කාලෙකට පස්සෙ මං
දැක්ක උඹේ ආඩම්බරකම්
නොදැක්ක වගේ දැං
ඉන්න එක තමා හොඳ නම්
ඒ කාලෙ නං
අහක බැලුවොත් දඩුවම්
කාලයේ සෙල්ලං
මූණ බැලුමත් තහනම්
වෙලා සිටියා ඈ ළං
එවා මා වෙත නෙක රැවුම්
හොරෙන්වත් එවනවා නං
හසරැල්ලකින් නුඹෙ හැඟුම්
එදා නාවා නං
අරං ඈ සරසවි වරම්
අපේමයි අපි දැං
අනේ සඳ නුඹ නම්
වෙලා සිටියා ඈ ළං//
ReplyDeleteකොහොමටත් ගැලපෙන්නෑ සිංදුවකට මිසක්..
තැන්කියු.. ආයෙත් ඒ වැරැද්ද කරන්නෙ නෑ.
Deleteඅනේ මන්ද නේ.....
ReplyDeleteඅනේ මංද ඉතින් සිහිනයො
Deleteහ්ම්ම්ම්. :( ඔක්කොම කාලයේ සෙල්ලම්!!
ReplyDeleteඒකනෙ ප්‍රියා අයියෙ, ඔක්කොම කාලයේ සෙල්ලම්
Deleteහිටිගමන් අකුණක් පිපුරුණ වගේ දැනුන. අනේ මන්ද පුදුම විදියට පපුවට දැනුන. අනර්ඝයි.......!!!!
ReplyDeleteදිලිනිට අතීතේ දවසක්වත් මතක් උණාද?
Deleteඅහක බැලුවොත් දඩුවම්
ReplyDeleteකාලයේ සෙල්ලං
මූණ බැලුමත් තහනම්////
කියන්න ඕන ශක්කම මේ තියෙන්නෙ...
කාලය මැවි වෙනසක අරුමේ.. නැද්ද තනූජා...
කාලය ගොඩක් දේවල් වෙනස් කරනව වගේම මහේශ් කල් ගිහින් හරි සමහර දේවල් ලබාදෙනව.
Delete