Monday, July 21, 2014

කාන්තාරයේ කුසුම


" මං කලු කෙල්ලෙක්..
පාටින් විතරක් නෙවෙයි, 
ජාතියෙනුත්....

ඒකද මට මේ තරම් තර්ජන.

සමාවෙන්න තාත්තේ, 
ඔයාට ලැබෙන දෑවැද්දත් උකසට අරන්
මං පැනල ආවට...

දවසක් ඒවි මට ඔයාල ලඟට එන්න. 
එතකල් ඉවසන්න...

අමන් වගේ මග නවතින්න බෑ මට..
සිද්ධ වේවි හැමදාම දර දිය අදින්න
එක එකාට....

අම්මට ගහන්න එපා මාව හොරෙන්ම 
පිටමං කලාට..
එයා අසරණ වේවි ඔයාගෙ අලුත් බිරිඳ ලඟ
මේ අලුත් ලෝකෙදිත්
හරි අසරණයි මම...
ඒත් යනව ඉස්සරහටම,

හොරෙන්ම බලාගත්ත මං අම්මව,
ආසයි බලන්න ඔයාවත්...
දවසක මං එන්නම් 
අපිට උරුම වුන ඔය රුදුරු කාන්තාරෙට
දුක් විඳින්න නෙවෙයි,
මං විඳින සැප අස්සෙ හැංගුණු දුක රසවිඳින්න.... "
---------------------------------------------------------------------------------

ප.ලි.

කියවන්න ලස්සන පොතක් , "වාරිස් ඩයිරි" ගේ "කාන්තාරයේ කුසුම". 

ජීවිතේ පසුතැවිලි වෙන, අතහැරල දාන අයට හොඳ උපදේශයක් මේක.

(ෆොටෝ එකේ ඉන්නෙත් එයාම තමයි)

13 comments:

  1. //මං කලු කෙල්ලෙක්..// මේක කියත්දිම මතක් උනේ මාත් කළුම කළු කොල්ලෙක්නෙ කියලා. :D :D

    ReplyDelete
    Replies
    1. මොකට තැවෙනවද අප්පේ හමේ පාට ගැන. ඔන්නොහේ තමුන්ගෙ පාඩුවෙ ඉන්න එක තමයි හොඳ නේද ප්‍රියා අයියෙ?

      Delete
  2. හොඳ සාහිත්‍යමය බ්ලොග් එකක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේක අපේ බ්ලොග් දර්ශකයටත් ඉදිරිපත් කරන්න. දර්ශකයට ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගේ බ්ලොග් එකට ගොඩවැදුනට. අදහසටත් ස්තුතියි.

      Delete
  3. ටික කාලෙකට උඩදී පොත කියෙවුවා.. මගේ බ්ලොග් එකෙත් මේ ගැන විස්තරයක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අන්න හරි මෙයාගේ බ්ලොග් එකේ තියෙන විස්තරේ ලිවුවේ මං :පී ! 

      ඇත්තටම ලස්සන පොතක් ලස්සනට වඩා හදවතට කතා කරන පොතක්. කවුරු කොහොම කිවුවත් අදටත් ගැණු මහ පුදුම දුකක් විදිනවා. ජිවිතේ ජය ගන්න. ඒ අතින් වාරිස් පුදුම කාන්තාවක් අපුරු කාන්තාවක්.

      Delete
    2. අපි වාසනාවන්තයි නේද මදාරා ලංකාව වගේ රටක ඉපදෙන්න. වාරිස්ලව නොදන්න මෝඩ කෙල්ලො තමයි වස බොන්නේ, බෙල්ලෙ වැල දාගන්නේ, නේද?

      Delete
  4. මං මේක කියවන්න කියල ඇරගෙනත් කියෙව්වවෙ නෑ...
    මෙන්ඩේ නසීර් ගෙ ස්ලේව් කියවල තියේද...
    සුවද සොයන කුසුම කියල සිංහලයට පරිවර්තනය වෙලා තියේ

    ReplyDelete
    Replies
    1. මේක කියවන්න. ලස්සනයි මහේශ්. මාත් ඔයා කිව්ව පොත හොයාගෙන කියවන්න ඕනි.

      Delete
  5. මමත් කියවල තියෙනව.. ඔයාගේ මේ කවිත් ලස්සනයි ..
    සුවද සොයන කුසුම ත් හොයාගෙන කියවන්න ඕන .දැනුවත් කලාට ස්තූතියි මහේෂ් අයියේ ..

    ReplyDelete
  6. ස්තූතියි දිලිනි. පළවෙනි වතාවට නේද මේ ආවෙ. ආයෙත් එන්න.

    ReplyDelete
  7. කියවන්න වටිනා පොතක් ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. කියවල තියනවද?
      ඔය වගේ පොත් ගැන ඔත්තු තිබ්බොත් ඉතින් මට මාර හැපී. හම්බුනොත් කියන්ඩෝ

      Delete