Friday, October 17, 2014

හිතට හොරා.. [අවසන් කොටස ]





කිසිම විදියකින් මගේ ජොබ් එක ගැන දන්නෙ නැති අසිතට මාව නෝට් වෙන එකක් නෑ කියල හිතුවට මාව ෆොටෝස් වලින් දැකල මතක තියනවනෙ. හිතට බයක් වගේ හැඟීමක් දැනුන.

එදා රෑත් මම FB ගියා. මේ මරාලෙන් ගැලවෙන්න විදියක් හිතපං. මං මගෙ හිතටම බැන්න.

"ආ ගෑණු ළමයෝ. මොකෝ සයිලන්ට්"

"නිකන් අප්පා"

"මේ හෙටත් වැඩද"

"ඇයි ඒ. මං වෙනුවට වැඩට යන්නද? අනේ සාදු මේ පිංවතාට"

"මොකක්"

"නෑ මං මේ කිව්වෙ මෙහාට වහින්න වගේ කියාල"

"අනේ ඇත්තට.... මේ මැට්ටි හෙට නිවාඩුවක් දානවකො"

"ඇයි ඒ"

"අපේ හෙට එක්සිබිශන් එකක් තියනව. එනවකො යාලුව එක්ක"

"අම්මෝ මට බෑ. අනික මන් කියන්නමයි හිටියෙ මන් හෙට ගෙදර ගිහින් එන්න යනව"

"හදිස්සියෙම"

"හ්ම්ම්ම්. සීයට පොඩ්ඩක් අමාරුයිලු. බලල එන්න යනව මං"

"හෙට යන්නම ඕනිද"

"ඔව්, ඇයි"

"නෑ මේ........ නෑ කමක් නෑ ගිහින් එන්නකො"
................

"නංගා"

"ඇයි මැටිස්"

"බඩ්ඩක් ඉල්ලුවොත් තරහ වෙනවද"

"මොකක්ද"

"මට ඔයාගෙ ෆෝන් නම්බර් එක එවනවද"

"ඒ මොකටද"

"නෑ බැරිනම් කමක් නෑ. මට ටිකක් කතාකරන්න හිතුන මැට්ටි"
ඇත්තටම මට ඒකට බෑ කියන්න හිතුනෙ නෑ. FB හින්ද අමාරුවෙ වැටුණ අය ගැන අහල තිබුනට ගෙදර ගියාම වටින් ගොඩින් අසිත ගැන හෙව්ව නිසා මට බයක් හිතුණෙ නෑ. මගෙත් පිස්සු වැඩ. මොකට හොයනවද මේ කොල්ලෙක් ගැන.

"ඒක දෙන්න මං පගාව ගන්නව"

"හි හී,  ඒ මොකටද මෝඩි"

"ඇයි ඉතින් ඊට පස්සෙ මගෙ වැඩකරන්න තියෙන වෙලාව අඩු වෙන්න පටන් ගත්තොත්"

"ඒ කියන්නෙ දෙනවද මට"
මං දුන්න නම්බර් එක වැඩිය හිතන්නෙ නැතුවම.
ටික වෙලාවක් ගියා. කෝල් එකක් එනව. මං දන්නව මේ අසිත කියල. ගත්තෙ නෑ මං.

"මොකො ආන්සර් නැත්තෙ. මේ මං"

"කවුද මං"

"මැට්ටියෙ"

"එහෙම කෙනෙක් මෙහෙ නෑ"
එක කෝල් එකක් වත් ආන්සර් කරේ නෑ මං. ඕල්වේස් එස් එම් එස්. 
රෑ වෙනව දැනුනෙ නෑ. හ්ම්ම්.........
උදේට ගෙනියන්න ඕනි අඩුම කුඩුම පොදි බැන්දා. මොකටත් කියල හෙයාස්ටයිල් එක චේන්ජ් කරගන්න ඕනි. හ්ම්ම්ම් ලූස් හෙයා හොඳයි.

හෙට.... හෙට... හෙට... අනේ හෙටට එළිවෙන්න එපා. ප්ලීස් ගොඩ්, සේව් මී... ප්‍රොටෙක්ට් මී....

"රිතූ නැගිටපං එළිවෙලා. අද යන්නෙ නැද්ද"
දිලුව බෙරිහන් දෙනව.

"අනේ බං තව ටිකා.........ක් ඉන්න දීපං"
මං කොට්ටෙ අරන් කන්දෙක වහ ගත්ත.

"අහා, වට් අ ශේම්. ගෙට් අප් ඩියර්. හී ඊස් වේටින් ෆො යූ"

"මොකක්. මොනාද අප්පා. මගේ ලේ පුච්චන්නෙ නැතුව ඉඳින්"
ඇස් දෙක ඉස්සරහ අසිතව මැවුන. ඕහ්... ගෝඩ්...

"මං යනව. දැන් බස් එකේ"
මොකටත් මං උදේම මැසේජ් එකක් දැම්ම.

"හා. පරිස්සමින් යන්න. මං දවල් වෙලා ගන්නම්. උදේ ඉඳන් වැඩ මං"

"ඕකේ. බායි"

ස්නූස් කරපු බෙල් එක තව පාරක් වදිද්දි මං ඇඳෙන් බිමට පැන්න.

කොහොම හරි එතනට යනකොට අටයි. හතරවටේ කැරකි කැරකි ඕපයක් දෙකක් හොයා ගත්ත. දැන් ඉතින් කාවහරි සෙට් කරගෙන පිටට පේන වැඩේ කරන්න ඕනි.

"මේ එක්ස්කියුස් මී. මම ..... පත්තරෙන්. අද මෙහෙ තියෙන ප්‍රොග්‍රැම් එක කවර් කරන්නයි ආවෙ. මට අයි ටී සෙක්ශන් හෙඩ් මීට් වෙන්න ඕනි. පොඩ්ඩක් උදවු කරනවද?"

"ඕකේ ඕකේ අපි බලන් හිටියෙ තාම නැත්තෙ මොකද කියල එන්නකො යන්න"

.................

"සර්, මේ අර නිව්ස් පේපර් එකෙන්"

"ආ. එන්න එන්න මිස්. ටේක් අ සීට්"

"තැන්කියු සර්"

"මිස්ට නුවන් කිව්ව අලුත් කෙනෙක් කියල. එහෙනම් හොඳට වැඩේ කරල දෙන්නකො අපිට. ඔක්කොටම කලින් අපි ගෲප් ෆොටෝ එක ගමුද? මේ සැරේ ඉන්නෙ නාහෙට අහන්නෙ නැති සෙට් එකක්. අන්තිම වෙනකොට හොයාගන්නත් නැති වෙයි."
හි හී මට හොඳටම හිනායන්න ආව අසිතව මතක් වෙලා. උදේ ඉඳන් මෙයාලගෙ කෝලං මං දැක්කනෙ. සර්ව හොඳට මඩවනව ඇති.

කට්ටියම ආව. මං කැමරාව එහාට මෙහාට කැරකුව. කෝ මං හොයන කෙනා. ආ මේ ඉන්නෙ. මං එයාව හොයාගත්ත. ගෲප් ෆොටෝ එක හරි. තව ගත්ත මං. එකක්... දෙකක්... නෑ ඊට වැඩි ඇති. ගිහින් බලනව.

ඒත් එකපාරම දැක්ක දේ නිසා මාව ගැස්සිල ගියා. එයා බලාගෙන ඉන්නව මං දිහා. මුකුත් නොවුන වගේ මං කැම් එක චෙක් කරන්න ගත්ත..... එයා ෆෝන් එක අතට අරන් මොනවද කරන්නෙ.

දෙයියනේ මගෙ කරුමෙ. ෆෝන් එක වයිබ්‍රේට් වෙනව. වෙලාව නරකම නෑ. මං නොදන්න ගානට හිටිය.

"අසියා, උඹ මොකද ඔතන කරන්නෙ වරෙන්කො"

"විනාඩියක් දියන්"

"මේ උඹේ විනාඩිය එස් එම් එස් වලටද? හසී මරයි තෝව"

මාව ගැස්සුනා. කවුද "හසී".

එයාල ගියා. මාත් එක්සිබිශන් හෝල් එක පැත්තට එන ගමන් ෆෝන් එක බැලුව. මැසේජ් එකක්..

"කොහෙද ඉන්නෙ"

"කඩුවෙල"

"ඇයි අන්සර් කරේ නැත්තෙ"

"ඇහුනෙ නෑ"

"හ්ම්ම්"
මේ මගුල කීයට ඉවර වෙයිද. මගේ වැඩේ කරගන්නත් එපැයි. හෙමීට ළමයෙක් ලඟට කිට්ටු උනා.

"ඔයත් මේ අවුට් වෙන බැජ් එකේද"

"ඔව් අක්කෙ"

"කොහොමද ඔයාලගෙ ස්ටඩීස් වෙන්නෙ. ඒ කිව්වෙ ඔක්කොම පර්මනන්ට් ලෙක්චරස්ලද නැත්තම් විසිටින් ඉන්නවද"

"දෙගොල්ලොම තමයි"

"හා හා. එතකොට ප්‍රැක්ටිකල් එහෙම හොඳට වෙනවද"

"ඇයි එහෙම ඇහුවෙ අක්කෙ"
මං ඉතින් මගේ පුන්චි ටිකිරි මොලේ පාවිච්චි කරා.

"නිකන් නංගි. මටත් කරන්න හිතුන. ඒකයි. මේ,නංගි ඔයාලගෙ බැජ් එකේ ගෑණුළමයි ගොඩක් ඉන්නවද"

"නෑ අක්කෙ. අපි අටක් විතර ඉන්නෙ. ඔක්කොම බෝයිස්ල. ලංකාවෙ හතරවටේම අය ඉන්නවනෙ. එන්නකො යන්න අපෙ යාලුවො ඉන්න තැනට"

දෙපාරක් නොහිතම මං ගියා. වෙන මොකටවත් නෙවෙයි "හසී"ව හොයාගන්න.

"එන්න අක්කෙ, මේ ඉන්නෙ අපේ සෙට් එක. නිපුනි, දනූ, හිමායා, රංගි... එතකොට අනිත් අය නම් නෑ. අර පැත්තෙ ඉන්නෙ. ම්ම්ම්ම් පෝඩ්ඩක් ඉන්න අක්කෙ, අර අර අතන ඉන්න එක්කෙනාව පේනවද අර පොතක් අතේ තියන් ඉන්නෙ"

"අර බෝයි ලඟ ඉන්න කෙනාද, ස්පෙක්ට්ස් දාගෙන ඉන්නෙ"

"ඔව්. එයා හසිනි. එයත් අපේ බැජ් එකේ. මළ ඇනයක්"
ආහ් එහෙනම් මෙයයි "හසී". මට ගිහින් හොඳ කනේ පාරවල් දෙකක් දෙන්න හිතුන. ඒත් මොකටද?

"ඇයි එහෙම කියන්නෙ"

"පිස්සු අනේ එයාට. කොයිවෙලේ බැලුවත් අපේ බැජ් එකේ ඉන්නව අසිත කියල බෝයි කෙනෙක්, එයාගෙ පස්සෙමයි"

"එහෙනම් දෙන්නගෙ අෆෙයර් එකක් ඇති"
පපුව නිකන් සීතල වෙලා යද්දි මං කිව්ව.

"පිස්සු අක්කෙ අසිත කාටදෝ මැරීගෙන ලව්. මේකි පස්සෙන් යනව"
මට මුකුත් කියන්න ලැබුණෙ නෑ.... කෝල් එකක් ආව. වටපිට නොබලම මං ආන්සර් කරා.
ෆෝන් එක බෑග් එකෙන් ගනිද්දි මොකක් හරි වැටෙනව දැනුනට මට ඒක අමතක උනා.

"රිතූ වැඩේ ඉවරද"

"සර්, වැඩේ නම් ඉවරයි"

"එහෙනම් හෙට උදෙන්ම එන්න. තව වැඩක් තියනව. ඔයාටයි, හර්ශටයි යන්න වෙනව"

"හොඳයි සර් මං උදෙන්ම එන්නම්"

"අක්කෙ යන්න කලින් අපි පොඩි ගමනක් යමුද"

අනේ මංද ආවෙ රාජකාරි වැඩකට. අක්කෙ අක්කෙ කිව්වට මොකෝ මගෙ වයසෙම උන් ටිකක් නිසා බෑ කියන්න බැරි උනා. දවස ගත උණා දැනුනෙ නෑ. මගෙ වැඩෙත් හරි. පුලුවන් හැම වෙලේම අසිතව මගහැරෙන විදියට හිටිය. එදා හවස අපි හැමෝම ගියා එතන තිබුණු පාර්ක් එකට.

මාර ෆන් එකේ හිටියා කාලෙකට පස්සෙ. ඒත් යන්න ලෑස්ති උනාමයි දුක හිතුනෙ. සමහර විට මේ මං අසිතව දැකපු මුල්ම අවස්ථාව වගේම අවසාන එකත් වෙයි. එයා කවදාවත් මාව දකින එකක් නෑ. අනික හිටිය ටික වෙලාවෙ තේරුනා හසී අසිතට ලඟ වැඩී කියල. අපි දුරයි.......

එක එක්කෙනා යන්න ගියා. ඒත් මං....

"ගෑණු ළමයො යන්න අදහසක් නෑ"
ඒ ශානුක. කටකාරයි. පිස්සෙක්.

"ඔයාල යන්න ශාන්, මං ටිකක් ඉඳල එන්නම්"

"අහා... කොල්ල එනව කිව්වනම් ඉවරනෙ. අපි දැක්ක ඉතින් මෙතනට ආව වෙලේ ඉඳන් ඇඟිලි කඩාගෙන එස් එම් එස් ගහනව. අනේ මංද ඉතින්"

"ගයනි දන්නවද මේ අපේ අසිතයටත් ඔය ලෙඩේ තියෙනෝ. හැබැයි ඉතින් මූ නම් ඇහින්වත් දැකල නැති.........."
නාරදට කියල ඉවර කරන්න උනේ නෑ. (ගයනි කියන්නෙ මෙයාලට මාව අදුන්නලා දුන්න මගෙ බොරු නම)

"බට්ටා නවත්තපන් ඕක"
අසිත කෑ ගැහුව.

"ඕකේ ඕකේ. තෝ ඕන මගුලක් කරගනින්. බැරිනම් ඕකත් එක්කම වැලලියං"
කට්ටියම යන්න ගියා.

මට එකපාරම අසිත දිහා බැලුනා. එයත් බලාගෙන.

"මං එයා එනකල් ඉඳල යනව. ඔයාල යන්න"
මං කිව්ව.

මට යන්න හිතුනෙ නෑ. නිකන් තනිවෙලා වගේ දැනුන මට. මං දිලූට කෝල් එකක් ගත්ත.

"රිතූ. කොහෙද උඹ"

"මං පාක් එකේ. එනවද සමීර එක්ක"

"රිතූ මොකද උනේ"

"ප්ලීස් දිල් එන්න"

"ඔතනම ඉඳපන් මං එනව"
.....................

එස් එම් එස් එකක්
"නංගියො"

"ඇයි"

"කොහෙද ඉන්නෙ"

"ගෙදර"

"බොරු"
මාව ගැස්සුණා. වටපිට බැලුවට කවුරුත් නෑ.

"ඇත්ත"

"එහෙනම් මෙතන මොකද කරන්නෙ"
 කන ළඟින් ඇහුනු කටහඬ මාව ටික වෙලාවකට ගල්පිලිමයක් කරා.

දෙයියනේ අසිත..

"අසිත"

"කුවේණි මොකද මෙතන කරන්නෙ"

"කුවේණි???"

"හිතුවෙ මං බබෙක් කියලද ආ???"

"අසිත"

"උදේ ඉඳන් හෙව්වෙ කවුද ඔයා කියල. මගේ ඇස් රවට්ටන්න ඔයාට බෑ නංගා. මොන පිස්සුවක්ද මේ. කොන්ඩෙ කඩාගෙන, මේක් අප් දාගෙන..."
මට කියන්න දෙයක් තිබුනෙ නෑ.

"අයියෙ"

"පිස්සි...මෝඩි... "

"අයියෙ"

"මාව පිස්සෙක් කරන්න එපා තවත්"

"අනේ ඉතින්"

"ප්‍රොමිස් වෙන්න මට"

"මොකටද"

"ආයෙත් කුවේණි වෙන්නෙ නෑ කියල"

"කොහොමද ඒක දැනගත්තෙ"

"අද උදේ. ඔයාව දැක්කට පස්සෙ"

"ඉතින්"

"මෙන්න මේකෙන්"
මට අසිත කොලයක් පෙන්නුව. මගෙ දෙයියනේ.  ඒක කොහොමද වැටුනෙ මගෙ අතින්. මගේ ජීවිතෙත් පරදුවට තියාගෙන කුවේණි නමින් මං ලියන ආටිකල් එක අසිතගෙ අතේ තිබුණ. ඒකෙ තිබුණෙ මං පත්තරේට ලියාගෙන ආව ආටිකල් එකක ඉතුරු බාගෙ.. ෆෝන් එක බෑග් එකෙන් ගනිද්දි වැටුනෙ මේකද....

"රිතූ"

"දිල්"

"මොකද උනේ"

"මොකද උනේ දරුවො"
සමීරයි, දිලුයි තරඟෙට අහනව. මට හිනා ගියා.

"දිල්, මේ අසිත"
මං අසිතව පෙන්නුව.

මගේ ජීවිතේ මං ආසම කරපු දවස් මට ලැබුනෙ ඊට පස්සෙ. දිලූ... සමීර වගේම අනිත් හැමෝම අපි ගැන සතුටු උණා. ඒ ආඩම්බරකාරයා මගේ උණා. 

මං ටික කාලෙකින් කුවේණි කියන චරිතෙන් ඈත් උනා. තනියෙන් ඉන්න කොට වගේ නෙවේනෙ. ජීවිතේ ලොකූ අවදානම් ගන්න අමාරුයි දැන්.





~ සමාප්තයි ~


___________________________________________________________________________________________________________________________________________________

ප.ලි.

පළමු කොටසින් පසු ඉතිරිය ඉක්මනින් පෝස්ට් කරන්න බැරි උනාට සමාවෙන්න යාලුවනේ. එකපිට ආව කරදර ගොඩයි. මළගෙවල් දෙකක් (මගෙ යාලුවගෙ තාත්තා සහ තවත් යාලුවෙක්ගෙ අය්ය ) වෙනුවෙන් කාලය වැය කරා. ඉන්ටර්විව් එකක් සහ තවත් වැඩ ගොඩක් තිබුණ. ප්‍රමාදය නිසා රසය නැති වෙලා ඇති කියල හිතෙනව.

20 comments:

  1. මරු මරු!! අපූරු අවසානයක්!

    ReplyDelete
    Replies
    1. හි හී. තැන්කූ බස්සියො

      Delete
    2. බස්සි අක්කගෙ බ්ලොග් එකට ලැබුනු ජයග්‍රහනයට සුභපැතුම්

      Delete
  2. මේක නම් නියම කතාව මම හරි ආසාවෙන් කියෙව්ව :)

    ReplyDelete
    Replies
    1. මේක හංසිගෙ කතාවද දන්නෙ නෑ :P

      Delete
    2. හංසිටත් ඔය අසිත වගේ යාළුවො හිටිය ..ආයෙ මොකට බොරු කියනවද ;) හැබැයි කතාව අවසන් උනේ නම් ඔහොම නෙවෙයි ;) :D

      Delete
    3. එහෙනම් කෝමද කමක් නෑ කමක්නෑ. ඔය නම් ගම් පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ලියන්ඩෝ.....

      Delete
  3. කලින් කොටස මිස් වෙලා. කොටස් දෙකම දැනුයි කියෙවුවෙ. ලස්සනයි නංගි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාලෙකින් ලිව්වෙ අය්යෙ. පරක්කු වෙලා හරි ඇවිත් යනවට ස්තුතියි

      Delete
  4. //ෆෝන් එක බෑග් එකෙන් ගනිද්දි මොකක් හරි වැටෙනව දැනුනට මට ඒක අමතක උනා.// මේක නොතිබ්බනම් හොඳයි කියල හිතුනා.. අන්තිම හරිය කියවද්දී තමයි කලින් කොටස මතක් වුනේ... නියමයි කතාව... (Y)

    ReplyDelete
    Replies
    1. එතන පොඩි නොගැලපීමක් මටත් දැනුනා. ඒත් ඒක හදන්න තරම් කාලයක් තිබුනෙ නෑ සිහින. එහෙමම පෝස්ට් කරා. අඩුපාඩු කියල දෙනවට ස්තුතියි ඔයාටත්.

      Delete
  5. හෆොයි....
    ෆට්ට ඈ...
    ෆට්ට කියන්නෙ පට්ට පට පට.... අපූරුයි ඔයා අකුරු පෙළගස්වනව..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ. ඔන්න ඔයාටත් සුභපැතුම් ඔයාගෙ ජයග්‍රහනයට. දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

      Delete
  6. නියමයි , ඉතාම අපූරු අවසානයක් ... ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්.

      Delete
  7. හ්ම්ම් අන්තිමේ කොහොම හරි දෙන්න එකතු උනා නේද? ලස්සනයි, අර මොකක්ද වැටුනි කිව්වම හිතුනා අසිතය ඕක අහුලා ගෙන මක්ක හරි වෙයි කියලා, ඔය වෙලා තියෙන්නේ ගෙඩි පිටින්ම. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහෙ හරි කෙලවරක් තියෙන්නත් එපැයි සොමී. ඔන්නොහේ ඒක අසිතට අරගන්න ඉඩෑරියා

      Delete
  8. ලස්සන ආරම්බයක්...... තවත් ජීවිත දෙකක.

    ලස්සන දවසක්...

    ReplyDelete
    Replies
    1. දවසක ලියනව සඳෝ ඔයාගෙ කතාවත්. හි හී

      Delete
    2. මට උන්හිටි තැන් නැතිවෙයි මැට්ටියේ.......

      Delete