ආදර පාළමේ ඇරඹුම
* * *
දෙගොඩ තලායන ගංවතුරට කොටු වී ජීවිත අහිමි වූ ගම්වැසියන් ගනන වැඩි වන විට ගමට පාලමක් ලබාදෙන්නට බලධාරීන් තීරණය කර තිබිණි. පාලම හැදෙන්නේ අපේ නාන තොටුපළෙනි.
"නංගි පොඩ්ඩක් ඉන්නවකො"
"ඇයි"
"මාර වැඩේනෙ"
"ඇයි, මාරගහේ මල් පිපිලද"
"නෑ නෑ, පාලම හදන්නෙ ඔයාලගෙ හරියෙනෙ"
"ඇයි ඊරිසියයිද"
"අපෝ වැඩේමයි"
ඊළඟ මොහොතේ ඔහු උඩ පැනගෙන සෙල්ලම් කරන්නට දුවයි. අපේ පුංචි කාලෙ හරි ලස්සනයි කියල මට තාමත් හිතෙනව.
පාලමේ වැඩ ඉවර කරල ඕපනින් එක වෙනකොට මං පහේ පංතියේ හිටියෙ දුමිදු අයිය අටේ. හැමෝම එනව පාලම බලන්න. අපිත් පාලම උඩ. දුමිදු අයිය ලොකු කල්පනාවක. මං ඇගිල්ලෙන් ඇනල ඔලුවෙන් ඇයි කියල ඇහුව.
"ඈ නංගි මාර වැඩේනෙ"
"මොකක්ද"
"දැන් කොහොමද අපි මල් පා කරන්නෙ"
"ඇයි"
"හැයි කියන ලස්සන විතරක්. බලනවකො පාලම ළඟ වතුරෙ සැර. උඩ හරිය වලයි බහින්නත් බෑ. පාලම පහු කෙරුවොත් මල්වල පෙතිත් නෑ"
හිතට දුකක් ඇති උනාද කියා පැහැදිලි මතකයක් නෑ මට. ඒත් මං දුමිදු අයියත් එක්ක හිනා උනෙත් නෑ. අපි ඉස්සර මල් පා කරේ සෙල්ලමට. හවස නාන්න යන වෙලාවට ගංඉවුර දිගේ දුමිදු අයිය දුවගෙන එනව මං නාන්න ආවද බලන්න. කොහොම දැන ගන්නවද දන්නෙ නෑ. එයා හැමදාම මං එන වෙලාව දන්නව. එයා නාන්නෙ උඩහ තොටුපොළෙන්. අපි පහළින්. රණ්ඩුත් වෙනව එයාලගෙ කුණු අපිට නාන්න වෙනව කියල. එයා උඩ ඉදන් අරලිය මල් පා කරල එවනව. මං පහලින් එකතු කරනව.
ඒත්...... පාළම හැදුනම ඒක නැවතුණා. කාලයත් එක්ක අපි වෙනස් උණා. මං ශිෂ්‍යත්වෙ කියන කන්දොස්කිරියාවෙන් දිනල ටවුමෙ ඉස්කෝළෙට ගියා. පාඩම් වැඩ ගොඩගැහුණ. දුමිදු අයිය පුරුදු විදියටම මුණගැහුණ. ඒත් පොඩිකාලෙ වගේ නිදහසක් අපිට තිබුණෙ නෑ. එයා ඕලෙවල් වලට ලෑස්තිවෙනව.
සමහර වෙලාවට අපි අපිව මගහැරිය. කලිසං කොටයක් ගහගෙන ජබුං ගාල වතුර වලට පැනල නටල දඟලන කාලෙන් මිදිල චීත්තයක් ඇදගෙන හෙමීට වතුරට බැහැල නාන කාලෙ වෙනකොට දුමිදු අයිය හිනාවෙලා බයිසිකලෙත් පැදගෙන පාලම උඩින් ගියා.
ගෑණුළමයෙක්ගෙ ජීවිතේ වෙනස් කරන ලස්සනම දේ මං අත්වින්ඳෙ අට වසරෙදි. දවස් පහ හයක් ගේ ඇතුලට වෙලා ඉඳල පාන්දර හයට විතර සීතලේ වෙව්ල වෙව්ල නාල කට්ටියගෙම ආශිර්වාද මැද්දෙ එළියට ආවම ලැජ්ජත් හිතුන. අනේ මංද කාලයත් එක්ක මට දුමිදු අයියව අමතකම උණා. ඒ මතකය අලුත් උණේ මගේ මේ අලුත් වෙනසත් එක්ක.
"නිම්මි"
ඒ මගෙ සැපදුකට ළඟ ඉන්න තරූ අක්ක.
"මොකෝ හොරගල් අහුලන්නෙ, අන්න කුමාරය වඩිනව"
"තරූ අක්කෙ කට.. කට"
මං තරූ අක්කව කෙනිත්තුව. අපේ අත්තම්මට ඇහුණොත් ඉවරයි.
යාලුවො කට්ටියක් එක්ක දුමිදු අයිය ආව. මං හැමෝටම වැඳල කතාකරා. මේ හැමෝම එන්නෙ මගේ අප්පච්චි නිසා. එයා ගුරුවරයෙක් විදියට ගෝලයන්ට ගොඩක් ආදරේ කරා. ඒකයි අපේ ගෙදර කට්ටිය පිරිල ඉතිරුනේ.
"නංගි"
මං කතාකරේ නෑ. දණගහල වැන්ද එයාටත්.
"පරිස්සම් වෙලා ඉන්න දැන්, තුණුරුවන්ගෙ සරණයි"
"තව"
"ම්ම්ම් තනියම මංකඩේ යන්න එපා. බුල්ටො කන්න කඩේ දුවන්න එපා. මහ හයියෙන් හිනා වෙන්න එපා, තව....."
"අපෝ ඇති ඇති. කවුද ඕව කියල දුන්නෙ"
අයිය හිනාඋණා. ඔයා එවන මල් ඇහිඳින්නෙ කවුද එතකොට කියල අහන්න හිතුණත් මං ඇහුවෙ නෑ. කෝමත් විබාගෙ ලඟ එකේ ඔය පොත්ගුල්ල පාඩම් කරන්නෙ එලියටවත් බහින්නෙ නැතුව කියල මං දැනගෙන හිටිය. අයිය අතේ තිබුණ අරලිය පොහොට්ටුව මං ගත්ත. මලක් ගෙනාවෙ නැත්තෙ පේන හින්ද වෙන්න ඇති. ඉස්සර වගේම මං තාමත් අරලිය මල් වලට ආස අපේ අතීතෙ නිසා කියල මට දැන් හිතෙනව.
******************************************************
"මිස් ඉස්කෝලෙ ඉස්සරහ හෝල්ට් එකේ. බහින්න අමතක උණාද"
කොන්දොස්තර අහනකල් මට මතක් උණෙත් නෑ. මට හිනාගියා.
"තැන්කියු"
"ලොකු කල්පනාවක නේද මිස් ආවෙ"
"ඒකනෙ. ගමට යන්නෙ කාලෙකින්නෙ. ඉතින් ඉස්සරකාලෙ මතක් උනා"
මං ඉස්කෝලෙ ගාවින් බැස්ස. කටු කම්බි වැටකින් මායිම් වෙලා තිබුණු ඉස්කෝලෙ, තාප්පෙකින් කොටුවෙලා. කාලයට කොච්චරක් දේවල් වෙනස් කරන්න පුලුවන්ද?
හැබැයි ඒ තාප්පෙට උඩින් ඉස්කෝලෙ වත්තෙ පේන්න තිබුණු දෙයක් ආයෙත්ම මාව අතීතෙට අරන් ගියා.
එතකොට මං පහේ පංතියෙ. අපිට ඖෂධ උයනක් හදන්න තිබුන. අහස පොළව ගැටගගහ මං හිටියෙ.
"මොකද ප්‍රශ්නයක්ද"
"ඖෂධ උයනට දෙන්නෙ මොනාද"
"අය්යෝ ඕකද ප්‍රශ්නෙ. මං ගේන්නම්"
පහුවෙනිදා හවස දුමිදු අයිය සෙල්ලං කරන්න ආවේ ඇඹරැල්ලා පැළයක් අරන්.
"මේක හිටවන්න"
"කොහෙන්ද"
"අපේ ඉස්කෝලෙන්"
ඒ කාලය වන විට දුමිදු අයියා සිටියේ නගරයේ උසස් පාසලකය.
"හොරකං කරාද"
"නෑ කෘෂිකර්ම සර්ගෙන් ඉල්ලගත්ත"
මේ ඵල දරා ඇත්තේ ඒ ඇඹරැල්ලා ගහය. මට සිනානැගිණි. කඳුලු හින්දාද මංදා මොහොතකින් ඇඹරැල්ලා ගහ බොඳ වෙන්න පටන් ගත්තායින් මම බිම බලාගෙන ඉස්කෝලෙ ඇතුලට ගියා.
~ මතු සම්බන්දයි ~
හම්මේ අපූරුයි ඈ....
ReplyDeleteඅතීතයත් එක්ක වර්තමානයේ පැටලීම...
ඊළග කොටස එනකං වේටින්
ඕකේ ඕකේ. ඉක්මනට දාන්නම්.
Deleteගගේ පාවුනු මලුත් එක්කම හිතත් පාවෙලා ගියා නේද? ලස්සනයි ජය වේවා
ReplyDeleteහිත නම් පාවුණා. නතරවෙන්න පුලුවන් උනාද කියල පස්සෙ බලමු හොඳේ
Deleteනියමයි ඈ.... ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න...
ReplyDeleteහරි සිහිනයො ඉක්මනට පෝස්ට් කරන්නම්.
Deleteපාලම ගැන කියන්නෙ නංගි අවසානෙ පාලමෙන් පනිනවද දන් නැහැ..එහෙම වුනොත් පුල් සෝක සීන් එක.
ReplyDeleteදුක බේරේ කිව්වලු. බලමුකො අමිල අය්යෙ
Deleteඅන්න ගාන. අදනම් දිගත් නෑ කොටත් නෑ නියමයි!
ReplyDeleteඅද කොටස ලියවිලා තියෙන විදිහත් අපූරුයි!! ඉක්මනට ඊළග කොටස දාමු.
අයියනෙ ඉතින් මගෙ පළමු රසිකයා.ඔන්න ඉතින් උපදෙස් පිළිගත්තා
Deleteරචනාව අගෙයි
ReplyDeleteස්තුතියි කුරුටු. ආයෙත් එන්න.
Deleteඅදයි මේ පැත්තට ආවේ ..ආදර පාලමෙන්ම කියවන්න පටන් ගන්නම්කො :)
ReplyDeleteබොහොම ස්තුතියි ආවට හංසි. පාලම දිගේම එන්න. දිගටම යමු.
Delete