Monday, July 7, 2014

මමයි නුඹයි...



ප්‍රස්තුතයක් නැති උනාට
නුඹ නුඹම වෙන්න
මට මගේ ලෝකෙ හදාගන්න.......
බලාපොරොත්තුවක සේයා
නැතිවද හෙටවත් උදාවෙන්න...

නුඹ සඳ වගෙයි අහසට,
මං ඉර වගෙයි, හඳට එළිය දෙන
ඇයි අපිට බැරි
මාරු කරගන්න මේ චරිත දෙක...

මං හඳ,
නුඹ ඉර, හඳට එළිය දෙන

එතකොට නුඹ කියාවි,
"අමාවකට තරහයි මම"

එතකොට මාත් කියයි,
"අහස ආදරේ කරන්නෙත් හඳට"

මං දන්නව ඔයා අහනව කියල,
"එතකොට ඉරට මොකද වෙන්නෙ"

ඔක්කොම පැත්තකට දාල මම කියනව,
"නෑ මං අහස - දවල්ට ඉර - රෑට හඳ"

එතකොට ඔයා අහයි මගෙන්,
"ඉරයි - හඳයි එක අහසෙ එකට ඉන්නෙ කොහොමද "

මං දන්නව මට දෙන්න උත්තරයක් නෑ...
ඒ උනාට,
ඇත්තටම අහස
ඉරටයි හඳටයි ආදරෙයි හැමදාම......


13 comments:

  1. අපූරුයි කවිය
    මොහොතකට නැවතුණා හිතම..
    මෙවන් කවිකම් කරන්න
    දිරිය නිතර ලැබෙන්න

    ජයවේවා

    අද ආවෙ ඉස්සරෝම...
    එන්නංකො හැමදාම
    ඔන්න දාගත්ත රෝලට

    ReplyDelete
    Replies
    1. එන්න දැන් ඉතින් හැමදාම
      නෑ තහංචි මේ කවි රස විඳින්න

      ගොඩක් ස්තුතියි මහේශ්ට
      මාව දාගත්තට රෝලට :)

      Delete
  2. අහස ඉරටයි හඳටයි දෙන්නටම ආදරෙයිද?

    ReplyDelete
    Replies
    1. නැත්තන් කොහොමද ප්‍රියා අයියෙ එක අහසෙ පායන්නෙ. අහස වැරැද්දක් කලාට අපිත් අහසට ආදරෙයිනෙ.

      ඇයි අද පරක්කු උනේ. ඔන්න මට අලුත් යාලුවෙක් ඇවිත්.

      Delete
  3. හ්ම්ම්... අහස අහසේ තියෙන/ඉන්න හැමොටම ආදරේයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ඒක ඇත්ත මදාරා.
      හැබැයි අහස ජීවිතේට පටල ගත්තොත් අපට වරදිනව.

      Delete
  4. සැහෙම පුරශ්නයක් තමයි ,මං දන්නව මට දෙන්න උත්තරයක් නෑ... :D :D
    පද ටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කට්ටියම එකතු වෙලා හොයමු හොඳ උත්තරයක් සහෝ..

      Delete
  5. ඉර, හඳ දෙකම එකවර පැව්වොත් කළුවර වෙනවා, ජිවිතයම .... බබෝ...... එක අහම්බයක්....

    ලස්සන කවිය..... ආදරේට....

    ReplyDelete
  6. //ඉර සඳ එකවර දෙපස නැගී...
    කලුවර ඇයි විජිතයම මගේ...//

    එහෙම තමයි අන්තිමට කියන්න වෙන්නෙ. නේද නිහිංසා

    ReplyDelete
  7. ලස්සන අදහසක්..

    ReplyDelete
  8. තෑන්ක් යූ දිනේශ්...

    ReplyDelete