Wednesday, June 11, 2014

ජීවිතය නම් නුඹම විය.. (part iii)



1 මෙතනින් 
2 මෙතනින් කියවල එන්න


"වට්"

"ඇයි මුකුත් ප්‍රශ්නයක්ද?"

"ඒක කොහොමත් වෙන්න බැරි දෙයක් මිස්"

"ඒ කියන්නෙ"

"සොරි මිස්, මන් මිස්ගෙ පෞද්ගලික දේකට මැදිහත් වෙනව නෙවෙයි මේ. ඒත්........."

"ඒ කිව්වෙ"

"මේකයි මිස් මේක අහල කලබල වෙන්න එපා"

"කරුණාකරල මට කියනවද ඔය කියන්න හදපු දේ"

"මිස් සර් එනකල් ගොඩක් වෙලා ඉඳන් බලන් ඉන්..."

"වෙන දේවල් මට වැඩක් නෑ. කියන්න හදපු දේ කියන්න"

"මිස් මේ.. මේ.. අ.. අ. අද සර් කරන ඔපරේශන් එකේ පේශන්ට් ස්.. සර්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්"

අකුණු සැරයක් වැදුනා සේ මට හැඟිනි. එය එසේ නොවේ යැයි කීමට මා තැත් කලද මුව ගොලුව තිබිණි.

"ඒ මිස් ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාව. මන් දන්න තරමින් ළඟදි මැරි කරන්නයි ඉන්නෙ. අනේ මිස් මන් මේව කිව්ව කියල දැන ගත්තොත් සර් මට බනීවි. ප්ලීස් මිස් මාව බේරගන්න. මිස් ගොඩක් අහින්සක පාටයි. ඒකයි මන් විස්තර ඇහුවෙ.."

ඈ තවත් මොන මොනවදෝ කියනු ඇසුණත් මා තවත් එතැන නොසිට ආවෙමි.
කාර්යාලයට නොගොස් සුපුරුදු වෙරල තීරයට පා නැගුවෙමි.

වෙනදා ඔහුත් සමඟ එකට පෑගූ රැල්ලද, වෙරලද මා හට සමච්චල් කරතැයි හැඟිනි..
දැනෙන ළතැවුල් මෙතෙකැයි කිව නොහැක.... ගලා ගිය කඳුලු වැල් මුහුදු සුළඟින් වියලී යද්දී නිවස කරා පා නැගුවෙමි.

මෙය අවසානය නොවේ... එහෙත් මෙය අවසානය වූවානම්...

_______________________________________________

"චූටි"

"ඇයි අම්මෙ"

"මොකක්ද ප්‍රශ්නෙ, මේ දවස් වලම මන් බලාගෙන උන්නෙ"

"එහෙම නෑ අම්මෙ. දන්නෙ නැද්ද ඉතින් වැඩ ගොඩ ගැහුනම එපා වෙනව"

"පියුමික කතා කළා දවාලෙ. මොකද ෆෝන් ඕෆ් කරන් හිටියෙ."

"බැටරි ලෝ උනා අනේ, මන් කෝල් එකක් ගන්නම්"

කතා කරනවාද, නොකරනවාදැයි දෙගිඩියාව මැද මා දුරකතනය අතට ගතිමි.
මෙය විසඳා ගත යුතුය යන හැඟීමෙන් සිත පෙලිනි.
සුපුරුදු අ0කයන් මත ඇඟිලිතුඩු දිව ගියේ අවනියමයටය.

"බබෝ"

ඒ හඬින් හිත කීරි ගැසිණි

"පියුමික"

"මොකද මේ වෙලා තියෙන්නෙ. දැන් දවස් කීයක්ද.  ඔයා කොහොමද මට කතා නොකර හිටියෙ. ඔෆිස් එකෙන් නිවාඩු කියනව. නදීට කෝල් කලාම ආන්සර් නෑ, ඔයාගෙ ෆෝන් එක ඕෆ්. මට ගෙදරට නිතරම ගන්න බෑ. ඔයාලගෙ අම්ම බලයි මේ මොකද කියල"

මා නිහඬවම අසා සිටියෙමි.

"තියන වැඩ ගොඩ එක්ක මට ඔයාව බලන්න එන්න වෙලාවක් නෑ තේරෙනවනෙ ඔයාට. ඇයි කතා නැත්තෙ බබෝ"

"රැවටුනා ඇති කියල හිතුන පියුමික"

"මොකක්?????

"මන් කිව්වෙ දැන් මන් රැවටුනු කාලෙ ඉවරයි කියල"

"මට තේරුනේ නෑ"

"දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හොඳයිද"

"......."

"පියුමික"

"බබෝ"

"දැන්වත් මේ ව0චාව නවත්තන්න පියුමික"

මට කෑගසා හැඬිනි.

"ඇයි මට මෙහෙම කෙරුවෙ"

පියුමිකගේ නිහැඬියාව මා කෝපයට පත් කිරීමට හේතු විය.

ගත වූ කාලය කොපමනදැයි නොහැඟුණි. පියුමිකගේ හඬ අවදි විය.

"මන් මේක උවමනාවෙන් කරපු දෙයක් නෙවෙයි, ඒත් ඔයා කොහොමද දිල් ගැන දැන ගත්තෙ"

"මාත් ඔයා ගැන හොයල බලනවනෙ. එතකොටයි දැන ගත්තෙ. මට මේ හැම දේකටම උත්තර ඕනි."

"ඕව ද ෆෝන් බැහැ හිරුනි අපි හෙට මීට් වෙමු බීච් එකේදි"

ගත වූ කාලය අතරතුර ඔහු මට නමින් කතා කල දවස අද විය.
ඔහු මගෙන් දුරස් වූවා යැයි හැඟුනා මෙන්ම රැය පහන් වූවේ කෙලෙසදැයි මා හට නොදැණුනි.
_____________________________________________________________________

"දිලූ කියන්නෙ මගෙ නෑන. පුන්චි කාලෙ ඉඳන් අපි එකට හිටියෙ. ඒකාලෙ අපි හරිම දුප්පත්. දිලූගෙ තාත්ත තමයි අපිව දැන් ඉන්න තත්වෙට ගේන්න මහන්සි උනේ. ඒ හැම වෙලාවකම දිල් වගේම නැන්දත් අපි එක්කම හිටිය. ඒත් දියුනු වෙන්න වෙන්න අපේ තාත්ත වෙනස් උනා. කොටින්ම කිව්වොත් දිල් අපේ ගෙදරට එනවටවත් එයා කැමති උනේ නෑ. ඒකට හේතුව මන් දන්නෙත් නෑ. ඒත් එහෙම වෙනකොට මාත් දිල්ව ඈත් කලා. ඊට පස්සෙ කැම්පස් ආව. ඔයාව මීට් උනා. හැම දේම වෙනස් උනා. ඒත්........."

හදවත රිදුම් දුන් තරම්....  පියුමික...  ඔහු ඒ පැවසුවේ මගේ කතාවම නොවේද?
මට දෙනෙත්ව සිහිවුනි. කඳුලු දෑස් අග පිරෙද්දී ඔහුට කන් දුන්නෙමි.

"ඒත් කිව්වෙ.."

"දෛවය කියන එක අපි හිතන තරම් ලේසි පහසු එකක් නෙවෙයි හිරුනි. එක එක වද දීල දීල අපිට හරි දේ කියල දෙනව කියලයි මට හිතෙන්නෙ"

"දැනට අවුරුදු එකහමාරකට වගේ කලින් අම්ම මට දොස් කිව්ව හොඳටම. ඒ මන් ඔයාලගෙ ගෙදර යමු කියද්දි. ඒකට මන් අම්ම එක්ක තරහ වෙලා දිල්ගෙ ගෙදර ගියා, දිල්ට බනින්න. ගිහින් බැලුවම ගෙදර කවුරුත් පේන්න හිටියෙ නෑ. දොරවල් ඇරල තිබුන. මාත් පුරුද්දට උඩ තට්ටුවට ගියේ දිල් එතන ඉන්නව කියල දන්න නිසා. එවෙලෙ මට ඇහුනෙ අඬන සද්දයක්. ඒ දිල්. මන් අහන් හිටිය. එයා මට කොච්චර ආදරේද කියල මට දැනුනෙ එවෙලෙ හිරුනි. එයා අසනීප වෙලා කන්නෙත් නැතුව හිටියෙ. මට බනින්න බැරි උනා හිරුනි. මන් එදා දවසම එයා ළඟ හිටිය. මට අපේ අතීතෙ මතක් උනා. දිල්ගෙ තාත්ත අම්ම නැති උනා නම් මන් මෙතන නෑ. මට ඒව අමතක කරන්න බෑ"

"ඇයි මට මෙච්චර කාලයක් තිස්සෙ ඕක හැන්ගුවෙ"

"මට කියන්න ඕනි උනත් වෙලාවක් ලැබුනෙ නෑ හිරුනි"

"පුන්චි කාලෙ එකට කාල බීල එකට හැදුන වැඩුන දිල්ට මන් නැතුව බෑ කියල තේරෙද්දි මන් ගොඩක් දුර ඔයත් එක්ක ඇවිත් ඉවරයි"

"ඒක තමයි මාත් අහන්නෙ... ඇයි මාව මෙච්චර දුරක් අරන් ආවෙ පියුමික"

"මට ඔයාව අත හරින්න දුක හිතුන. මන් ගැන බලන් ඉන්න එපා කියල කියන්න බැරි උනා. කාලය හැමදේම විසඳයි කියල මන් බලන් හිටිය. අනිත් එක ඊටත් වඩා ලොකු හේතුවක් තිබුන මට ඔයාව අත හරින්න බැරි"

"ඒ කිව්වෙ?"

"මේ හැමදේම වෙද්දි මන් දැනට මාස දෙකකට කලින් දෙනෙත්ව හොයාගෙන ගියා"

"දෙනෙත්ව? ඒ මොකටද?"

"ඔයා ලඟට ආපහු එන්න කියන්න. ඒත්.."

"ඇයි?"

"ඔයාගෙ තාත්ත මගේ තාත්ත වගේමයි හිරුනි. එයා දෙනෙත්ටයි එයාගෙ තාත්තටයි තර්ජනය කරල තිබුන. හරියට මගේ තාත්ත දිල්ටයි තාත්තටයි කරා වගේ. ඔයාව කොහොමටවත් ලැබෙන්නෙ නෑ කියල දෙනෙත්ට හිතුනලු. ඒ නිසා එයා අම්මලගෙ කීමට දැන් මැරි කරන්න යනව. ඩේට් ෆික්ස් කරල ඉවරයි"

"මන් දන්නව"

"ඒත් දැන් අපේ අම්මටයි තාත්තටයි දිල්ව නැතුව බෑ. දිල්ගෙ ඇක්සිඩන්ට් එකෙන් අපිව තවත් ල0 කරපු එක විතරයි උනේ. ම0 දන්නව හිරුනි, ඔයා මට කවදාවත් සමාව දෙන්නෙ නෑ කියල"

"මගෙන් ඈත් වෙලා යන්න පියුමික. දිල් බලන් ඇති ඔයා එනකල්"

මට කියා ගත හැකි වූයේ එපමණකි. කඳුලු වැල් වලට ඉඩදී සයුර දෙසට පිය මැන්නෙමි. පියුමික වෙනදා මෙන් පසුපසින් දිව ආවේ නැත.

දෙනෙත් තීරණයක් ගෙන හමාරය. ඔහුව පිට මන් කලේ මා මය. නැවත ඔහු මගේ නොවේ. පියුමික බලා හිඳී. මා ඔහුටද තීරනයක් ලබා දී හමාරය. මේ මගේ නැවතුම්පලයි.

_____________________________________________________

"චූටි"

"අම්මෙ"

"ඔයා එන්නෙ නැද්ද"

"කොහෙද?"

"දන්නෙ නෑ වගේ හැසිරෙන්න එපා චූටි. අද දෙනෙත්ගෙ වෙඩින් එක. අඩුම තරමෙ ඔයාට මතක නැද්ද මන් මේ දවස් වලම හිටියෙ එහෙ කියලවත්. මොන සිහියෙන්ද ඉන්නෙ"

"මට එන්න බෑ අම්ම"

"තාත්ත නම් හැදුන, දුව නම් තාම නෑ."

අම්මාත් තාත්තාත් පිටව ගිය පසු දැණුනු තනිකම උහුලා ගත නොහැකි විය.

මොහොතකින් දුරකතනය නාද විය.  අ0කය දෙසවත් නොබලා එය කනේ තබා ගතිමි.

"හෙලෝ"

"හෙලෝ කවුද මේ"

"හිරුනිද කතා කරන්නෙ"

"ඔව්. කවුද මේ"

"මන් නයනි."

"නයනි?"
මා යලි එලෙස ඇසුවේ මට එනමින් යෙහෙලියක නොසිටි බැවිනි.

"ඇයි වෙඩින් එකට නාවෙ"
මා මොහොතකට ගොලු විය. මේ දෙනෙත්ගේ බිරිඳ වූ ඇය බව පසක් විනි.

"කතා නැත්තෙ ඇයි න0ගි, දෙනෙත් බලන් හිටිය ඔයා එනකල්. මට කනක් ඇහිල ඉන්න නෑ ඉතින් න0ගි ගැන වර්ණනාව"
කිව යුත්තේ මොනවාදැයි මට නොහැඟුනි. මොහොතක් ගත විණි.

"චූටි ඇයි ආවෙ නැත්තෙ."
ඒ හඬ ඔහුගේය.

"මන් හිතුවෙ අදවත් එයි කියල"

"කෝ නයනි"

"එහා පැත්තට ගියා. ඇයි කතා නැත්තෙ"

මා නිහඬවම උනිමි.

"ආයෙත් කවදාවත් මන් ඔයාට වදයක් වෙන්නෙ නෑ චූටි. පියුමික එක්ක කතා කරල තීරණයක් ගන්න. පරිස්සමින් ඉන්න. බුදුසරණයි"

ඔහු දුරකතනය තැබුවේ එලෙසිනි.බුදුසරණ පැතීමටවත් දිව නොනැමුනේ මන්දැයි නොදනිමි.

____________________________________________________________________

සියල්ල සිදුවී අවසානය...

දෙනෙත් - නයනි, නැන්දා - මාමා මෙන්ම අම්මා තාත්තාවත් ඇස නොගැටෙනා දුරු කතරකට මා මාව රැගෙන ආවෙමි. එදා මෙන් අදත් අම්මා තාත්තා දෙනෙත්ගේ සෙවනේ වෙසෙයි. නයනී ඔවුනට දුවක වී හමාරය.

මේ පාලුව තනිකම මට උරුම වී ඇත.

"දෛවය කියන එක අපි හිතන තරම් ලේසි පහසු එකක් නෙවෙයි හිරුනි. එක එක වද දීල දීල අපිට හරි දේ කියල දෙනව කියලයි මට හිතෙන්නෙ"

පියුමිකගේ වදන් දෙසවන් තුල රැව් දේ.....

එනමුත් ඒ දෛවය මෙතරම් මා හට සරදම් කරතැයි මා නොසිතුවෙමි.

පියුමික - දිල් හුරතල් දරු පැටවුන් දෙදෙනෙකු හා විනෝද වන අයුරු නිවාඩු නිකේතනයේ වීදුරු ජනේලයකින් මට පෙනේ...

"නොඉඳුල් තොල් පෙති අතරින් උදුරාගෙන සිනාව"
"හදවත නැති මිනිසා ඔබ නෙත කඳුලැලි ගෙනාව"

එක වරක් නොව කිහිප වරක්ම මා මුවින් පිටවිණි.

ඉදින් මා කඳුලු වලට ඉඩ දිය යුතුය....


10 comments:

  1. හදවත පතුළටම වැදුණා කතාව. ඉතාමත්ම සාර්ථකව එය නිමා කොට තිබෙනවා ඔබ.පරපුරෙන් පරපුරට එන මෙවැනි කතාවක් කියවලා තිබුණා ඉසබෙල් අයින්දේ ගේ හවුස් ඔෆ් සිපිරිට් කියලා.

    ReplyDelete
    Replies
    1. තැන්කියු...
      අද තමයි මේ පැත්තට එන්න පුලුවන් උනේ.

      Delete
  2. පියුමික එක්ක කේන්තියි.

    කොහොම උනත් කතාව සාර්ථකයි. සුබ පැතුම්. ඇත්තෙන්ම දැනෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒත් පියුමික ඇත්ත තේරුම් ගත්ත නේද?
      මොනව උනත් මුල අමතක කරන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි.

      ඇත්තටම ඔයාලට දැනුන නම් මම දිනුම්

      Delete
  3. ඔය දීලා තියෙන්නේ නියමෙටම... සුබපැතුම් මචන්....! දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. මන් බැලුව ඒත් මේ පැත්ත අමතක වෙලාද කියල :)

      අද කාලෙ ඉන්න ඔය වගේ ඔලුව ඉදිමුණු කෙල්ලො මාව වර්ජනය කරයිද දන්නෑ නිමෝ

      Delete
  4. අවසානේ නේ ඇවිත් තියෙන්නෙ ,අලුත් එවා කියවන්ම් කෝ
    ජය

    ReplyDelete
    Replies
    1. අවසානෙට උනත් ආවට තැන්කියු සහෝ...
      දිගටම එන්න. පෙන්ඩින් එකක් තියනව අද හෙට දාන්නම්

      Delete