Monday, June 2, 2014

සදාදරණීය මතකය

එතකොට මන් ඒලෙවල් පන්තියෙ. හුරු පුරුදු මූණු ටික අපේ පන්තිය ළගින් එහාටයි මෙහාටයි සක්මන් කරනව මන් දැක්කා. පොලිටිකල් මිස් පන්තියෙ, ඒත් ඉතින් පොඩ්ඩක් විතර මාත් ඇහැ දැම්ම.

 "ඇයි?"
මන් ටීචට හොරෙන් ඇහුවා.

නැහැ කියන්න වගේ හොරන් ඔලුව වනල ඔයාල ගියා. මන් දන්නව ඉතින් ආයෙත් කට්ටිය එනව කියල.

යාන්තම් තුන්වෙනි පීරියඩ් එක ආව, අද සි0හල සර් නෑ.
ඕන්න ආයෙමත් කට්ටියගෙ සයිට් විසිට් එක.

"අද උගන්නන්නෙ නැද්ද."

"නෑ අක්කෙ,මොකක්ද මේ පොත."

"මේ පොතෙන් වැඩක් නෑනේ. දැන් කියනවකො බලන්න මේ තුන්දෙනා පෙරලන පොත"

එතන හිටියෙ මගෙ අතිජාත යාලු මල්ලිලා තුන් දෙනෙක් ශශී, ධනුක, ප්‍රදීප්.....
 මුන් තුන්දෙනාව මොන දහ0 ගැටයක් දැම්මත් වෙන් කරන්න නම් බෑ. හැබැයි බ්‍රයිට් කේස් තුනක්.

"අක්කෙ, අර වැඩේ කොහොමද?"
(මුන් මේ අහන්නෙ කෙල්ලෙක් ගැන )

"මොන වැඩේද?"
(මාත් අමතක ගානට ඇහුවා.)

"අපෝ, ඔච්චර ඉක්මනට අමතක උනාද?"
(යකෝ කෙල්ල ගැන හිතන් ඉන්න එකා පැත්තක අනිත් උන් දෙන්න මාව කන්න හදනව )

"මල්ලි ඉස්සර වෙලා මට චන්දෙ ගොඩ දා ගන්න උදවු කරන්න. පස්සෙ බැරියැ මට ඕක කරල දෙන්න."
(මන් එහෙම කිව්වෙ ඒ දවස් වල අපි පාසල් පාර්ලිමේන්තුවට තරග කරපු නිසා. චන්දෙට ටික දවසයි තිබුනේ )

"හරි හරි ඒව දැන් රෙඩිනෙ. අහින්සක අපේ කොල්ලටත් උදවු කරන්න හොදේ"

මන් කවදාවත් ඉස්කෝලෙ ඔය පැත්තට බර කෙනෙක් නෙවේ
(මොකද මුලු ගුරු මන්ඩලේම අපේ අප්පච්චිව දන්න නිසා ගැලවෙනව බොරු )
ඒත් ඉතින් ඉස්කෝලෙ කාලෙ ඕවට උදව් නොකරපු එකෙක් ඉන්නවද අප්පේ.

තුන්දෙනා යන්න ලෑස්ති උනා

ප්‍රදීප් අතේ තිබුන ලස්සන බුක් මාක් එකක්. ඒක මට දීල "මාව මතක් වෙන්න මේක තියාගන්න අක්කෙ, චන්දෙයි ලමා දින කෑම්ප් එකයි ඉවර වෙලා ආයෙත් මට ස්කූල් එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑනෙ" කිව්වා.

"මොනවද හලෝ විකාර කියවන්නෙ"
මන් කෑගැහුව.

"මූට පිස්සු අක්කෙ"
මෙහෙම කියපු එයාල ගියා.

කොහොමින් කොහොම හරි චන්දෙත් තිබුන, නම්බු බේරගෙන දිනලත් තිබුන. පොඩි පොඩි පාටිත් දැම්ම. ඔය හැමදේම උනේ සැප්තැම්බර් අවසානෙ. ඔක්තොබර් පලවෙනිද ලෝක ලමා දිනේ, අපේ ඉස්කෝලේ තමයි ලමයින්ට කෑම්ප් එක තිබුනෙ.

කෑම්ප් එක දවස් තුනක් තිබුන. දෙවෙනි දවසෙ පුන්චි ආරන්චියක් ආව.
"ඊයෙ ඉස්කෝලෙ ලමයෙක් වැවේ ගිලිලලු. අද උදේ තමයි හොයාගෙන තියෙන්නෙ"

ඒ ලමය කවුද කියල මාත් හෙව්ව. ම්හ්... දැන ගන්න ලැබුනෙ නෑ. දවල් වෙලා කෑම්ප් එක පැත්තෙ යන්න ලෑස්ති උනා. මොකද එහෙ ප්‍රදර්ශනයකුත් තිබුන නිසා.

යන අතර මගදි මට මීට් උනා අපිට බාලදක්ශ කරපු සර්.

"කොහෙද බ0 යන්නේ"
සර් පුරුදු කතාවෙන්ම ඇහුව.

"එක්සිබිශන් එකට යනව සර්"

"ඇයි උඹ මලගෙදර යන්නෙ නැද්ද"
එතකොට තමයි මටත් ඒක මතක් උනේ

"ඇත්තටම සර් කවුද ඒ ළමයා. තාම ආර0චියක් ලැබුනෙ නෑ මට"
සර් මගේ මූණ දිහා බලන් හිටියෙ කන්න වගේ. මටත් මුකුත්ම හිතා ගන්න බැරි උනා.

"ඇත්තටම කවුද සර්  ඒ"
මන් ආයෙත් ඇහුවා. හිතට මොකක්දෝ මන්දා අමුතු දෙයක් දැනුනා.

"ඔයා ඇත්තටම දන්නෙ නැද්ද දරුවො"

"ඇයි සර් එකම ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ, මන් දන්නෙ නෑ ඇත්තමයි, කවුද ඒ"

ඊට පස්සෙ සර් මට කිව්ව දේ මගේ කන් දෙක විශ්වාස කලේ නෑ. මන් එක පිම්මටම දුවගෙන ගිහින් නැවතුනේ මගේ යාලුව මධූ ලඟ.

"ඇත්තද මධූ තිලක් සර් මට කිව්වෙ, ඒ ප්‍රදීප් ද?"

මධූ මාව බදාගෙන අඬන්න පටන් ගත්තා, මටත් ඇස් වලට ආපු කඳුලු පිට කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.

හැම දෙයක්ම විහිලුවට ගත්තු, යාලුවට කෙල්ලෙක්ව යාලු කරල දෙන්න මගෙන් බැනුම් අහ අහ පස්සෙන් ආපු, විහිලුවට හරි නිවාඩුවෙන් පස්සෙ ස්කූල් එන්නෙ නෑ කියල මගෙන් බැනුම් අහපු, අහින්සක දඟයා ඇත්තටම අපිව දාල ගිහින්...

යාලුවො එක්ක වැවේ නාන්න ගිහින් ගිලිලා... කොච්චර ට්‍රයි කරත් හොයාගන්න බැරි වෙලා. එයාව ගොඩට ගන්න කොට එයා අපි හැමෝවම දාල ගිහිල්ලා.

නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලෙ ගිය දවසෙ අපි හැමෝම එකතු වුනා. කඳුලු හැමෝගෙම ඇස් තෙත් කරලා. ධනුක.. ශශී... ගොලුවෙලා.

ඊටත් වඩා දුක හිතුනෙ වෙන දේකට...

මේක සිද්ධ උනේ 2008 අවුරුද්දෙ, ඒ දෙසැම්බරේ තමයි මෙයාල ඕලෙවල් ලියන්න හිටියෙ. ප්‍රදීප්ව  බූමදානෙ කරපු දවසෙ තමයි ඉස්කෝලෙට එයාගෙ අයිඩෙන්ටි කාඩ් එක ආවෙ.එයාගෙ මරණ දැන්වීමෙ තිබුනෙ අයිඩෙන්ටි එකට ගහපු ෆොටෝ එක. ඒක දැක්කම හිතට ආව හැඟීම් විස්තර කරන්න වචන නෑ මට.

හැමදාම මට මතක් වෙන වෙලාවට මන් ප්‍රාර්ථනා කරන්නෙ උපදින මතු ආත්මෙක මේ වගේ අකල් මරණයක් නොවේවා කියලා.

වරද කාගෙද දන්නෙ නැති උනත්, අපට නැති උනේ අව0ක යාලුවෙක්..

"ඈත ඈත සිතිජයට
මුවා වන තුරු මගේ ජීවිතය
මම බලා හිඳිමි....
ඔබේ තාරුකා නෙතු දෙස
එයින් පිට දකින්නට මට
අනන්තයක් නැත..."

මේ තමයි එදා මට ප්‍රදීප් දුන්න බුක් මාක් එකේ තිබුනු පද ටික, ඒක එදා වගේම අදත් මගේ "යුගාන්තය" පොතේ පිටු අතරෙ තනි රකිනව.

මේක දකිද්දි මට හිතෙනව ඔයා ඔයාගෙ මරණය කලින්ම දැක්ක කියල මල්ලියො.

එදාටත් වඩා තදින් අදත් ඔයා අපේ මතකය එක්ක බැඳිල ඉන්නව.



මේ තියෙන්නෙ එදා මේ මල්ලි මට දුන්න බුක් මාක් එක

7 comments:

  1. සමහර අයට තමන්ගෙ මරණය කලින්ම දැනෙනවදෝ කියලා මටත් හිතිලා තියෙනවා. පව් ඒ ළමයා.

    මට මතක් උනේ අපිත් ඔය වගේ වැඩ වලට ගෑණු ළමයිගෙන් උදවු ගත්ත හැටි.

    ප්‍රදීප් මල්ලිට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  2. අවුරුදු පහ හයක් ගෙවිල ගියත් තාමත් මතක් වෙනව.
    චන්දෙ දිනපු එක සමරන්න ගිහිනුයි ඕක උනේ.
    ඔය සිද්දිය නිසා අපේ ඉස්කෝලෙ පාර්ලිමේන්තුව අත්හිටෙව්වා.

    //පිරිමි ළමයි ඉතින් ඕකට කොහොමත් ගෑණු ළමයි තමයි ඉස්සරහට දාන්නෙ :) //

    ReplyDelete
  3. අකල් මරණයක වියෝවක් නේද, අපේ ඉස්කෝලෙත් ඔය වගේ මල්ලිලා අයියලා ගොඩ නෙනෙක් නැති උනා, එක අයියා කෙනෙක් ගෙදර ප්‍රශ්න නිසා එයා වල් පැලයක් කියලා හිතිලද කොහෙද ග්‍රමොක්සෝන් බීල වන් ෂොට් නොකවුට් උනා, එකනම් ඒ දවස් වල මටත් ගහලා පාට දාපු එකෙක්, එත් එකාගේ මරනෙත් අපිට කනගාටුවක් එකතු කරා, තව මල්ලි කෙනෙක් මලේ වෙසක් එකට හදන කුඩුවේ ලයිට් වයර් එක කටින් සුද්ද කරද්දී එයාගෙම මල්ලි වයර් එක කරන්ට් එකට ගහලා, තව මල්ලි කෙනෙක් මලේ හදිසි අනතුරකින්, icu එකේ ඉන්න කාලේ මැරෙන්න මොහොතකට කලින් එයා කියලා තියෙන්නේ එයාගේ පුටුවයි ඩෙස්ක් එකයි කාටවත් දෙන්න එපා, එයා ආයි ස්කොලේ එනවා කියලා, එයාගේ ඩෙස්ක් එකයි පුටුවයි අදටත් ඒ පන්තියේ එහෙම්මම තියෙනවා, එයා ඉස්කෝලේ හොල්මන් කරනවා කියලත් කතාවක් තියෙනවා. අන්තිමටම මගේම යාලුවෙක් මලේ නුගේගොඩ නො ලිමිට් එකේ බෝම්බෙට අහු වෙලා, එදා බදාදා දවසක්, අපි හිටියේ රෝටරියේ කෙසිරි සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ, එකා එදා පන්ති කු කරලා ගියා කෙල්ලව බලන්න යන්න එපා කියද්දී, එක පාරටම මහා සද්දයක් එක්ක රෝටටියේ බිල්ඩින් එකම හෙල්ලිලා ගියා, කෙසිරි සර් කිව්වා බෝම්බයක් වගේ ළමයි, එක නිසා මන් ඔයාලව අද ටිකක් වැඩිපුර වෙලා තියා ගන්නවා කියලා, සර් අපිව පරිස්සම් කරලා යැවුවේ හුඟක් හවස් වෙලා, එත් අර යාලුවා ගිහින් තිබුනා සදහටම, ඒ බෝම්බෙටම අපේ ස්චොලේ ඉඳලා අයින් වෙලා නො ලිමිට් එකේ වැඩ කරපු අයියා කෙනෙකුත් මලා බෝම්බයක් තියෙනවා කියන ආරංචියට එක බලන්න ගිහින්.

    ඉතින් බලන්න මොන තරම් සුළු අත පසුවීම් හින්දද ජීවිත නැති වෙන්නේ, ඒ මල්ලිටත් නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. අතපසුවීම් නම් වෙනවා. ඒත් හැම එකක්ම සුලුවට හිතන්න බෑ යාලු. ඒවගෙන් වෙන විනාසෙ කොච්චරද බලන්නකො.
      දුක් විදින්නෙ ජීවත් වෙලා ඉන්න අය.

      Delete
  4. අදනේ මේ බ්ලොග් එක දැක්කේ

    ReplyDelete
  5. වෝම්ලි වෙල්කම් යූ..

    දිගටම එන්න. මමනම් කාලයක් තිස්සෙ අටම්පහුර කියවනව.

    ReplyDelete