ඒලෙවල් ඉවර උන ගමන්ම අපෙ අප්පච්චි මාව කම්පියුටර් කෝස් එකක් කරන්න ගිහින් දැම්ම. මාස හයකට. හොස්ටල් වල තමයි ඉන්න තිබුනෙ. එතනට මං ගියෙ අඬ අඬා. කොටින්ම කිව්වොත් ඒකෙ ඉන්ටර්විව් එකට ගිහින් මන් බොරුත් කිව්ව. ඒත් යන්න උනා. ඒක මගේ ජීවිතේ ලොකූ වෙනසක් කරපු කාලයක් උනා.
(ඔය අතරට ඉතින් ඉනේ සයිස් එක 30 විතර ඇදපු මං 24ට විතර වැටුන එක, ඉස්සර ඇඳපු ඇඳුම් බාච්චු වගේ උන එක එහෙමත් අයිතියි. )
එහෙදි අපි කාටවත් දෙන්න තුන්දෙනා රංචු ගැහෙන්න දුන්නෙ නෑ. ඔක්කොම එකයි නීතිය තදින්ම ක්‍රියාත්මක උනා. අපි ඔක්කොම 40ක් හිටිය. අයි.ටී. වලට 20යි, එෆ්.ටී. වලට 20යි (ෆූඩ් ටෙක්නොලොජි ) ඉතින් දෙයියනේ කියල හිටියට දෙයියො සිහිවෙන වැඩ නම් මදි නොකියන්න කෙරුවා. අපි ඔය ගුරුවරු කියන දේ හිස්මුදුනින්ම පිළිගන්න කීකරු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදියට සතියක් යන්න කලින් සාත්තර සූත්තර ගැළපෙන කට්ටිය ආශ්‍රයටත් වැටුණා.
එක එක පැති වලින් ආව කට්ටිය තමයි මෙහෙ එකට හිටියෙ. ඔන්න ඉතින් ඔහොම ඉන්න කොට මට සෙට් උනා මෙන්න මේ අයව.
1.චමිත් (තදයා) - ගම්පොළ
2.කමල් (ශාරුක් භායි ) - මොණරාගල
3.ලංකා (ආලෝකෙ ) - නිට්ටඹුව
4.ශෂිනි (පොඩී) - ආමර් ස්ට්‍රීට්
5.ලක්ශිකා (ලකී) - සෙවනගල
6.කාංචනා (මැණිකෙ, සමහර වෙලාවට මැකණියා) - නුවර
7.තුශාරි (මීක් මීක්) - මොණරාගල
8.ඔව් ඉතින් මං තමයි අනිත් එකී (චමිත්ට පමණක් හොට්ටි, අනිත් අයට දේදු ) - මොණරාගල
අපි ඉතින් අන්තිම වෙනකොට අටේ කල්ලිය විදියට ඇඩ්මිනිස්ට්‍රේශන් එකටත් ජින්ජර් ටීම් එක විදියට අනිත් සෙන්ටර් වලත් බොහොම ප්‍රසිද්දියට ලක් උනා. ඒකට හේතුව උනේ අපි කරපු හොදවැඩ, බාල්දි බකට් වගේම මදි නොකියන්න කරපු ජිල්මාට් වැඩ නිසා.
සෙන්ටර් එකේදි අපිව මුලින්ම ටීම් වලට වෙන් කරා. සතියකට වතාවක් අපේ සාමාජිකයො චේන්ජ් කරනව සහයෝගීතාවය කියන එක වර්ධනය වෙන්න කියල. එතකොට ඉතින් වලි ලෝකයයි.
සෙන්ටර් එකේදි අපිව මුලින්ම ටීම් වලට වෙන් කරා. සතියකට වතාවක් අපේ සාමාජිකයො චේන්ජ් කරනව සහයෝගීතාවය කියන එක වර්ධනය වෙන්න කියල. එතකොට ඉතින් වලි ලෝකයයි.
මෙහෙදි කරපු වැඩ පස්සෙ දාන්නම්. අද මම මේ පෝස්ට් එක ලියන්න විශේෂ හේතුවකට.
අද මං කියන්න හදන කතාවට වස්තු බීජය තමයි ඔය නම් ලිස්ට් එකේ එකටම ඉන්නෙ. චමිත්... යාලු ෆිට් එකට තදයා. එහෙම කිව්වෙ ඉතින් එයා බොහෝම හොඳට ඉවසීම ප්‍රගුණ කරල තියෙන නිසා :).
තාත්ත එයා පොඩි කාලෙම මැරිල. අම්මයි, අයියල දෙන්නයි, අක්කයි තමයි එයාගෙ ලෝකෙ. හරිම සංවේදී චරිතයක්. චේ ගුවේරට පණ ඇරල ආදරෙයි.
මොන දේ කරත් අපි කට්ටිය හැමදාම රිසල්ට් ලිස්ට් එකේ උඩින්ම එක පේළියට හිටියා. චමිත් තමයි එක. දක්ශතා ගොඩක් තිබුන කෙනෙක් එයා.
තාත්ත එයා පොඩි කාලෙම මැරිල. අම්මයි, අයියල දෙන්නයි, අක්කයි තමයි එයාගෙ ලෝකෙ. හරිම සංවේදී චරිතයක්. චේ ගුවේරට පණ ඇරල ආදරෙයි.
මොන දේ කරත් අපි කට්ටිය හැමදාම රිසල්ට් ලිස්ට් එකේ උඩින්ම එක පේළියට හිටියා. චමිත් තමයි එක. දක්ශතා ගොඩක් තිබුන කෙනෙක් එයා.
චමිත්ව යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න ඇත්තටම මම ලකී. එයාගෙ හොඳ ගති ගුණ ගැන කියන්න වචන නෑ. තමන්ට නැතත් අනුන්ට දෙන්න ඕනි කියන සංකල්පය එයාට හොඳට පිහිටල තිබුණ. අපිට කරදරයක් වෙලාවට උපරිම උදව් කරනව, නැති වෙලාවට මේකා අපිට කරදර මවනව.
එහෙදි වසංගතයක් වගේ අපි හැමෝටම ඇස් ලෙඩ හැදුණ. බේරුණේ පස් දෙනයි. චමිතුත් ඒ ගොඩේ හිටිය. අපිට වගේම අපිව ප්‍රතික්ශේප කරපු අයටත් අන්තිමට උදව් කලේ අපේ යාලුවා. එයාව වර්ජනය කරල එයාගෙ පීරියඩ් එක කැන්සල් කරන්න පෙත්සම් යවපු අයටත් ඒකෙන් එයා හොඳ උත්තරයක් දුන්න.
ආයෙත් දවසක මේ පිස්සා කොල්ලොත් එක්ක ඔට්ටු දාල කමල් එක්ක වැවේ පීනල දිනුව. අපේ කැෆටේරියා එක හදල තිබුනෙ වැවක් උඩ. ඒකෙ තමයි පීනුවෙ.
දවසක් අපි දෙන්න හොඳටම රණ්ඩු උණා. හේතුව තමයි අපිට විරුද්ධව අභීත ලෙස නැගී හිටපු ටීම් එකේ ලීඩර් මට ආදරය ප්‍රකාශ කිරීම. (ඉහළින් අපිට ලැබිල තිබුණ නියෝග අනුව ප්‍රේමය තහනම්. ඒ උණාට හොරෙන් කරපු උන් හිටියා. අපිට ඉතින් ඔය උණ එහෙම තදේට තිබුනෙ නෑ)
ඒ අවුරුද්දෙ මගේ උපන්දිනේ මට හොඳටම මතක තියෙන්නෙත් චමිත් නිසා. කලින් දවසෙ එයාගෙ අම්ම ආව. අලුත් සෙරෙප්පු දෙකක් ගෙනත් තිබුන. එයා අම්මත් එක්ක කතා කරල එනකල් අපි කට්ටිය හොස්ටල් එකට ආව. මගදි අර බෝයි මට කතා කරා. මං නැවතුනා. අපේ මේට්‍රන් මිසුත් එතන හිටියෙ. අනිත් අය හොස්ටල් ගියා. ටිකක් වෙලා එතන ඉන්න කොට චමිත් ආව. මගේ දිහා බලන්නෙත් නැතුව දිගටම ගියා. මං දැන ගත්තා ආයෙත් චමිත්ව යාලු කරගන්න අමාරුයි කියලා. ඒ උනාට බැනුම් අහන්න හරි ගුටි කන්න හරි කියල මාත් ඉක්මණට මේකගෙ පස්සෙන් ගියා..
ම්හු...මූ නෙවෙයි මගෙ හෙවනැල්ල දිහාවත් බැලුවෙ.
එදා දවස ගෙවුණ. චමිත් තරහින්. පහුවෙනිද මගෙ බර්ත් ඩේ එක. හැමෝම විශ් කරා. චමිත් දන්නෑ වගේ හිටිය. පොඩ්ඩක් දුක හිතුණට මාත් ගණන් ගත්තෙ නෑ. දවල් අපෙ අම්ම ආව. මෙන්න බොලේ මේක මන් එන ඩිංගට අපේ අම්මත් එක්ක හිනා වෙවී කතාව. මට දැන් මල් හතයි. ඒ උණත් සහෝදරවරුනි මුගේ තියන කුප්ප ගතිය කියන්නෙ අපෙ අම්ම ගෙනාපු මන් ආසම චීස් බට්න්ස් පැකට් එක අරගෙන මගෙ මූණවත් නොබල කකා ගියා. මාත් ඉතින් අම්ම එක්ක කතා කර කර ඉඳල එයා ගියාට පස්සෙ දුවගෙන ගියා, මගේ ටීම් එකේ ඇත්තො එතකොටත් අනිත් අයට ට්‍රීට් කරල ඉතුරු ටිකට වග කියනව. ඒ උණාට තදයා මිසින්.
හවස් වෙනකල්ම මූ හොස්ටල් එකේ ඉඳල ආව. අපි හැමෝම පාඩම් කරන්න යන ගමන් මන් චමිත්ගෙ කකුල රිදෙන්නම පෑගුවා (මේකා අලුත් සෙරෙප්පු දෙක දාගෙන හිටියෙ ). ඇත්ත වශයෙන්ම කියනවනම් පින්වතුනි මූ මට හැරෙන තැපෑලෙන්ම දුන්න පයින් පාරක් හරියටම මාසයක් විතර යනකල් නිල් වෙලා තිබුණ කකුල. අන්න එහෙමයි මේකගෙ වැඩ.
එදා රෑ සංවාද මණ්ඩපේදි මේකා කියපි නැතැයි සින්දුවක්. කැමති කට්ටියට ඔන්න අහන්න පුලුවන්. එදා මට ඇඩුණත් එක්ක. (මේකෙ විෂුවල් නම් විකාරයි. ගත්තෙ යූ ටියුබ් 1න්. හෙව්වට වෙන කොහෙවත් තිබුනෙ නෑ.)
ම්හු...මූ නෙවෙයි මගෙ හෙවනැල්ල දිහාවත් බැලුවෙ.
එදා දවස ගෙවුණ. චමිත් තරහින්. පහුවෙනිද මගෙ බර්ත් ඩේ එක. හැමෝම විශ් කරා. චමිත් දන්නෑ වගේ හිටිය. පොඩ්ඩක් දුක හිතුණට මාත් ගණන් ගත්තෙ නෑ. දවල් අපෙ අම්ම ආව. මෙන්න බොලේ මේක මන් එන ඩිංගට අපේ අම්මත් එක්ක හිනා වෙවී කතාව. මට දැන් මල් හතයි. ඒ උණත් සහෝදරවරුනි මුගේ තියන කුප්ප ගතිය කියන්නෙ අපෙ අම්ම ගෙනාපු මන් ආසම චීස් බට්න්ස් පැකට් එක අරගෙන මගෙ මූණවත් නොබල කකා ගියා. මාත් ඉතින් අම්ම එක්ක කතා කර කර ඉඳල එයා ගියාට පස්සෙ දුවගෙන ගියා, මගේ ටීම් එකේ ඇත්තො එතකොටත් අනිත් අයට ට්‍රීට් කරල ඉතුරු ටිකට වග කියනව. ඒ උණාට තදයා මිසින්.
හවස් වෙනකල්ම මූ හොස්ටල් එකේ ඉඳල ආව. අපි හැමෝම පාඩම් කරන්න යන ගමන් මන් චමිත්ගෙ කකුල රිදෙන්නම පෑගුවා (මේකා අලුත් සෙරෙප්පු දෙක දාගෙන හිටියෙ ). ඇත්ත වශයෙන්ම කියනවනම් පින්වතුනි මූ මට හැරෙන තැපෑලෙන්ම දුන්න පයින් පාරක් හරියටම මාසයක් විතර යනකල් නිල් වෙලා තිබුණ කකුල. අන්න එහෙමයි මේකගෙ වැඩ.
එදා රෑ සංවාද මණ්ඩපේදි මේකා කියපි නැතැයි සින්දුවක්. කැමති කට්ටියට ඔන්න අහන්න පුලුවන්. එදා මට ඇඩුණත් එක්ක. (මේකෙ විෂුවල් නම් විකාරයි. ගත්තෙ යූ ටියුබ් 1න්. හෙව්වට වෙන කොහෙවත් තිබුනෙ නෑ.)
අඹ යාළුවේ.....නිබඳ සෙවනැල්ල සේ...
මගෙ ලෝකයේ...ඔබම මිනි පහන වේ...
මගෙ යාළුවේ ...පිපුණු මල් දෙකක් වගේ...
මිතුදම් රකිමී.....පරම සෙනෙහෙන් බැදී...
මගෙ යාළුවේ ...පිපුණු මල් දෙකක් වගේ...
මිතුදම් රකිමී.....පරම සෙනෙහෙන් බැදී...
ඔය වගේ පිස්සු වැඩ කරපු තදයට එකතැනක වැඩ කරන්න බැරිකමක් තිබුණ. ඉතින් බැංකුවක ජොබ් එක අවුරුද්දකින් අතහැරල, තව තැනක ඉඳල තායිලන්ඩ් පැත්තෙත් ගිහින් ඇවිත් ඒකත් අතහැරල දාල, පේන්ට් කම්පැණි එකක ජොබ් එක කරලා ඒකත් එපා කියල අත්හැරල දැම්ම.
ඔය මොන දේ කරත් නිවාඩු වෙලාවට අපේ ෆෝන් වල සතපහක් වත් නැති වෙනකල් පිස්සු කියෙව්වා. අපේ ගෙදර ආව. අන්තිමට මගෙ හොඳම යාලුව එයාගෙ ස්වීට් හාර්ට් උනා.
මට කියන්න ඕනි උනේ මේ එකක්වත් නෙවෙයි. මෙන්න මේකයි. පහුගිය 07දා රෑ 11ට විතර චමිත්ගෙන් මට කෝල් එකක් ආව.
"අඩෝ හොට්ටි තෝ කොහෙද ඉන්නෙ"
"ආ උඹ මොකෝ මේ වෙලාවෙ, මං මේ වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්න හංදියට යන ගමන්"
(ඇයි හත්දෙයියනේ මූ මගෙ නින්ද කඩල ඉන්නෙ කොහෙද අහනව )
"උඹ මොකෝ මේ මහ රෑ"
"මං යන්න කියල මචන්"
"යන්න??? උඹ කොහෙ යන්නද මේ මහ රෑ"
"පාන්දර 2ට ෆලයිට් එක. මන් කටාර් යනව මචන්"
මාව ගොලු උනා. සද්ද නැතුව හිටියා.
"මොකෝ බන් චැනල් එක ඕෆ් කරේ.......... හොට්ටියෝ.............."
"යන්න එපා බන්"
මට කියවුනා. කඳුලුත් ආව.
"මං දන්නව බන් උඹට කතා කරාට පස්සෙ මට ආයෙ කාටවත් කතා කරන්න බෑ. ඒ නිසා මන් හැමෝටම කතා කරල උඹට තමයි අන්තිමට ගත්තෙ. මන් යනව කියල කෙල්ලට කිව්වෙ නෑ. හෙට උදෙන්ම කියපන්. එතකොට මං ලංකාවෙත් නෑ. එයාට සතුටින් ඉන්න කියපන් (මං නොදන්නව වගේ හිටියට මගෙ යාලුවයි තදයයි අතරෙ ප්‍රශ්න තිබුන. මටත් නොකියම දෙන්න වෙන් වෙලා). මන් ගිහින් එන්නම්. ඔය අවුරුදු පහ ඉක්මනට ඉවරවෙයි. මං ආවම එන්නම් උඹව බලල යන්න. හැබැයි පුතේ මන් එනකල් උඹට බඳින්න තහනම්."
(ඒකට නම් මට හිනා ගියා. මොකද මූ හැමදාම කියනව මගේ වෙඩින් එකේ බෙස්ට්මන් වෙන කවුරුත් නෙවෙයි එයයි කියල. හේතුව කට්ටිය දන්නව ඇතිනෙ ) එහෙම කියල චමිත් ෆෝන් එක තිබ්බා.
අපෙන් ඈත් වෙලා යන වෙලාවෙත් අඬපු මාව හිනස්සල තමයි එයා නැවතුනේ. මන් ඒ යාලුකමට ගොඩක් ආදරෙයි.
"ගිය රටේ කරදරයක් නැතුව ඉඳල ඉක්මනට වරෙන් බන්. පට්ට පාලුයි උඹ නැතුව"
මන් අන්තිම වතාවට SMS කරා.
මේ ඉන්නෙ මං මෙච්චර වෙලා කියවපු තදයා.
ඔය රවුම් කරල ඉන්නෙ ජින්ජර් ටීම් එක, ඔතන කමල් - ශශිනි අඩුයි, එයාල ෆූඩ් එකේ හිටියෙ. නමක් නැති කෙනාව කට්ටිය දන්නවනෙ..
මිතුදම් ආරම්භ කිරීම පහසුයි පවත්වාගෙන යාම අපහසුයි.…
ReplyDeleteඒ අසීරු කාර්‍ය දිගටම කරගෙන යන්න.
ඒක නම් ඇත්ත ප්‍රියා අයියෙ. විශේෂයෙන් වැඩිපුරම කේන්ති යන අයත් එක්ක. මොනව උනත් මේ යාලුකම හැමදාම තියෙයි.
Deleteයාළුකම් කියන දේ මිනිස්සුන්ගේ ජීවිත වලට එන්නේ හරි අපූරු විදිහට වගේම ඒවා ජීවිතේ පුරාම තියෙන්නෙත් හරි සුන්දර විදිහට..
ReplyDeleteහ්ම්ම්. හැබැයි දිනේශ් යාලුවො වගේ එන හතුරො අඳුනගන්න තමයි අමාරු. ඒතකොට යාලුකම් අහවර වෙන්නෙ හිතත් රිදවගෙන.
Deleteඅහසේ තරු සේ සයුරේ රළ සේ
ReplyDeleteමිතුදම් පවතී ලෝ සැමදා...
(හරිද මංද)
කතාවක් තියේ දන්නවද...
ආදරේ කියන්නෙ කලිසම නං යාළු කම කියන්නෙ ජංගිය වගේ කියල...
දන්නවද එහෙම කියන්නෙ ඇයි කියල
ඒ කතාව නම් මං දන්නෙ නෑ මහේශ්. ඇත්තටම මොකක්ද ඒ.......
Deleteමොකක්ද බන් මහේෂ් ඒ හරුපේ...!
Deleteඅනේ ඔන්න ඕක හොයල මටත් කියන්න නිමෝ. මෙයාල කුතුහලය කියන එක අවුස්සනව මිසක් කියන්නෙ නෑ ඔය වගේ වැදගත් දේවල්
Deleteහොද හදවත් ඇති යාලුවන් දිවියට වාසනාවන්....
ReplyDeleteසහතික ඇත්ත නලීන් මාමෙ. මට හිටිය නසරානි යාලුවො අතරෙ එහෙම නොවුන ඇත්තම යාලුවෙක් උන කෙනෙක් තමයි ඔය.
Deleteඅතීත සැමරුම් මතක මැදින්......
ReplyDeleteඔව් නිහිංසා. ඒ කාලෙ හරි ලස්සනයි. මතක් වෙනකොට ලෝබයි. අපි දැන් හරි බිසී වෙලා. ජීවිතේ මගහැරිල වගේ.
Deleteහොදම යාලුවෝ කියන කැටගරියට දාන්න පුළුවන් අය හරිම කීපදෙනයි ඉන්නේ.......!
ReplyDeleteඔව් නිමෝ. අනිත් උන් මෙලෝ රහක් නෑ. උදව්වක් ඕනි උනොත් විතරයි මතක් වෙන්නෙ
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteහොද යාළුවෝ ජිවිතේ හැමදාමත් ඉන්නවා ,හැබැයි එහෙම ඉන්නෙ ටික දෙනෙයි එ ටික දෙනා අදුන ගන්න එක තමයි කරන්න ඕන .....
ReplyDeleteඒක අමාරුයි සහෝ... මොකක් හරි අපේ අතින් පොඩි මිස්ටේක් වෙලා බලන්න ඕනි කට්ටියගෙ හැටි දැනගන්න. :)
Deletehttps://plus.google.com/u/0/101831112592872378324/posts/WgFGKrwPwVF?pid=6037712766567661458&oid=101831112592872378324
ReplyDeleteme danna wena widiyak mn danne ne nanga. tharaha nethuwa link ekata gihin balanna....
ReplyDeleteonna man baluwa sada. "hoda yaaluwo hariyata ape husma wage, hamadaamath nihadawa ape laginma innawa"
ReplyDeleteසහෝ එක ප්‍රශ්නයක් අහන්නම්.හොදම යාලුවන්ට අඹ යාලුවන් කියල කියන්නෙ ඇය්.ඇය් අඹ ගෙඩියට සමාන කරන්නෙ
ReplyDelete