
"සිප ගැනුම අකැපය බාඳුරා
සෙමින් ළංවී කොපුලත"
මිමිණීය සිහින් ස්වරයෙන්
ඈත හිඳ පෙම් බඹරිඳු
රක්ත වන් පෙති දිගහැර
එනු එනු මා වෙතැ'යි කීවද
"නුඹ විෂ ගුලාවකැ'යි"
ඔහු මගහැරිය නියඟලා
යන්නම්ය නොකියා
පිටව ආවද හිතුවක්කාරෙන්
බලාහිඳිනා බැව් දනී
රතුරෝස තවමත්
සිහින් ස්වරයෙන් සසැලෙමින්
ලස්සනයි, දිගටම ලියන්න,
ReplyDeleteස්තුතියි..
Deleteලස්සනයි..
ReplyDeleteස්තුතියි අම්බලන්ගොඩයෝ..
Deleteඒ අතිං නියඟලා වාසනාවන්තයි. නෑනෙ කිසිම හිත් රිඳුමක්..
ReplyDeleteලස්සන අදහස තනූජා...
ඒක නෙවී ආයෙ කතාවක් ලියන්නෙ නැතෙයි...
ජයවේවා
කතා ලියන්න පොඩ්ඩක් කම්මැලි හිතෙනව අයියෝ..
Deleteඒ වුනාට රෝස වලට වඩා නියගලා මල හිතට දැනෙනවා
ReplyDeleteහිමි නැතිව හිත බැඳෙන
ReplyDeleteනේක පැහැ මල් ගොඩේ
තවත් එක වතුසුද්ද
මලක් මග බලනවා.......
හිත පුරා පැතුම් පොදි
නෙත් කෙවෙණි තෙමනවා
සුසුම් රැලි ඔහු සොයා
වා තලය සරනවා.....
බඹරින්ඳු ලොව පුරා
තවත් මල් සොයනවා
කවදා හරි යළි එතැයි
සෙව්වන්දි හිතනවා
This comment has been removed by the author.
ReplyDeleteසැලෙමින් බලාහිදිමි රතුරෝස තවමත් . . . .
ReplyDeleteසතුටුයි ආයම ලියන්න පටන්ගත්තට මගෙ නංගියෝ