ආදරෙන් වෙලී සියොලඟ
පාලුවේ නොදා මා සිත
රෑ දිවා සිනා අතුරා
ජීවිතේ පුරා ඉන්නට
තාරුකා නිවී දිලෙනා
මේ පහන් රැයේ තනිකම
සඳට පවරලා රහසින්
නුඹ වරෙන් හිමින් මා වෙත
පුංචි සාවියේ.......
උන් ඇවිත් නෙතින් ඉඟිකර
ගියාදෙන් දිලෙන තරු වෙත
හිත රිදී කඳුලු නොසලා
ඉඳින් සීරුවේ
උන්ට සුවඳ දෙන තරමට
මල් පිපෙයි නිතර එක ලෙස
කඩුපුලක් පිපෙන තුරු අපි
බලාඉමු රැයේ...
පහන් තාරුකාවේ හැඩ
යන්තමට පෙනී නොපෙනෙන
යාමයේ නුඹට යාහැකි
වේවි පැංචියේ
ඉක්මනින් වරෙන් මා වෙත
ලෝකයේ පිරුණු සෙනෙහස
ලොකෙටම හොරෙන් විඳිනට
පාලු මේ රැයේ.....
සැක් ඒකට මාරු තාලයක් තියනවනේ... කරමුද සින්දුවක්!!!!!
ReplyDeleteඑහෙම හිතාගෙන තමයි සිහිනයො ඕක ලිව්වෙ. දන්න කියන කෙනෙක් ඉන්නව නම් කියන්න
Deleteඅනිවා.. දෙනවනම් හොඳ කෙනෙක්ට දෙන්න.. නිර්මාණය චාටර් කරන්නේ නැති කෙනෙක්ට. කෙනෙක් ඉන්නවා මේක පෙන්නන්නම් මම.
Deleteබොහොම ස්තුතියි සිහින.
Deleteඅඩේ මේක සිරා! මන් තාලෙට තාලෙට කියාගෙන ගියෙ
ReplyDeleteඒ තාලෙටම සින්දුවක් කරමුද අක්කෙ මේක
DeleteAppreciation to my father who told me on the topic of this blog,
ReplyDeletethis weblog is in fact remarkable.
Also visit my web site - Funny Cat Vine
නංගි ඇත්තෙන්ම මේක ගැලපෙන්නෙ ගීතයකට.
ReplyDeleteඉක්මනින් ඒ බලාපොරොත්තුව ඉටු වේවා!!
බොහොම ස්තුතියි සුබ පැතුමට අයියෙ. දන්න කියන කෙනෙක් ඉන්නව නම් කියන්න
Deleteමම තනුව දෙන්නං..
ReplyDeleteහපෝයි ඉවරා.............................යි :P
Deleteහොඳා හොඳා දේශකතුමා. එහෙනම් කරමුකො
Delete@ දිලිනි
:P දේශකතුමා අපේ පැත්තෙ ආ. සද්දෙ දාන්න එපා වැඩිය.
අඩේ මාර ගති අර ක්ව්වත් වගේ කොරමුකො සින්දුවක් මේකෙන්
ReplyDeleteඔයත් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නව නම් හොයල කියන්නකො මට
Deleteමටත් කියවනකොටම දැනුනෙ සින්දුවක් වගේ ... කරමු කරමු සින්දුවක් ;) ..මං ඉන්නම් විෂුවල් එකට හික්ස් ... :D
ReplyDeleteඇත්තටම පුලුවන්නම් එන්න. ඒත් ඊට කලින් මේක සින්දුවක් කරගමු හංසියො
Deleteකවිය ඇත්තට ම අගෙයි... හරිම රසවත්....... අපේ සුභ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු. හැකියාවක් තියෙනව නම් මට උදව් කරන්න
Deleteඇත්තටම ගීතයකට නම් නියමයි...
ReplyDeleteහිතේ තියෙන බලාපොරොත්තුව ඉටු වෙයි කියල මාත් විශ්වාස කරනව තුශානි.
Deleteඅපූරුයි තනුජා, රස වින්දා රස විඳලා කවියකුත් ලීවා
ReplyDeleteතුන්යම තනිය සඳ සාවිට කීවාට
සාවී එයිද සඳ අත්හැර නුඹේ ලඟට
තරු කවදත් විරිත්තනවා අපි අපිට
තරු තිබුනට අමාවකයි නුඹේ සඳට
සඳ සාවිට වැඩලු හරියට සඳ ලෝකේ
Deleteමං හිටියට බිම ඒකලු ඇය නාවේ
දේදුනු පාලමත් කැඩිලලු ඒ යාමේ
ආවොත් යන්න බැරිවෙයි හිතිලලු නාවේ
බොහොම තුති හැමදාම අදහස් දෙන එකට
අපූරුයි.....
ReplyDelete