ප්‍රස්තුතයක් නැති උනාට
නුඹ නුඹම වෙන්න
මට මගේ ලෝකෙ හදාගන්න.......
බලාපොරොත්තුවක සේයා
නැතිවද හෙටවත් උදාවෙන්න...
නුඹ සඳ වගෙයි අහසට,
මං ඉර වගෙයි, හඳට එළිය දෙන
ඇයි අපිට බැරි
මාරු කරගන්න මේ චරිත දෙක...
මං හඳ,
නුඹ ඉර, හඳට එළිය දෙන
එතකොට නුඹ කියාවි,
"අමාවකට තරහයි මම"
එතකොට මාත් කියයි,
"අහස ආදරේ කරන්නෙත් හඳට"
මං දන්නව ඔයා අහනව කියල,
"එතකොට ඉරට මොකද වෙන්නෙ"
ඔක්කොම පැත්තකට දාල මම කියනව,
"නෑ මං අහස - දවල්ට ඉර - රෑට හඳ"
එතකොට ඔයා අහයි මගෙන්,
"ඉරයි - හඳයි එක අහසෙ එකට ඉන්නෙ කොහොමද "
මං දන්නව මට දෙන්න උත්තරයක් නෑ...
ඒ උනාට,
ඇත්තටම අහස
ඉරටයි හඳටයි ආදරෙයි හැමදාම......
අපූරුයි කවිය
ReplyDeleteමොහොතකට නැවතුණා හිතම..
මෙවන් කවිකම් කරන්න
දිරිය නිතර ලැබෙන්න
ජයවේවා
අද ආවෙ ඉස්සරෝම...
එන්නංකො හැමදාම
ඔන්න දාගත්ත රෝලට
එන්න දැන් ඉතින් හැමදාම
Deleteනෑ තහංචි මේ කවි රස විඳින්න
ගොඩක් ස්තුතියි මහේශ්ට
මාව දාගත්තට රෝලට :)
අහස ඉරටයි හඳටයි දෙන්නටම ආදරෙයිද?
ReplyDeleteනැත්තන් කොහොමද ප්‍රියා අයියෙ එක අහසෙ පායන්නෙ. අහස වැරැද්දක් කලාට අපිත් අහසට ආදරෙයිනෙ.
Deleteඇයි අද පරක්කු උනේ. ඔන්න මට අලුත් යාලුවෙක් ඇවිත්.
මමනම් නැතෝ
Deleteහ්ම්ම්... අහස අහසේ තියෙන/ඉන්න හැමොටම ආදරේයි
ReplyDeleteහ්ම්ම්. ඒක ඇත්ත මදාරා.
Deleteහැබැයි අහස ජීවිතේට පටල ගත්තොත් අපට වරදිනව.
සැහෙම පුරශ්නයක් තමයි ,මං දන්නව මට දෙන්න උත්තරයක් නෑ... :D :D
ReplyDeleteපද ටික ලස්සනයි
කට්ටියම එකතු වෙලා හොයමු හොඳ උත්තරයක් සහෝ..
Deleteඉර, හඳ දෙකම එකවර පැව්වොත් කළුවර වෙනවා, ජිවිතයම .... බබෝ...... එක අහම්බයක්....
ReplyDeleteලස්සන කවිය..... ආදරේට....
//ඉර සඳ එකවර දෙපස නැගී...
ReplyDeleteකලුවර ඇයි විජිතයම මගේ...//
එහෙම තමයි අන්තිමට කියන්න වෙන්නෙ. නේද නිහිංසා
ලස්සන අදහසක්..
ReplyDeleteතෑන්ක් යූ දිනේශ්...
ReplyDelete