Friday, March 18, 2016

මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්.... (II)




සියල්ල මැදින් අවුරුදු ගනනකින් පය නොතැබූ නිවසට මා ඇවිද යමි........අස්සක් මුල්ලක් පාසාම සෙවීමි... ඔහුත් මමත් ගතකල ඒ සොඳුරු මතක වරෙක ඉදිරියෙහි මැවෙයි... වරෙක කනට කොඳුරයි... ඇඟේ හැපී ඇදී යයි... ඉදින් මෙය හැබෑවක්ම වූවා නම් අපි තවමත් සිනහව පිරී ඉතිරුනු ඒ නිවසේ කාලය ගත කරනු ඇත.....

"මොනවද මෙහේ කරන්නෙ"
සවන් මත වැකුනු හඬට තිගැස්සුනු හදින් හැරී බලමි. සඳසිගේ මරණයෙහි පරීක්ශන කල ඒ තරුණ ආඩම්බරකාර නිළධරයා මා පසුපස හිඳී.

"සර්"

"ඔයා මොකද මෙහේ කරන්නෙ. පරණ මතක හොයනවද?"

"ම.. මං... මේ..."
මගේ හඬ පවා ගොලුව ඇති සෙයකි. මදක් හිඳ ඔහු ඇමතීමට මම ධෛර්ය ගතිමි.

"මේ හැමදේම... අ.. අනේ මන්ද සර්.. මට මොනව අහන්නද කියල තේරෙන්නෙ නෑ. ඩොක්ටර්ව මැරුවෙත් මැඩම් කියල සර් කොහොමද ඔප්පු කරන්නෙ. ඒක වැරදීමක් වෙන්න බැරිද?"

තවමත් ඇදහිය නොහැකි නඩු තීන්දුව මොහුගෙන් මට දැනගත හැකි බැව් හැඟිනි.

ඔහු එක එල්ලේ බලා හිඳී... ඒ මා දෙස නොවේ යැයි සැනෙකින් දැනිනි. ඔහුගේ ඇඟිල්ල බිත්තිය දෙසට දිගු වූයෙන් මාද එදෙසට හැරිනි.

"අර පේනවද"

හද සසැලින.. ඒ මාගේ ඡායාරුවයි. අදින් වසර විස්සකට පමණ පෙර ඈත පෙනෙන වැව් කණ්ඩිය මතදී ඔහු ගත් ඒ ඡායාරුව අදටත් ඔහු එල්ලා තැබූ තැනම සිනහවෙන් පසුවෙයි.

"එතන ඉන්නෙ ඔයා නෙවෙයි සඳසි"
ආඩම්බරකාරයා මුමුණයි. නෙතු කැවී කඳුලු කම්මුල් දිගේ රූරා යන විටත් මම එලෙසම බලා උන්නෙමි.

"ඔයාගෙයි ඩොක්ටගෙයි සම්බන්ධෙ අද ඊයෙක එකක් නෙවෙයිනෙ. ඒක සෑහෙන්න පරණයි. එහෙම නේද?"
ඔහු විමසයි.

"හැබැයි ඩොක්ටගෙයි නිරාශගෙයි සම්බන්දෙ නම් අලුත්. අනික ඒක පටන්ගත්තෙ වයිෆ්ට රිද්දන්න ඕනි නිසා. එක පැත්තකින් ගර්ල් ෆ්‍රෙන්ඩ්. අනිත් පැත්තෙන් දුව. එතකොට වයිෆ් එයාට ඕනි විදියට.. ඔයාල දෙන්නට ආදරේ කරාට එයා හැදුවෙ වයිෆ්ට රිද්දන්න. ඒකෙන් උනේ ජීවිත දෙකක්ම නැති උන එක."

"සර් මේ.."
මා යමක් අසන්නට පෙරම ඔහු සිනාවී මට අවැසි දේ පවසයි..

"ඔයාව මිස්ට සාලිය එයාගෙ හොස්පිට්ල් එකේ වැඩට අරන් එතනින් ගෙදරටම ගත්තෙ එයාගෙ දුවට ඕනි ආදරේ දෙන්න වෙන්න ඇති. අනිත් අතට සඳසිට ආටිෆිෂල් අම්මෙක් ඕනි නෑ කියල එයාට හිතෙන්න ඇති"

ඔහු කියවයි... මම අසා හිඳිමි... 

"ඒත් මැඩම් කොහොමද හිත හදා ගත්තෙ ජීවිත දෙකක් නැති කරන්න තරමට"

"එයාට ඉවසන්න බැරි වෙන්න ඇති ඔයාල සතුටින් ඉන්න එක. අනික ඉන්ක්වයරි වලදි එයා කියල තිබුන ඔයාල එකට ඉන්නව දැක්කා කියල. කොහොමත් සාරංගගෙ අවුල තිබුණු නිසා එයා හිතන්න ඇති මේක සාරංගට පටලවන්න පුලුවන් වෙයි කියල. මොකද සාරංග ගැන නොදන්න කවුරුත් නෑනෙ. මොනම හේතුවක් නිසා හරි සඳසි එයාට කැමති වෙන්නත් ඇති. අනික..... පොස්ට් මෝටම් එකේදි ඔප්පු උනා එයා ප්‍රෙග්නන්ට් කියල."

හදවත මොහොතකට නැවතිණි. මේ මගේම දෛවයේ කොටසක් නොවේද? වෙනසකට ඇත්තේ ඇය මියගොස් සිටීම පමණි. මගේ කුස පිළිසිඳගත් ඈ ඔහු ලඟට ගියේ දොස්තර නෝනාට දරුවන් නැති නිසා වුවද... දොස්තර නෝනාම අද මගේ දරුවාටත් පෙම්වතාටත් එකම ඉරණමක් ලබා දී ඇත. මටත් එයම වූවා නම්...

"ඔය ෆොටෝ එක තමයි මට පාර පෙන්නුවෙ" ඔහු සිහින් සුසුමක් පිටකර කියයි.

බිත්තියෙහි එල්ලෙමින් තිබූ ඡායාරුව අතට ගතිමි. දූවිලි පිසදා බැලූ කල එහි මට මා දැකිය හැකි නොවේ... ඒ ඇයමය... කඳුලු බොඳවන දෙනෙතින් එය බලාහිඳිනා විට සිහින් මිමුනුමක් සවනතර ගැටිනි.. 

"එයා ඔයාමයි පොඩ්ඩක්වත් වෙනස් නෑ."

"සාලිය.." 

ඇයත් ඔහුත් ඈත හිඳ මා දෙස බලා සිනාසෙනු පෙනේ... සිහින් ඉකිය පිටතට ඇසෙතැයි බියෙන් මා එහිම වැතිර මුව තදකොට ගත්තෙමි.. 

"ආදරේ කරපු වරදට මට මෙච්චර ලොකු දඬුවමක් දුන්නෙ ඇයි දොස්තර නෝනෙ... "

ඉදින් මෙය අවසානයම වූවා නම් මැනවි,

14 comments:

  1. Replies
    1. ඔව් ඇත්ත... මායාවන්...

      දේශකතුමා හොඳ නරක කිව්වොත් නම් හොඳයි නේද මට ඉගනගන්නත් එක්ක.

      Delete
  2. කටුස්සාගේ 100 පොස්ට් එකෙන් තමා මේ බ්ලොග් එක දැක්කේ.. ෆලෝ කරන බොත්තම එබුවා.. බ්ලොග් එක මුල ඉඳන්ම කියවගෙන එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. ස්තිතුයි මගේ බ්ලොග් එකට ආවට.

      පුලුවන් විදියට ඔක්කොම කියවන්න. ආයෙත් එන්න.

      Delete
  3. හිතට වදින විදියට ලියලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්.

      Delete
  4. ආදරය කියන්නේ ඊර්ෂ්‍යාවේ උල්පත....කවුරු මොන විදිහට කිවුවත් ඊර්ෂ්‍යාවක් නැතිතැන ආදරේකුත් නෑ.ඒක තමයි ආදරේ පදනම.

    නියමයි තනුවෝ.....තව මාසෙකින් විතර ඊළඟ පෝස්ට් එක බලාපොරොත්තු වුනාට කමක් නෑනේ....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... ඒක නැත්තම් ඉතින් ආදරේකුත් නෑ වගේනෙ... අපිටත් ආරංචියි ඉතින් කසුට්ටත් ඔය කවි ලියන්නෙ ඔය හැඟීම හින්ද කියල :P

      ඔන්න මං අදම තව එකක් පොස්ට් කරනව.

      Delete
  5. තනූජා මට කතාව පැටලුන චරිත ගොඩක් නිසා මම අතරමං උනා.එක්කෝ මගෙ හදිස්සිය .. ...ආයෙම මුල ඉඳන් කියවල තව කමෙන්ටුවක් දාන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හරි හරී කලබල නැතුව කියවල එන්නකො... නැත්තම් ඉතින් අයියගෙන් වගේම මගෙනුත් ගුටි පූජාවක් තමයි :P

      Delete
    2. හී මතක් වෙලා ආයෙම කතාව කියෙව්ව .. දුවන කෝච්චියක් වගේ ......හී

      Delete
  6. ම්ම්ම්ම්... කතාව නං නියමයි. ඒත් තව එහෙ මෙහෙ කරන්න තිබ්බ කියල හිතෙන්නෙ මට විතරද මංද.. තව ටිකක් ලියන්න තිබ්බ
    හ්ම්.. මේම හරි ලීව නෙව ඒ මදැයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් ඕක ලිව්වෙ පොඩ්ඩක් පැටලිලා මහේශ්. මොකද වස්තු බීජය උනේ මං කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක්. ඉතින් පොඩ්ඩක් අවුල් උනා. ඒත් ලිව්ව.

      ස්තිතුයි ගුණ දොස් වලට.

      Delete
  7. ඔය ආදරේ නිසා තමයි මේ හෙමදේම වෙන්නේ.

    කතාව නං ලස්සනයි නංගෝ. ඒත් ඔයාගේ පුරුදු විදියට වෙනස් කරගන්න තව ටිකක්.

    ReplyDelete