Thursday, June 5, 2014

ජීවිතය නම් නුඹම විය.. ( part II)



පළවෙනි කොටසට මෙතනින් යන්න

ඉදින් කාලය ගත විණි. පියුමික මා රැක්කාද, මා ඔහුව රැක්කාදැයි මා නොදනිමි. දැණුනු හැඟුණු එකම දේ දෙනෙත් ඔහුත් මාත් ආ ගිය මග තනි රැක්ක බව පමණි.

වරක් දෙවරක් දෙනෙත් අපගේ නිවසට පැමිනියද මගේත් තාත්තාගේත් සැලකිල්ලට ලක් නොවීම හේතුවෙන් නැවත නොපැමිනෙන බැව් අම්මාගේ වදන් වලින් දැන් ගතිමි. පාලුව දැනුනද මා ඉදිරියට ගත් පියවර පසුපසට තබන්නියක නොවූ නිසාම දෙනෙත්ව හිතක් පපුවක් නැත්තියක සේ මග හැරීමි.

ඉගැනුම් කටයුතු අහවර වීමද, රැකියාවට නැඹුරු වීමද මත කාර්යබහුල බව ඇරඹිණි.

පියුමික... ඔහු දැන් වෛද්‍යවරයෙකි,

___________________________________________________

"චූටි"

"ඇයි අම්මෙ"

"කතා කරන්න ඕනි ටිකක්"

"මොනවද"

"දැන්වත් මේවා පිලිවෙලක් කර ගත්තොත් නරකද"

"අම්ම කියන්නෙ මට ඉක්මනට මෙහෙන් යන්න කියලද"

"යවන්නැතුව තියාගන්නත් තිබුන"

"අම්ම ආයෙත් පරන බණ පදේ පටන් ගන්නද හදන්නෙ."

"මේ අම්මගෙ බණ පදත් වටින කාලයක් එයි චූටි. ඒවගෙන් වැඩක් නෑ අර ළමයට කියන්න මේක පිලිවෙලක් කරගන්න කියල"

__________________________________________________________

"පියූ"

"ම්ම්ම්"

"අහගෙනද ඉන්නෙ"

"ඔව් බබෝ කියන්න"

"බිසීද"

"බිසී උනත් මොකෝ ඔයා නිසා අහන් ඉන්නම්"

මොහොතකට හිත කීරි ගැසිනි. ඒ පියුමිකගේ හඬ නොව දෙනෙත්ගේ යැයි මට සිතිනි.

"මොකෝ බබෝ"

"නෑහ් මේ.."

කවදත් අහන්නට ආසා හිතෙන හිනාව පියුමිකගෙන් නික්මිණි.

"මොකද අම්ම බර බරේ දානවද පිලිවෙල ගැන කියල ආ...."

"කොහොමද දැනගත්තෙ"

"මන් දන්නවනෙ ඉතින් වොලියුම් බහිනකොට"

"ඔයාට ඉතින් විහිලු"

"මන් අම්මලත් එක්ක එන්නම් පැට්ටො, මටත් මේ ඉඳිල්ල ඇතිවෙලා දැන්"
_______________________________________________________

එනවා යැයි කීවාද දිනෙන් දින කල් යන පියුමිකගේ පැමිණීම, අම්මාගේත් තාත්තාගේත් නොහොඳ නෝක්කාඩුවට ලක් වන්නට පටන් ගති.

ඉවසීම තවත් මා සතුව නොමැත. ඔෆිස් යෑම පසෙකලා පාන්දරින්ම ලෑස්ති වූයේ රෝහලට හෝ ගොස් ඔහුව හමුවන අටියෙනි. නමුත්...

"මොනවද පුතේ කෙරෙන්න ඕනි"

"මුකුත් නෑ නැන්දෙ, අම්මල දුක් විදිනව මට බලන් ඉන්න බෑ, එයාල හැම දේම කරේ මන් වෙනුවෙන්නෙ"

"එහෙම තමයි ළමයි ඉන්න ඕනි"

තාත්තාගේ හඬද ඇසුනි.

"දැන් කවද්ද තියෙන්නෙ මේක"

"ලබන විසිපහ"

"කෙරෙන්න දෙයක් තියනවනම් හිතේ තියන් ඉන්නෙ නැතුව කියන්න"

"එහෙම නෑ මාමෙ, දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි නැන්දටයි, මාමටයි එන්න විතරයි තියෙන්නෙ."

දෙපා උන් හිටි තැනම නතර වී ඇත. මේ හීනයක්ද.

"මන් යනව මානෙල්, පුලුවන්නම් ඒ පැත්තෙ ගිහින් න0ගිලගෙ වැඩ වලට ඩි0ගක් උදව් උනා නම්"

තාත්තා පිටත් වූ බව කාරයේ හඬින් දැනුනි. 

හදවත සැලුනේ සෙමින් නොවේ. 

"නැන්දෙ"

දෙපා මුලමෙන් ඇසුනු හඬට මා පියවරක් ආපසු ගතිමි.

"ඇයි රත්තරනේ"

"නැන්ද තරහද"

"මන් කොහොමද පුතේ උඹත් එක්ක තරහ වෙන්නෙ"

"මාත් නැන්දගෙ විශ්වාසෙ බිඳෙන විදියට තීරණයක් ගත්තනෙ, ඒකයි"

"අවුරුදු හතක් කියන්නෙ පුන්චි කාලයක් නෙවේ පුතේ, පොඩි කාලෙ වගේම මේ වෙනකල්ම චූටි කෙරුවෙ පුතාගෙ ජීවිතේ සෙල්ලමකට ගත්ත එක"

"න0ගි පොඩියිනෙ නැන්දෙ"

අම්මාගේ හිනා හඬ දුකද සතුටද මුසු වූවක් බව දැනේ... 

"ඔයා නම් චුට්ටක් වත් වෙනස් වෙලා නෑ පුතේ"

"වෙනස් උනේ චූටිනෙ නැන්දෙ, ඒත් මන් තරහ නෑ. අම්මලගෙ බල කිරීම නිසයි මන් කැමති උනේ. අනික පියුමික චූටිට ගොඩක් ආදරේ ඇති. ඒකනෙ ඩොක්ටර් කෙනෙක් උනත් තාමත් චූටිත් එක්කම ඉන්නෙ. දැන් ඉතින් ඕකත් පිලිවෙල කරල දෙන්න."

අම්මාගේ සුසුම් සර යන්තමින් මෙන් මට ඇසිනි.

"නැන්දෙ" 

"පුතේ"

"චූටි එයිද දන්නෙ නෑ"

"මන් එක්ක එන්නම් පුතේ"

දෙනෙත් පිටව යනතුරු මා එලෙසම උනිමි. අම්මා ළඟට එනතුරු මා එලෙසම ඉඳ ඇත.

"චූටි"

"අම්මෙ, ඇයි අරය ආවෙ                                                "

"ආවෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්න"

"වෙඩින් එකට? පුදුමයි"

"ඇයි ඒ"

"නෑ ඉතින් ආපහු එන්න මන් බලන් ඉන්නව කියල කියපු සත්‍ය ප්‍රේම බෘ0ග රාජයනෙ ඔය"


"බලන් නොහිටියෙ නෑනෙ චූටි, පුන්චි කාලයක්ද ...... අනික පියුමික ඔයාව දාල යන්නෙ නෑ කියල එයාට විශ්වාස ඇති."

හිත කීරි ගැසුනි. කවදාවත් නොවූ ලෙස දෙනෙත් සිහි වුනි, මා සැරසුනු ගමන යා යුතුය.

________________________________________________________

සියල්ල සිදුවී අවසානය. මොහොතින් මොහොත ඒ වදන් මගේ සිත තුල අකුණු හඬ නගයි...

"මට ඩොක්ටර් පියුමික මුණසි0හව මීට් වෙන්න පුලුවන්ද"

"ඩොක්ටර් නම් මේ වෙලාවෙ ලොකු ඔපරේශන් එකක. කොහොමත් තව ටූ අවර්ස් විතර යයි එන්න"

"එච්චර"

"ඔව් මිස් ඩොක්ටව අද නම් මිස්ට මීට් වෙන්න බැරි වෙයි"

"කමක් නෑ ඩොක්ට එනකල් මන් ඉන්නම්"

හෙදිය මාදෙස උවමනාවටත් වඩා බලමින් විපරම් කරයි. මා ඇයට සිනාසුනෙමි.

"මිස්"

"ඔව්"

"මිස් ඩොක්ටගෙ යාලුවෙක්ද නැත්නම් පේශන්ට් කෙනෙක්ද"

"මන් ඩොක්ටව මැරි කරන්න ඉන්න කෙනා"

හෙදියගේ මුහුන තැතිගැන්වෙන අයුරු මා බලා උනිමි.



-මතු සබැඳි-

7 comments:

  1. මට මේකෙ පළවෙනි කොටස මිස් වෙලා වගෙ. කියවමුකො ඒකත් හොයන්.

    ආයෙ කොටස් දාත්දි මතක ඇතිව කලින් කොටසෙ ලිංක් එකත් දාන්න.

    කතාව හොදයි වගේ. මුල් ඉදන්ම කියවලා එන්නම්.

    ReplyDelete
  2. ඉක්මනට කියවල එන්න. මන් ආයෙත් ලියනකොට දාන්නම්

    ReplyDelete
  3. කතාව නියමයි. දිගටම ලියමු....!

    ReplyDelete
  4. තැන්ක්යූ නිමෝ. එහෙනම් දිගටම එමු මේ පැත්තට

    ReplyDelete
  5. ලස්සන කතාවක්, බලමුකෝ ඉතිරි කොටස් එක්ක කතාව ගලාගෙන යන හැටි, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ සොමී

      Delete