අපිත් ඉතින් මෙහෙම හිටියට ඔය සුට්ටං ඇට්ටර වැඩ කරල හොඳට අත්දැකීම් ලබාපු උදවියනෙ. එකක් දෙකක් දාන්නම් ඉතිං.....
පවුලක මද්දුමයෙක් උනාම කන්න වෙන පරිප්පු කවුද අත්විඳල තියෙන්නෙ කියන්න බලන්න. ඇත්තටම ඒක හරිම අනුවේදනීය අවස්ථාවන්ට මුහුන දීමේ භාග්‍ය හිමිවෙන අති රමණීය පදවියක්. ඇත්තටම මං මේ කියන්නෙ......... බොරු නම් අහල බලන්න මද්දුමයෙක්ගෙන්.
ලොකුම අවනඩුව තමයි හැමපැත්තෙන්ම තැලෙන එක. උදාහරණයක් ගත්තොත්,
මට ඉන්නෙ අයියයි - නංගියි ඩබලක් ඉතින් මං නංගි එක්ක මොකකට හරි වලියක් දාගත්තොත් මව් හා පිය පාර්ශවය ඉතාමත් ආදරණීය ලෙස මට ආමන්ත්‍රනය කරනව පොඩි එකාව අවුස්සනව කියලා.... ඒ වගේම අයිය එක්ක පැටලුනොත් මට අයියගෙන් ගුටි පූජාවක් වගේම අනිත් අයගෙනුත් ප්‍රසංසා ලැබෙනව ලොකු අය එක්ක රණ්ඩු කරනව කියල...
කාටද මේ අවනඩුව කියන්නෙ....
මං ඉතින් ඔය ඔක්කොටෝම හරියන්න රිටන් එක දෙනව කාටවත් නොදැනෙන්න.
ඔන්න ඉතින් දවසක් අපේ සීය... ඒ කියන්නෙ අපේ අම්මගෙ තාත්තා අපිට ඉස්කෝලෙ නිවාඩු දෙන්න දවස් තුනකට කලින් ආව අපේ ගෙදර. ඔය පැමිනීමෙ එක අරමුනක් තමයි නිවාඩු දුන්න දවසට පහුවදාම මාවත් අරන් ගමේ යන එක. මොකද මං පුන්චිකාලෙ ඉඳන් හැදුනෙ වැඩුනෙ එයාල ලඟ. ඉස්කෝලෙ යන කාලෙ තමයි අම්මල ලඟට ආවෙ.
ඉතින් ඔහොම ආව දවසෙ අරන් ඇවිත් තිබුන බිබික්කන් (අද කාලෙ අයනම් ඕව දන්නෙ පොල්කේක් කියල ). අපේ අම්මත් සීයට තේ හදල දීල අපිටත් දීල අරකෙ ඉතුරු ටික හොඳට ඔතල අරන් තිබ්බ. මාත් ඕක නොදැක්ක වගේ අහක බලාගෙන හිටියා.
ඔන්න දවස් දෙකක් විතර ගිහින් අපිට නිවාඩුත් හම්බුනා. මං රෙදි ටික පොදි බඳිනව පහු වෙනිදට යන්න. අපේ නගා පුරුදු විදියට ඇඳ උඩ ඉඳගෙන අයිය එක්ක පොර ටෝකක් දෙනව මට ඇහෙන්න.
"මේ අයියෙ, හෙට චේතයි, රුසියි එක්ක වත්තෙ යං හොඳේ. අරවත් තියෙන එකේ නෙක්ටො එකක් ගත්තම ඇති. වැවේ නාන්ඩත් එක්කම යමු"
මේකි වත්ත කිව්වෙ අපෙ මාමට තියන ලොකු ඉඩමට. ඒකෙ වෙනම පොඩි ගෙයක් හදල මාම වත්ත වවාගෙන හිටිය. මාර පරිසරයක්. අපි හැමෝම ආසයි එහෙ යන්න. වැවකුත් තියනව.
"හ්ම්ම්. ගීතුත් එයි"
අයිය කියනව. ගීත් කියන්න එයාගෙ යාලුව.
මං ඉතින් සද්ද නැතුව රෙදි නවනව. මට මොකෝ කොහෙ ගියාම.
ඔන්න ඉතින් පහුවෙනිදට එලිය වැටුනු යාමෙ මමයි සීයයි යන්න ලෑස්ති උනා. අපේ අම්ම ඉතින් කිරිත් හදල දීල, කන්න දෙන්න කියල අර මල්ල ගේන්න ගියා. මෙන්න ටිකකින් අම්මගෙ අඳෝනාව ඇහෙනව.
"අනේ ඇත්තට මෙ කොල්ලට නං දෙන්න හිතෙනව පුපුරන්න දෙකක්. උඹ දොර වහගෙන හිටියට කමක්නෑ වරෙන්කො එලියට"
"මොකෝ ලොකූ"
ඒ අපේ සීය,
"බලන්න තාත්තෙ මේක පැණි රසවලට පුරුදු වෙලා මුකුත් තියන්න බෑ හොරෙන් කනව. මේකෙ බාගයක්ම නෑනෙ. නැගිටිද්දෙන්කො අද"
අම්ම උදේම වරම් අරන් කෑගහනව. මට මොකෝ අම්මයි පුතයි බලා ගන්නෙ නැතැයි. මං තේ බීල සීය එක්ක ආව.
හප්පේ බස් එකක පැය හතක් ඉඳගෙන යන එකේ ආශ්වාදය එක්ක මට පුදුම බැඳීමක් තියෙන්නෙ. හරියට අර බස්සි අක්ක කියනව වගේ ආත්මීය බැඳීමක්. ඔව් ඇත්තටම.
ඔහොම යනකොට ඉතින් ජොලි බඩගින්න ඇති වෙනව ඉබේම. එදත් මට ඒක ඒ විදියටම ඇති උනා. ඉතින් මං යන ගමන් හෙමීට බෑග් එකට අතදාල ඒකෙ තිබුණු යමක් එලියට ගත්ත කන්න කියල.
ඔව් කන්න, මට බඩගිනි නිසා....
මං කන්න පටන් ගත්තා....
ඔන්න මට මගේ ඇහේ කොනෙන් පේනව අපේ සීය හොඳටෝම හිනාවෙනව...
ඔව් හොඳටෝම හිනාවෙනව... හිනාවෙන ගමන් කනට කරල මෙහෙම ඇහුව..
"අම්ම අයියට ගහන්න ඇතිනේ"
"මොන පිස්සුද එයා අම්මට හොරෙන් කොස්ගහ උඩට නැගගෙන ඇති"
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මේක නම් ඉතින් මගේ එකක් නෙවෙයි අපේ නගාගෙ බොහොම කල්පනාකාරී, නුවණක්කාරී, සිඟිති ටිකිරි මොලෙන් කරපු වැඩක්.
අපේ අම්මයි අප්පච්චියි උදේ වැඩට ගියාම එන්නෙ හවසට. ඉතින් ඉස්කෝලෙ ඇරිල ආවම අපි තුන්දෙනා අපේ රාජධානියෙ තනි වෙලා ඇට්ටර වැඩ කරනව නොසෑහෙන්න.
සතියෙ එක දවසක් මටයි අයියටයි පන්තියක් තියෙනව ඉස්කෝලෙ ඉංග්‍රීසි ටීචගෙ. ඕකටත් ඉඳලයි අපි දෙන්න එදාට එන්නෙ. නගා ඇවිත් දොර වහගෙන ඉන්නව අපි එනකල්.
දවසක් ඔහොම ඉන්නකොට එහාපැත්තෙ ගෙදර අක්ක ඇවිත් නාන්ඩ ගඟට යන්න කතාකරල. මෙයත් ඉතින් ගිහින්.
එදා අපි පන්ති ඇරිල එනකොට අම්ම ඇවිත් කලින්ම. නංගිත් පැත්තකට වෙලා ඉන්නව අඬ අඬා...
"මොකෝ මේ"
අයිය ඇහුව. අම්ම කට තදකරන් හිනාව තදකරන් ඉන්නව. නංගිගෙ වොලියුම් අඩුවෙනවා...... වැඩි වෙනවා.....
"ඇයි අම්මෙ"
මාත් පොඩ්ඩක් බයෙන් වගේ ඇහුව.
අපේ අම්ම බෙල්ල දික්කරල දොර පෙන්නුව. මටයි අයියටයි පැන්න හිනාව මැද්දෙ අම්මත් හිනාවෙනකොට නංගි සයිරන් එකේ ෆුල් වොලියුම් මැද්දෙන් අතට අහු උනු සබ්බසකලමනාවම අපි දෙන්න දිහාට පාකරා....
අපි දෙන්න දෙයියනේ කියල වත්ත පහලටම දුවලයි පස්ස බැලුවෙ.
අයියටයි මටයි හිනාව නවත්තගන්න සෑහෙන වෙලා ගියා.
දන්නවද.......................
හොරුන්ගේ සහ දැනගතයුතු සියලු දෙනාගේ දෑස්වලට පෙනෙන පරිදි පොල්ගෙඩි සයිස් අකුරින් ලියූ කොලයක් දොරේ ගහලයි අපේ නගා නාන්ඩ ගිහින් තියෙන්නෙ.
"මං තිලිනි අක්ක එක්ක නාන්ඩ යනවා. යතුර මල් පෝච්චිය යට"
මරු ඈ.....යතුර මල් පෝච්චිය යට" හිහි..
ReplyDeleteහොරෙක් එහෙම ආවනං දැන්වීම ලියපු කෙනාටත් පිං දීගෙනමයි එළියට බහින්නෙ...
අර දෙවනියට දාල තියෙන පිංතූරෙ නං ටොප් ඇ...
අය්යට මොකද වුනේ කියල බැලුවෙ නැද්ද...
අපේ අයිය ඉතින් අම්මගෙ කේන්තිය ඉවරවෙනකල් ගහට වෙලා ඉන්නව. පස්සෙ හෙමීට බැහැල එනව.
Deleteහොරු නම් ඇවිත් නෑ. අපේ අම්ම නගාට නං හොඳට සංග්‍රහ කරල තිබුන.
අයියා කොස් ගහ උඩ හිටියද? :D
ReplyDeleteඋඩ ඉන්නේ නංගි ද?
ගෙට කවුරුත් පැනල නැද්ද?
දැන් යතුර හංගන්නේ කොහෙද? :D
අ.පො.ස. (සා/පෙ) :D
Deleteහුහ්... ඈ සිහිනයො අපි නැති වෙලාවක් බලල ගෙට පනින්නද හදන්නෙ. ඒව හඳේ ඈ. අපි දැන් යතුර හංගන්නේ..........
Deleteනෑ ඒක ඕන නෑ.
ඇත්තමයි ප්‍රියා අයියෙ සිහින පේපර් හදන කෙනෙක්ද කියල මටත් හිතුන...
නංගිගේ පණිවිඩිය නං මරු...
ReplyDeleteකතා දෙකම ලස්සනයි.. ඕවා ඒ කාලේ කෝම කරාද කියල දැං තමා හිතෙන්නේ.
අම්මේ ඔව්. ඇත්තටම දේශකතුමා, හරියට අර ගණදෙවි නුවණ වගේ ඕනම බාල්දියක් පෙරලන්න මොලේ තියනවනෙ. ඒකටත් එක්ක දැන්... හත්පොලේම ගාගෙන තමයි නවතින්නෙ.
Deleteකතා දෙකම මරු....
ReplyDeleteතැන්කියු ලොකූ.
Deleteසාදරයෙන් පිළිගන්නව අලුත් නිසා.
දිගටම එන්න විවේක තියෙන විදියට.
නංගි නියම මොළ කාරී, හොරු අකුරු කියවන්න් දන්නවයි , මද්දුමයා වුනේ මොකටද , එකනේ අපි පවුලේ වැඩිමලා වුනේ ... එතකොට රජ සැලකිලි
ReplyDeleteඇයි... පවුලේ එකම කොල්ලා උනහම....!!
Deleteඅනේ මන්ද ඉවාන් වෙලාවකට හිතෙනව බාලය උනා නම් හොඳයි කියල.
Deleteඇයි යකෝ සියලුම ප්‍රතිපාදන හිමි වෙනවනෙ. තරයේ හෙලා දකිනව මද්දුම තනතුරේ හිමිකාරීත්වය.
@ නිමෝ,
ඒකනම් එහෙම තමයි. ඔය අපේ අයියයි කියන එකා ඉන්නව නේද ඕකට සියලුම සැපසම්පත් හිමිවෙනව එදා වගේම අදත්. හරිම සෝචනීයයි මගේ ඉරණම.
(හොඳ වෙලාවට මේකා දැන් මේ රටෙත් නැත්තෙ. අනික මන් මෙව්ව බය නැතුව කියන්නෙ මන් බ්ලොගක් ලියනව කියල එයා දන්නෙ නැති නිසා. නැත්තන් මං ලියයි මෙව්ව, ඇයි යකෝ කරවල ගඳ ගහන මේස් එකේ ඉඳන් හම්පඩ ඩෙනිම් දක්වා වූ සියලුම රෙදි සේදීමේ භාග්‍ය හිමිවෙනවට කැමති කවුද? )
//මේක නම් ඉතින් මගේ එකක් නෙවෙයි අපේ නගාගෙ බොහොම කල්පනාකාරී, නුවණක්කාරී, සිඟිති ටිකිරි මොලෙන් කරපු වැඩක්.// හැක්!
ReplyDeleteමෙයා කරපු ඒවත් අර අහිංසක නංගිගෙ පිටින් යවලා. :D කොහොම උනත් මරු මොලේ.
අපොයි නෑ ප්‍රියා අය්යෙ. මං එයා පිටින් යැව්වෙ නෑ. අනික ඔය වගේ පොඩි දේවල් කරල නෑ මං. අපේ නගා කරන්නෙ ඔය වගේ සුට්ටං වැඩ.
Deleteමං කරපුව ලිව්වොත් එහෙම විනාසයි.
හැක හැක! පට්ටයි ඈ....
ReplyDeleteඅයියට වෙච්ච වැඩෙන් පේනවනෙ අපි වගේ වැඩිමල්ලුන්ට මූණ දෙන්න වෙන අභාග්‍යසම්පන්න සිදුවීම්!
හික් හික් හික්. ඔය වැඩිමල්ලුන්ව හෙලා දකිනව මං.
Deleteඕ යෑස්.... (හැබැයි ඉතින් අපේ වැඩිමලත් අක්කෙක් උනා නම් ඔය ගතිය පහවෙලා යන්න ඉඩ තිබුන )
කොහොම උනත් මට තියෙන දුක කියන්නෙ, අපේ අය්ය මොන කුප්ප වැඩක් කරත් ඌ බේරිලා. ගෙදරට එන මිනිස්සු කියන්නෙත් "මේ ගෙදර කෙල්ලො දෙන්නෙක් නම් ඉන්නව දන්නව හැබැයි කොල්ලෙක් නම් නෑ කියල". ඒ තරමට මූ සාන්ත දාන්ත තීන්ත කූඩුව පිට මිනිස්සුන්ට.
මට නම් දුක ඔය මද්දුමී ගැන නෙමේ අර බඩපිස්සී ගැන ..මොකද මාත් ඒ වගේ බඩපිස්සියෙක්නේ :D
ReplyDeleteඅනේ ඇත්තට මුන් ඔක්කොම එකයි. එක්කො වැඩිමල්ලු, නැත්තම් බාලයො, මං තනි වෙලානෙ :(
Deleteශා ටිකිරි මොල ටික ඇලෙන් දෝවලා ගත්තනම් රත්තරං :D
ReplyDeleteඅයියයි මමයි මරා ගත්තට කන බොන ඒවා බොදා හදාගෙන හොරා කෑව, එක සැරයක් ලොකු මාමලාගේ ගෙදර ගිහින් කන්න බිස්කටුයි කෙකුයි දීල ඔන්න තේත් දීලා දැන් මෙසේ අස්කරලා කුස්සියේ මේසෙන් ඔක්කොම ගෙනත් තිබ්බා, මමයි අයියයි ගේ වැටෙන කුස්සියට පැනලා ඕකටත් වැඩේ දුන්නා, එවෙලේම තව මනුස්සයෙක් ආව, ඒ මනුස්සයට දෙන්න දෙයක් නැහැ දැන්, නන්දා කියනවා බලන්නකෝ මෙසේ තියෙන ඒවා හොර පුසා කාලනේ කියලා, එතකොට ලොකු මාම කියපි ඔව් ඔව් හොර පුසෝ දෙන්නෙක්ම කුස්සියට ගාටනවා දැක්කා කියලා. :D
හෙක් හෙක් පොඩි එකෙක්ව අඬවලා බලන්න ඕනා, හෙක් හෙක් ඒකව අඬවලා පොඩි බයිට් පාරක් දුන්නම පට්ට ආතල් :D
ඔය වොලියුම් අඩු වැඩි කර කර අඬන කොට හෙක් හෙක් :D :3, ආයේ බයිට් පාරක් දුන්නම ආයෙත් වොලියුම් නගිනවා :D
අපේ නගාගෙ ඔය වොලියුම් අවුල සෑහෙන්න තිබුනා. අපේ අයිය තමයි අවුස්සල ගන්නෙ. :D
Deleteසොමියත් හොඳ හොඳ වැඩ කරල තියෙනව නේහ් පුංචි සන්දියෙ :P
ආයේ මොනවද මගේ ඇට්ටර වැඩ තියෙන්නේ මගේ කාමරේ ඇතුලෙම නෙව. කාමරේ දොරේ ලොක් එක අල්ලනකොට කරන්ට් වදින්න, දොර ඇරියොත් බාල්දියක් පෙරලෙන්න... වැඩි වැඩ නෑ....!!
ReplyDeleteඅනෙ අම්මෝ ඔය කරන්ට් වලට නම් මං බයයි. ආසාවට ටීවී එකේ වයර් ටිකවත් අල්ලන්නෙ නෑ. අපේ අයිය නම් දවසක් කරන්ට් හුටපටේකට අප්පච්චිගෙන් ගුටිත් කෑව.
Deletemare maru mn dengena hitiye nene mechchara attara weda koranawa kiyala... :)
ReplyDeleteayyooo mata sinhala kotanna thmath beriyoooooooooooooo
මූන දැක්කම කියන්න බෑනෙ නේද බං.
Deleteඔය ඇට්ටර ගතිය නිසා තමයි සඳෝ අපේ සර් එක්ක ඉහගහල ඉන්නෙ.
හරිම ලස්සනට ලියලා තියෙනවා තනුජා....නංගිලා මල්ලිලා සෙට් එකම මතක්වුනා.
ReplyDeleteපොඩිකාලෙ කරපු වැඩනම් මතක් කර කර හිනාවෙන්න පුලුවන් අරූ.
Deleteමං හිතන්නෙ මේ පැත්තට ආව පළවෙනි වතාව වෙන්න ඕනි.