කම්මැලියි හොඳටම... දැන්නම් එපා වෙලා. ඉලක්කම් එක්ක හැප්පෙන ජීවිතේ කවදා අකුරු එක්ක ගෙවන්නද මන්දා. ඊයෙත් දිලූ බැන්න.
"මොකක්ද බං, එපා වෙලා වගේ ජොබ් එක කරන්න එපා. පත්තරේකවත් ජොබක් හොයාගනින්. අඩුමගානෙ උබේ ඔය මැලවෙච්ච මූනෙ එතකොටවත් හිනාවක් තියෙයි"
"ගනන් අප්පිරියයි බං"
"ඒකනෙ. ඉඳපංකො මං සමීරටවත් කියල බලන්නං"
"හ්ම්ම්"
පුංචි කාලෙ ඉඳන්ම මගේ ආසාව ලියන්න. ඒත් මගේ කරුමෙට මන් හෙව්ව විදියෙ රස්සාවක් මට ලැබුනෙ නෑ. ආර්ථිකේ දුර්වල වෙනකොට ලැබුන රස්සාව කරන්න මං හිත හදාගත්ත. ඒත් මේක නෙවෙයි මගේ ජීවිතේ.
ලැප් එක ඕන් කරගත්ත. දැන් ඉතින් ෆේස්බුක්. මගේ පාලුව මකන, මගේ අදහස් එළියට දාන එකම තැන.
ඔහ්... මැසේජස්. කවුද මේ.
ම්ම්ම් අසිත.. පිස්සු කොල්ල. කෝ බලන්න.
"හෙලෝ.. ගෙදර කවුද....."
"එනවකො මෝඩි"
"මැට්ටි. ඇයි ලේට් මං යනව"
හ්ම්ම්.. තව ගොඩක් මැසෙජ් එවල. එයාම විතරයි. වෙලාවකට මටත් පිස්සු."මැට්ටො මට වැඩ. දැනුයි ෆ්‍රී උනේ"
"මොකෝ ඕෆ් ලයින්"
"අහ් ඔයා හිටියද"
"මන් තරහයි"
"මෙන්න වැඩක්, ඒ මොකද"
"මං ගැන ගානක්වත් නෑ ඔයාට"
"ඔව්. මට වැඩ"
"නපුරි"
අසිත ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයි. එයා තාම ඉගනගන්නව. මම නම් දෙකම එකට. වෙලාවකට කරදරයි. ඒත් කාටවත් වදයක් නෑනෙ.
ඒ අස්සෙ කවුද දොරට ගහන්නෙ,
"රිතූ"
"පොඩ්ඩක් හිටින්. මේ එනව"
"මොකෝ බං දොර අරින්න පරක්කු, ආහ් මට හිතුන.. මට හිතුන උඹ චැටක කියල"
"බෙරිහන් නොදී හිටපන්"
"ආ... ගනින් මේක"
"මොකක්ද මේ"
"කියෝල බලපන්."
මට දැනුනෙ මුලු ලෝකෙම ලැබුන වගේ. මං නොහිතුව දෙයක්. ඒක පේපර් ඇඩ් එකක්. සමීර හොයල දීල මට දෙන්න කියල. පවු. දිලුයි සමීරයි හරියට මහන්සි වෙනව වෙලාවකට. අහම්බෙන් හම්බුනත් හිත හොඳ යාලුවො දෙන්නෙක්.
*****************************************************************************
"දැන් මිස් රිතූ මේ පේපර් ඇඩ් එකට ඇප්ලිකේශන් දැම්මෙ හොඳට හිතල බලලද"
"ඔව් සර්"
"ඔයා නොහිතුවට මේක ලොකු රිස්ක් එකක්. අනික අපි බලාපොරොත්තු වෙන්නෙ මේල් ආටිස්ට් කෙනෙක්. මොකද ආරක්ශාව පිළිබඳ වගකීම වැඩිය ගන්න බෑ අපිට"
"ඇත්ත සර්. ඒත් පිරිමි කෙනෙක්ට වගේම වගකීමක් බාර අරන් කරන්න හැකියාව අපටත් තියනව"
"හොඳයි අපි මෙහෙම හිතමු. ඔයාට දෙනව රසවින්දන ආටිකල් එකක් කරන්න. කවි, නිසඳැස් වගේ පිටුවක්. ඔයාගෙ එකක් අනිවාර්යෙන්ම වැටෙන්නත් ඕනි. දැන් හදන්න පුලුවන්ද. හැබැයි මං ගැන"
මට ආපු හිනාව නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්. මෙයාට කවියක් හැදුවොත් යම රජ්ජුරුවන්ට තමයි සමාන කරන්න වෙන්නෙ.රතු ඇස්... මහත බඩ... උඩු රැවුල... ඔක්කොටම වඩා කොටමහත, නියපොතු ලොකු ඇඟිලි... හික්ස්....
"මෙහෙමයි සර්... මට කරන්න පුලුවන්. ඒත් ඒක තාත්ත්වික නෑ. හදවතින්ම එන හැඟීමක් නෙවෙයි. එහෙම වෙන්න මට බෑ"
එතනින් එළියට මං ආවෙ හිස් වෙච්ච හැඟීමෙන්. ඒත්.......
"මිස්"
කන ළඟින් ඇහුණු හඬට මං ගැස්සුණා.
දැකල පුරුදු මූණක්.
"මිස්ට මාව මතකද"
"සර්, ඉන්ටර්විව් බෝඩ් එකේ......"
"හරි හරි. මතකයි එහෙනම්"
"ඒත් සර් මෙතන. තාම ඉන්ටර්විව් ඉවර නෑනෙ"
"ඔයා හිතුවෙ මාත් ඒ පත්තරේ කියලද දරුවො"
"නැතුව බෝඩ් එකට ඉන්නෙ නෑනෙ සර්"
"ඔයාගෙ තර්ක නම් මරු. මං මේ ආවෙත් ඒකයි. මමයි, විජිතයි යාලුවො. ඒ නිසයි මාත් ආවෙ. යාලුකම වෙනයි, රස්සාව වෙනයි. දෙයක් දැනගන්න ආවෙ මම. ම්ම්ම්.......මෙහෙම කියන්න බෑ. මෙන්න මගේ පත්තරේ එඩ්‍රස් එක. හෙට උදේ නවයට එන්න මාව මීට් වෙන්න"
මගෙ අතට විසිටින් කාඩ් එක දීල එයා ගියා.
රෑ පුරා කල්පනා කලත් හිතාගන්න බැරි උනා. කමක් නෑ කියල හිතාගෙන මං ඒ සර්ව මීට් උනා. ඔන්න ඔහොමයි මං මගේ ආසාව ඉටු කරගත්තෙ.
මම පත්තරේට ලිව්වෙ මගේ නමින් නෙවෙයි. ඒක කවුරුත් දන්නෙ නෑ. පත්තරේ ටික දෙනෙක් ඇරෙන්න. අඩුම ගානෙ සමීරවත්, දිලූවත්. අහන්න උන් පත්තරේ බලන්නෙත් නෑ. මගේ ජොබ් එක අහන අයට මං කිව්වෙත් බොරුවක්. නිතර චැට් කරන අසිතටත්.
දවසක් වැඩ ඇරිල එනකොට සමීර ඇවිත්. මූටත් කෙල්ලව නොදැක දවසක්වත් ඉන්න බෑ.
"මේ දිලූ, කෝ අර ඉස්සර මූණ හපුටු කර ගෙන ඉන්න ඔයාගෙ යාලුව"
යකෝ මේක හදන්නෙ මාව මඩවන්න. ඒව කොහෙද.....
"ආ ඒකිට පයින් එකක් දීල එලෝල මං ආව දිලූගෙ තනියට"
සමීරයි - දිලුයි හිනාවෙනව. දිලූට අතට අහු උන කුශන් එකෙන් ගහල මං කාමරේට ආව.
අපි දැම්ම පුංචි පාටියක්. සමීර, දිලූ, මම......... කවුරු හිටියත් පොඩියට පාලුවක් දැනෙනව. එකපාරටම මතක් උනේ අසිතව. FB ලොග් වෙන්න ඕනි රෑට.
"මොකෝ කල්පනාව"
"මුකුත් නෑ සමීර"
"අනේ නිකන් ඉදින්. මේ ඕකට හොඳ බේතක් නම් තියනවා..............."
"අනෙ මේ, කටවහගෙන ඉඳපන්. මට තියෙන වැඩ එක්ක බබාලව නළවන්න වෙලා නෑ"
"හිටියනම් නලවන්නෙ නැතුවම ඉදී නැද්ද සමී"
"ඒ පාර උඹත් පටන් ගත්තද.. දිලූ............. උඹල ඕන මගුලක් කරගනිල්ල මං යනව"
උන් දෙන්නට පාඩුවේ ඉන්න දීල මං කාමරේට ආව. අසිත එක්ක කතා කරන්න ඕනි.
ම්ම්ම් මෙන්න මෙයා ඔන්ලයින්
"මිස්ට මැටිස් මට හොරෙන් FB ආව නේද"
"ඇයි ඔයත් එන්නෙ"
"හරි හරි. කාලද ඉන්නෙ"
"ඔව්"
"හ්ම්ම්"
"ඇයි"
"නිකන්"
"ඔයා කාලද නංගා"
"අද පාටියක්"
"කාගෙද"
"කවුරුත් නෑ. මමයි දිලුයි සමීරයි"
"හ්ම්ම්ම්, නංගි.."
"ඇයි"
"ගෙදර යන්නෙ නෑ"
"නිවාඩුවක් හම්බුනේ නෑ අය්යෙ"
අසිත එක්ක කතාකරද්දි අමුතු හැඟීමක් දැනෙනව. හරියට එයා මගේ වගේ. ඒත් කවදාවත් දැකල නෑ. අපි එකම පළාතක. ඒත් දැකල නෑ. අහම්බෙන් හම්බුනේ FB එකෙන්. ඉන්නෙත් මේ කලබල නගරෙමයි.
ඒත්..... එයාට කෙනෙක් ඉන්නව ඇති. මටත් පිස්සුනෙ.
*********************************************************************************
"රිතූ"
"සර්"
"කතා කලේ පොඩි වැඩක් බාර දෙන්න"
"කියන්න සර්"
"මෙන්න මේ එඩ්‍රස් එකට හෙට උදේම යන්න. ඔය ඉන්ස්ටිටියුට් එකේ තියෙන ප්‍රෝග්‍රම් එක කවර් කරන්න. කිසිම වෙලාවක තමන් කවුද කියල අර නමින් අදුන්නල දෙන්න එපා. අලුත් කෙනෙක් කියන්න. මේ බාර දුන්න වැඩේ ඇතුලෙ තියන කතාව ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ."
සර් බාර දුන්න වැඩේ මට හොඳටම තේරුනා. මං මගේ ටේබල් එකට ඇවිත් විස්තර ටිකක් හොයන්න ගත්තා. ඒත් එක පාරටම මට මතක් උනේ අසිතව.
මාව අහුවෙයිද?
~ මතු සබැඳි ~
ඔහ්! මරු මරු! කුතුහලේ තියෙන කතාවක් වගේ....
ReplyDeleteනිවාඩු පාඩුවෙ හෙටත් පියාඹන්න. ඉතුරු ටිකත් දානවෝ.
Deleteආ.. ඒක නම් ඉස්සරහට කියවලා බලන්නම ඕනි....
ReplyDeleteඑන්ට එන්ට. ඇවිත් කියෝල බලන්නකො.
Deleteහ්ම්ම් අපි බලමුකෝ එහෙනම් අසිතගේ නපුරිව අහුවෙයිද කියලා, අලුත් කතාවක් වගේ, ආව් ආව් තවත් එකක් නේ, පාලම කඩලා ඒ පාර මොකක්ද හදන්නේ. ඔහොම යන්,
ReplyDeleteජය වේවා!!!
පාලම කැඩුවෙ නැතෝ. පාලම දිගේ යන වෙන දෙන්නෙක් මේ. නපුරිට මොකක්ද වෙන්නෙ බලමු හෙට සොමී ජය වේවා!!!
Deleteහම්මේ ඉතින්.. තව එකක්... ඔහොම යන් ඔහොම යන්.... ඒ පාර අසිත!!!! :D
ReplyDeleteනම් නෑ සිහිනයො දාන්න. හොඳ නම් ටිකක් එවන්ඩෝ.
Deleteඅසිතට බිංදුව වැටෙයිද දන්නෙත් නෑ. :D
ලස්සනයි.............. සුභ පැතුම්
ReplyDeleteස්තුතියි කුරුටු.
Deleteකව්ද ඔය අසිතයා.. මට නං හැකයි..
ReplyDeleteසැක් ඉතරක් මේ දේශකතුමා එක්ක බෑනෙ මේ වැඩේ කොරන්න. හයියූ මන්දා....
Deleteහිතට හොරෙන් කියෙවුවට ටිකක් තේරුනේ නෑවගේ නංගා... ආයෙම කියවලා දුරකථන බාහුව පැතතට ගොඩවෙන්නන්කො....
ReplyDeleteආ.... ඔය බට්ටිට වැඩිය ආදරේ කරන්න දෙන්නෙ නැතුව ඉදහං
හරි හරි. කියෝල එන්නකො අය්යෙ.
Deleteමං කිව්වට අහන්නෙ නෑ ඒකි
මට නිකන් කියවනකොට හිතුනෙ තනුජට වෙච්ච දෙයක් වගේ මතු සම්බන්දයි කියල දැක්කමනේ මේක කතාවක් කියල තේරුනේ නියමයි නියමයි . බලමු ඊළඟට මොනාද වෙන්නේ කියල :)
ReplyDeleteහි හී එහෙම හිතුනද. නෑ නෑ. මට වෙච්ච එකක් නෙවෙයි හංසියො. හිතල ලියන එකක්
Deleteකතාව ලියලා තියෙන විදිහ නම් නියමයි.. බලමුකෝ එහෙනම් ඊට පස්සේ මොකද වුනේ කියලා ..
ReplyDeleteහ්ම්ම්. එන්න එන්න තුශානි. සතුටක් ඔයාල මාත් එක්ක ඉන්න එක
Delete