Friday, August 1, 2014

දික්කසාදය



උරතලේ හිස තියා විඳිසුව
යුග දිවියෙ පාදමට සමවී
කාලයාගේ ඇවෑමෙන්
එකිනෙකාගේ සිතැඟි අභියස
බිඳී විසිරී සැඩ රළක් මෙන්
පෙණ බුබුළකදු ශේෂ නොමවූ
දෙපසකට වී නාදුනන සේ
කල් ගෙවන ඒ අරුමය
සිහිනෙකින් ඇහැරුනා සේ
අමතකම වෙන්නැ'ති ඔවුන්ටත්
කැකුළු මල් විකසිත වන්ට
තව කල් තියෙන වග...

17 comments:

  1. ආ.....................
    කවිය ලස්සනයි...
    අදහස නං අවුල්

    ReplyDelete
    Replies
    1. අවුල් කියන්නේ මහේෂ්..... දික්කසාද උනේ...... මේ ගොල්ලෝ දරුවන් තාම නැති නිසා කියන අර්ථයයි මට දැනෙන්නේ.....කවිය ලස්සනයි..... තනුජා...... එහෙම හරිද....?

      Delete
    2. @ මහේශ්, අවුලක් ගන්න එපා මහේශ්. අද ඔහොම දේවල් වැඩියි. ඒකයි ලිව්වෙ.

      @නිහිංසා, ඔයාගෙ අදහස හරි. මේක මං දන්න අක්ක කෙනෙක්ට වෙච්ච දෙයක්. දරුවො හදන්න තරම් කාලයක් තිබුනෙ නෑ. එක එක අඩුපාඩු කියල කෙල්ලව අනාථ කරල දැම්ම.

      තව අර්ථයක් තියනව. ඒ තමයි තමන්ගෙ පහත් ආසාවන්ට මුල් තැන දීල දරුවන්වත් අමතක කරන එක. උන් අන්තිමට තමන්ගෙ දෙමව්පියන්ට වෛර කරල පවුකාරයො වෙනව.

      Delete
  2. කැකුළු මල් ගැන මතක නම් ඔහුන් වෙන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ප්‍රියා අයියෙ. අපි ඒ අතින් වාසනාවන්තයි අපිට ලැබිල තියන දෙමව්පියො එක්ක.

      Delete
  3. මතක් වුණා නම් කවියකින් මෙය බිහිවෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්. අද බහුතරයක් කතා කරන මාතෘකාවක් මේක.

      Delete
  4. කදිම කවි පදයක් හිතට වැදුනා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... සාදරයෙන් පිළිගන්නව සිතිජ ඉමට.

      Delete
  5. ලස්සනයි...ටොපික් එක නම් දුකයි

    ReplyDelete
  6. ඔය ටොපික් එක දුකයි තමයි දිලිනියො. බට් මොනව කරන්නද

    ReplyDelete
  7. Replies
    1. කොහොමද උක්කුන් තොප්පි ජාවාරම සරුද

      Delete
    2. අඩේ මේක ටොයිලට් එකක් එහෙම කොරනව නෙවෙයි ඔය ඈයො

      Delete
  8. වෙල්කම් වෙල්කම්.. දිගටම එමු එහෙනම් හොඳේ

    ReplyDelete
  9. දික්කසාදේ මහ එවුන්ට... අනාත වීම පොඩි එවුන්ට....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්. කේන්ති ගන්න එපා. ඕක ලෝකේ ස්වභාවයනෙ

      Delete