තෙත බේරෙන කුඩෙත් අකුලගෙන සර් පන්තියට ආව.
"ගුඩ් මෝර්නින් " සර්,
කට්ටියම කිව්ව, මටත් කියවුණා.. පුරුද්දට.
'සර්' .... මට තනියම හිනා.
ටික වෙලාවක් ගියා.
බිංදු බිංදු වැහි පොද එක පේලියට වැටෙනව.. වලාකුළෙන් එලියට.. දැන් කෙලින්ම පන්තියෙ වහලට.... ඔන්න වහල දිගේ ඇවිත් බිමට... පුංචි පුංචි ඇළපාරවල් හදාගෙන කෙලින්ම කාණුවට...... බලාගෙන ඉන්න ආසයි...
සර්ත් කියවනව.
"මේකෙන් කියවෙන්නෙ ආදරය කියන හැගීම ගැන. වර්ඩ්ස්වර්ත් එයාව, එයාගෙ හැඟීම් පාවෙන වලාකුළකට සමාන කරනව. I wondered lonely as a cloud...."
මාවත් පාවෙලා ගියා. ඩැෆොඩිල් යායට නෙවෙයි, අපේ අතීතෙට....
_________________________________________________________________
මගේ කල්පනාව කොච්චර දුරට ගියාද මන්ද..හ්ම්ම්ම්
"ඔය පාඩම් කරන හැටි නේද? ඉන්නව මං නැන්දට කියන්න"
අපේ අම්මගෙ සුදුපුතා, අපේ සුදු අයිය, නමින් කිව්වොත් නාමල් මෙන්න මං ළඟ.
"අයිය එනවවත් ඇහුණෙ නෑනෙ"
"හැඟීම් විරහිත වුනාම එහෙමයි නගෝ"
"අනේ යන්න"
"කොහෙ යන්නද, මේ ආව විතරයි"
"මොකක්ද මේ. ම්ම්ම් ලිට් නේද?"
ටිකක් එහෙට මෙහෙට පෙරලුවා.
"දෙන්නකො පෑන"
"ආ"
එයා මේ හදන්නේ මොකක් හරි කුරුටු ගාන්න. ඒක අපි දෙන්නටම තිබුණු පුරුද්ද.
"ආහ්"
"කෝ බලන්න"
පාට පාට දේදුන්නක
නැළවි නැළවි ආදරේට
සීත සීත වැහි පින්නක
ආසයි මට ළඟ ඉන්නට
මාත් ඒකටම හරියන්න එකක් කුරුටු ගෑව,
පොකුරු පොකුරු මල් සුපිපුන
රෝස රෝස මල් යායක
රෑන් රෑන් සමනළු මැද
ආසයි ඇවිදන් යන්නට
ඒ පාර මෙයා කවියෙන්ම උත්තර හොයනව.
විසිතුරු තරු වියනක් යට
සිනිදු සුමුදු වළාරොදක
කොඳ සඳ කැන් බිඳිති අතර
ආසයි තුරුලේ ඉන්නට
හ්ම්හ් මගේ පද වලට වඩා ලස්සනයි වගේ. කරන්නම් හොඳ වැඩක්.
නේක නේක හීන ලොවක
පාවි පාවි යනෙන අතර
ඇඳෙන මැකෙන නුහුරු මූණ
ආසයි මට දැකගන්නට
දැන් හරි. මං හොඳට බැලුව මූණ දිහා. වෙනස් වෙච්ච ඉක්මණ.
"බට්ටි"
"ම්ම්ම්"
"බඩුවක් කියල යන්න ආවෙ"
"මොකක්ද?"
"මං හෙට යනව"
"කොහෙ යන්නද අනේ ඔයා"
"පීඨ"
"ඇත්තටමද.. ශෝක්නෙ සුදුඅයියෙ. ඒ කියන්න ඔයා ටීචර් කෙනෙක්. වාව්.."
මං අයියව බදාගෙනම කෑගැහුව, පුරුද්දට. දුක හැංගිලා තිබුණ තැන හොයාගන්න බැරි උණා ඒ වෙලාවෙ.
"මං යනව"
එයා යන්න ගිහින් ආපහු හැරුණ.
"හීන වල හැංගුණු අයව හොයනකොට පරිස්සමින්"
කඳුලක් පැන්න ඇහෙන්. එයා ගියා. මං තනි වුණා.
ආදරේ කරා අව්වට, වැස්සට, පින්නට, මල් වලට, වළාකුලු වලට, සමනළයින්ට...
කාලයත් ගෙවිල ගියා. කවි වලට පද හොයල පෑන්වල තින්ත ඉවර උණා. කොච්චර ලිව්වත් මොකක්ද අඩුවක් දැනෙනව.
මේ ගයනි. ATI එකේ මගෙ යාලුව. ඒ මළඇණේ ගලව ගන්න ඕනි නිසා මාත් ගියා ක්ලාස් එකට.
ඇස් අදහගන්න බැරි උණා. එතනින් එහාට ගයනි යන්න කම්මැලි කරත් මං එයාව ඇදගෙන පන්තියට ගියා. අද ගයනි නෑ. මං තනියෙන්. පන්තිය ඉවර උණා. කුඩේ ඉහලගෙන මං ආව, හැමෝටම පස්සෙ.
පුරුදු සුවඳ කුඩේ යටට ආවා කාලෙකට පස්සෙ.
"කුඩෙන් යන්න තරම් වහින්නෙ නෑ"
"මේ වැස්සෙ තනියම තෙමෙන්න බෑ"
"කවුද මෙතන තනියම ඉන්නෙ"
"ඔයා - මං"
"ඉතින් අපි එක්කෙනෙක් වෙමු"
මගේ හිත හිරිවැටුණ. ඒ කියන්නෙ එයත් තාම තනියෙන්.. මං කුඩේ අකුල ගත්ත.
"අරයව හොයාගත්තද"
"කාවද"
"අර හීනෙ හැංගුණු කෙනාව"
"ඔව්"
"එයා කැමති උණාද"
"ඔව්"
මං බැලුව මූණ. එදා තිබුණු හැඟීම් එහෙමමයි.
"ඔයා එයාව දන්නව"
"කවුද ඒ"
මං මුකුත් කිව්වෙ නෑ. පුංචි පොතක් දුන්න එයාට. ඒකෙ තිබුණෙ අසම්පූර්ණ කවි පද. මං හොඳටම දන්නව එයා ඒක සම්පූර්ණ කරනව කියල. එතකොට එයාම තෙරුම් ගනීවි මගෙ හීනවල කුමාරයා කවුද කියලා.
තේරුම් ගනීවිද කුමාරයා කවුද කියලා.?
ReplyDeleteඅපොයි ඔව් ප්‍රියා අයියෙ. අඩු පද පුරවන්න ගියාම හොර අහුවෙනව දන්නෙම නැතුව.
ReplyDeleteම්ම්ම් ඉක්මනටම කවි වල වගේම ජීවිතේ අඩුවත් පිරවේවා !!!
ReplyDeleteතෑන්ක් යූ දිලිනියෝ.. මං හිතන්නෙ තාම පද ගලපනව ඇති :)
Deleteහීන වල කුමාරයා ....... කියන්නේ කව්ද
ReplyDeleteවෙන කවුද ඉතින්... වෙන්ඩ හස්බන්ඩ් තමයි.
Deleteවෝම්ලි වෙල්කම් යූ. දිගටම එන්න.
හ්ම්ම් හ්ම් ඉක්මනින් අඩු පද පිරවෙයි :)))
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්
Deleteමේ මනුස්සය තාම පද ගලපනවද කොහෙද සහෝ
අපූරු ලියැවිල්ල
ReplyDeleteතැන්කූ බස්සි අක්කො
Deleteයස අගේට හිටිය මේ මාත් ඔහිම කවි වල අඩුපද පුරවන්න ගිහින් තමයි කොටු උනේ අප්පා..
ReplyDeleteනරක් වෙලා තියෙයි එහෙනං.
Deleteකවි ලියන්නත් හැමෝටම බෑනේ දිනේශ්
අඩු කවි පද ටික හොයල ඉවර එකේ නරකද මට කේක් කෑල්ලක් දුන්නොත් මචෝ....
ReplyDeleteඈහ් එයා ඔයාට කිව්වද පද පුරවල ඉවරයි කියල
Deleteඑහෙනං මට ජය වේවා!!!!!!!!
හවස් වරුවෙ එන්නකූ... අපි සූට්ටං පාර්ටියක් දාමු.
කතාව වගේම කවි ටිකත් ලස්සනයි...
ReplyDeleteඅපූරු සටහනක්....
ඉතිං එයා හොයාගත්තෙයි කව්ද ඒ කියල...
අනේ මන්ද මේව කියලත් බෑ නොකියත් බෑ
Deleteඕං ඔය උඩ ඉන්න කෙනා නං කියනව හොයාගෙනලු කියල මහේශ්.