
කෙල්ලෙක් ජීවිතේ දකින්නෙ වෙනස්ම විදියකට... කතාවක් තියනවනෙ පුංචිකාලෙ කෙල්ලො බෝනික්කන්ට ආස උනාට ලොකු වෙනකොට ආස යෝදයන්ට කියල... මමත් ඒ වගේ... කාලයක් යනකොට මට මගේ යෝධ කුමාරයව මුණ ගැහුනා... අපේ ජීවිතේ කොච්චර ලස්සනයිද..... අදටත් මං ආදරෙයි.... ඒත් ඒ මතකය.....මම වැරදිද කියන්න මට තේරෙන්නෑ... මට මාව පාලනය කරගන්න පුලුවන් උනා නම්...
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
"ඔයාට කොච්චර කිව්වත් මතක නෑ අම්මි... අද මේක නෙවෙයි අර ග්රීන් කලර් යුනිෆොර්ම් එකනෙ"
සඳසි අම්මාට කෑ ගසන හඬ ඇසේ. ඊළඟ නියෝගය මටය.
"මාලම්මේ මතකයි නේද? ඔයත් වැරැද්දුවද ? අද මට නූඩ්ල්ස් තියෙන්නෙ ස්කූල් ගෙනියන්න"
මට එය අමතක නොවෙන බැව් ඒ කුඩා මොලයට තේරුම් කර දීම කල නොහැක්කකි... නමුදු එක දෙයක් දනිමි, අමතකව වාහනයට දිව්වද නැවත මගේ හාදුවත් රැගෙන යලි එන්නේ ඇයම පමණය...
හැමවෙලේම බිසී දොස්තර නෝනටයි මහත්තයටයි වඩා හොඳට මට සඳසි බේබිව බලාගන්න පුලුවන්... ඒක දන්නෙ එකම එක්කෙනෙක් විතරයි..
කාලය කෙතරම් ඉක්මණින් ගෙවී ගියාදැයි මා නොදනිමි... මාත් ඇය සමගම වයසට ගොස් ඇත....
"මාලම්මේ, ඔයාට කරදරයිනෙ මම ඇදුම් ලෑස්ති කර ගන්නම්. අම්මි එන්න කලින් උයල ඉවර කරන්න. ඔපරේශන් එකක් නිසා ලේට් වෙනව කිව්ව. තාත්තිගෙ කොෆී එක හදල තියන්න. එයා දැන් එයි"
මම ඇය දෙස බලා සිටියෙමි.
"ඇයි අනේ ඔහොම බලන්නෙ. බයත් හිතෙනව. මේ බඩ්ඩක් අහන්නද"
"මොකක්ද බේබි"
"ඉස්සර ඔහොම බලල කීයක් අමාරුවෙ දැම්මද"
හිතා ගන්නට කිසිත් නොවූ කල මා ඇය දෙසම බලා උන්නෙමි
"බේබි"
"හූ හූ මොකෝ මේ බය වෙලා... ඉන්නකො මං තාත්තිට කියන්නම්...."
ඇය මට සමච්චල් කර දිව යයි... මුවගට නැගුනු සිනහව ඈ දුටුවා නම්...
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
සියල්ල සිදුවී අවසන්ය... ඒ සිනහව... කටහඬ.... තවත් මේ බිත්ති හතර තුල නොඇසෙන වග සිහියට එනවිට මා මියැදුනිනම් කියා සිතුණු වාර අනන්තය..
"කොහොමද එහෙම දෙයක් කෙරුවෙ දොස්තර නෝනා"
මගේ කටහඬෙහි ඕනාවටත් වඩා බයාදු බවක් මටම හැඟිනි. ඇය කට කොණින් සිනාසුනා පමනි.
ඇයත් මමත් අතර ඇති කම්බි කූරු මහත් වදයකි... නැවත නැවතත් මට ඇගෙන් ඇසීමට ඇත්තේද එයමය...
"එකම එක පාරක් කියනවද? කොහොමද ඒ මූණ දිහා බලාගෙන එයාට එහෙම දෙයක් කෙරුවෙ"
ඇගේ මේ නිහඬ බව මට මහත් වදයකි. නමුදු ඈ වරදකාරියයි...
මට පුදුම පුංචි හඬටත් තිගැස්සෙන අවදිවන මම ඒ හඬ නොසලකා ඉඳීමය... එසේ නොවූවා නම්...
"හැමෝම මට හංඟපු රහස් මම කොහොමද ඉවසන්නෙ මාලා. එක පැත්තකින් උඹ, අනිත් පැත්තෙන් නිරාශා.. මගේ ළඟට වෙලා මගේ පවුල නැති කෙරුවෙ උඹල දෙන්නා. සාරංග සඳසිට ගැලපෙන්නෙ නෑ. ඒ වගේම උඹවත් නිරාශවත් මගේ මහත්තයට ගැලපෙන්නෙත් නෑ. මතක තියාගනින්. මහත්තයගෙ මරණෙටත් වග කියන්න ඕනි උඹල දෙන්න."
මා නිරුත්තරය.. එසේ නම් වරදකාරිය මාද.. නැත එය පිළිගැනීමට සිත පැකිළෙයි.... නිරාශාත් දොස්තර නෝනාත් අවශේෂය.
ගිනිගහන මද්දහන පවා විඳගනිමින් මා යළිත් එතනටම පැමිණෙමි.... වැරදි මාද? සිත අසයි... නැත... ඈතින් පෙනෙන ඒ මහා මන්දිරය... මෑත ඇති ඒ විසල් කුඹුක් ගස... ගලා යන ගංගාව.... ඒ සියල්ලටම සාක්ෂි දෙනු ඇත... මා නිවැරදිය... ඒ ඇස් මට මැවී පෙනේ.. මට ආදරෙයි කියූ... මාව සැනසූ... ඒ කටහඬ.....
නැත... මා වැරදි නැත...
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මතුවට...
නිරාශා, සාරංග, සදිසි....ඉඳලා ඉඳලා ඇවිත් මොලේ පටලවපන් අපේ....තව මාසෙකින් විතර ඇවිත් දෙවනි කොටස දැම්මොත් උස්සලා ගහනවා පොලේ.
ReplyDeleteඅඩේ කසුට්ටගේ පික්චරේ වෙනස් වෙලා... දැන් නම් ගානට ගැලපෙනවා තඩි මහත කසුට්ටේක් :D පින්තූරේ හොඳයි.හැබැයි හෙන වයිවර්ණ කසුට්ටෙක් වගේ :P
Delete@ කටුස්සා
Deleteහරි හරී... ඉක්මනට දාන්නම්කො මං
@ හංසි
මෙයාට දැනුයි නියම එක හම්බවෙලා තියෙන්නෙ අනේ..
අගක් කොනක් හොයාගන්න බැරි කුතුහලයක්. ඉක්මනට අනෙක් කොටස දැම්මේ නැතිනම් නේ ..:/ ..... :P
ReplyDeleteහරී... ඉක්මනට දානවෝ... පරක්කු උනොත් ගනන් ගන්න එපා හොඳේ
Deleteකලිනුත් කොහෙ හරි මේ ට ටිකක් විතර ළගින් යන එකක් කවුරු හරි ලියල තිබ්බ
ReplyDeleteම්හු කව්ද කියල එන්නෙම නෑ ඔළුවට
කමන් ෑ
හොදට ලියවේගන යන ලකුණු පේන්නේ...
ඉතුරු ටිකත් ඉක්මණට ඕනේ
මතක් කරල බලන්නකෝ... ඊලග කොටසටත් එන්ඩෝ...
Deleteලස්සන කතාවක්..
ReplyDeleteතැන්කිව් ලලිත්....
Deleteඊලග එකත් ඉක්මනටම දැම්මනම්.
ReplyDeleteහරි දිනේශ්... තැන්කිව් මාත් එක්ක ඉන්නවට.
Delete