම්ම එක්ක"

"ඇයි අම්ම තාත්ත, සහෝදරයො නැද්ද"

"ඇක්සිඩන්ට් එකකින් අම්මයි තාත්තයි නැති උනා. අයියයි මූයි ආත්තම්ම ළඟ හිටියෙ. දෙන්නව ජීවත්කරවන්න අයිය ආමි එකට ගියා. එයා යුද්දෙ කාලෙ නැති උණා. දැන් දිගා අත්තම්ම බලාගෙන ඔය ඉගනගන්න වැඩයි ජොබ් එකයි කරගෙන ඉන්නව. ඒකයි ඔයා අකමැති වෙයි කියල ඌ හිතේ තියාගෙන ඉන්නෙ"

හිතට අමුතු දුකක් ඇති විණි. ඒ මූණ මැවී පෙනිණි. ඒත්

******* එස් එම් එස් *******

"මිගාර"

"ඇයි"

"එතකොට එස් එම් එස්"

"ඒවත් දිගාගෙම තමයි"

"මොකක්"

"ඒව දිගා එයාගෙ ෆෝන් එකෙන් ඔයාට එවනව වගේ අයියගෙ ෆෝන් එකට එවපු ඒව. මං ඔයාට එව්ව. පලවෙනි එස් එම් එස් එකට අයියගෙ නම දැම්ම"

"ඔයා කියන්නෙ බොරු මිගාර"

"ඇයි"

"එතකොට කොහොමද මං ළඟ ඉඳගෙන ගියා කියල කිව්වෙ"

"ඔයා ලඟ ඉඳගෙන හිටිය කෙනා ඔයා ඉඳගෙන ටික වෙලාවකින් බැහැල ගියා කියල මතකද අමා"

"ඔව් ඉතින්.."

"එයාව මතකද"

"එච්චරම ගාණක් නෑ මට"

"එතන හිටියෙ දිගා. අපි ඔට්ටු අල්ලල ඔයා ලඟ ඉඳගෙන පෙන්නන්න කිව්ව. ඒකයි උනේ"

"ඔයා මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරනවද මිගාර"

"බොරු කතා ඕන නෑ අමා. උඹ දිගාට කැමතියි. එහෙම නේද? "

"මිගාර මං..."

"මේ හැම දෙයක්ම දන්න තව කෙනෙක් ඉන්නව අමා"

"ඒ කවුද?"

"දිනිති"

"මොන විකාරයක්ද මේ. ඇයි මිගාර මෙහෙම වංචා කරන්නෙ. දිනිතිත් මේක දැනගෙන හිටියද?"

"දිනිතිගෙයි මගෙයි සම්බන්දෙට දැන් ගොඩක් කල් අමා. මට දිනිතිව මීට් උනේ දිගා නිසයි. අපි දෙන්න කතාවෙලා තමයි මේක කෙරුවෙ. දැන් හැමදෙයක්ම දිනිතිත් දිගාට කියල ඇති. අපිට ඕනි උනේ දිගාට ඔයාව යාලු කරවන්න. මේ කරපු දේවල් වලින් හිත රිදුන නම් සොරි අමා"

දෑසින් කඳුලු වැල් ගලයි. මිගාර වැරදි නැත. ගීතික මොනව හිතනවාදැයි නොදනිමි.

** එස් එම් එස් ** ගිය දුර වැඩිය.

*********************************************************************************

ඔරලෝසුවේ ටික් ටික් හඬ කාමරය පුරා පැතිරෙයි. ගත වූ වේලාව පිළිබඳව නිශ්චිතයක් නොවිනි.
ජංගමය නාද වෙයි...

***** එස් එම් එස් *****

බලනවද?             නැද්ද?
ඔන්න ආයෙත් හිත දෙකට බෙදිල.

කමක්නෑ බලනව.

එස් එම් එස් එක දිගාගෙන්.          හිතට බයයි.                   ඒත්...              මං එස් එම් එස් එක බැලුව.

Waiting for your "L".....

හිතට දැනුන හැඟීම වචන කරන්නෙ කොහොමද?

අනේ මන්දා.....

මං රිප්ලයි කරා.

ආයෙත් කවදාවත් දිගාට තනිකමක් නොදැනෙන විදියට...

වැරදුනා............. වැරදුනා................... හොඳටම වැරදුනා............

දිගා ට නෙවෙයි ගීතික ට...



"LOVE"



                                       




15 comments:

  1. තේරුනේ නෑ අෆ්ෆා... :/

    ReplyDelete
    Replies
    1. හයියෝ මං පරාදයි වගේ...

      Delete
  2. හප්පේ මට කලින් කොටස මඟ හැරිලා.

    දෙකම එක පාර කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හා හා ඉක්මනට කියෝලා එන්ඩ.

      Delete
  3. එතකොට ගීතිකද දිගාට මැසේජ් එක දෙන්නේ.. ඇත්තටම තරපට් උනා නේ.. දෙපාරක් කියවලත්..

    ReplyDelete
    Replies
    1. 2වෙනි කොටස කියෙව්වෙ බාගෙටද දේශකතුමා
      //මා නොසිතූ මොහොතක දිගා පසුපස හැරිණි. වැරදුනා... දිගා නෙවෙයි... "ගීතික සහන්" දිගා කියන්නෙ උස වැඩි කමට//

      Delete
    2. හැක් හැක්.. නම අමතක උනා නේ...

      Delete
    3. වයසෙ වැරැද්ද නොවැ.... හැක් හැක්....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඇයි මටත් මේ වගේ දිනන්න බැරි....

    ReplyDelete
    Replies
    1. පුලුවන් පුලුවන්... ඔහොම යන්කෝ...

      Delete
  6. කතාව අමුතුයි.. මම මේ තාම හිතනවා..

    ReplyDelete
    Replies
    1. හිතල හිතල තේරුම් ගන්න දිනේශ්...

      Delete
  7. එතකොට දිගා = ගීතික
    හලි හලි.
    එල කතාව!

    ReplyDelete
    Replies
    1. යෙප් දිගා = ගීතික

      හැමෝටම ඉතින් නමට අමතර කාඩ් වදිනවනෙ.

      Delete