Wednesday, August 20, 2014

නුඹ එනතෙක්....



මග බලන් ඉන්නම් මං
කවදාක හෝ ඇවිදින්
කැන්දාන යන තෙක් රහසින්
වත කමල මවමින් සිත්කොණෙන්

පිච්ච මල් කැකුලු සුවඳින් 
මල් මාල වැටෙන තෙක් ගෙල'ගින්
හෙන්දිරික්කා සුවඳ විඳගෙන
සඳ පහන් රැය ගෙවන්නම් තනිකමින් 

රතු රෝස පොකුරු ගෙන'විත්
අපේ යහනත සරසනා තෙක් මෙතුවක්
හිත මතම දඟකරන හීනය
නොවිඳවා විඳින්නම් නුඹෙ නමින්

16 comments:

  1. හැබෑට.... හොදා හොදා...

    ReplyDelete
  2. ලස්සන පද වැලක්..

    ReplyDelete
  3. මේක අර ඇස් ඇස් ඇස් ආදරේ ඔළුවෙ තියං ලියපු එකද්ද අප්පා...
    මොකක් වුණත් කවිය නං ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනේ. එහෙම එකක් තමයි ඒක.

      Delete
  4. Replies
    1. "මරු"
      ඔව් ඉතින් එන්නෙ නැතිකොට මරු පේනව තමයි. ඇයි අප්පා බලන් ඉඳලා එපා වෙනවනෙ.

      Delete
  5. මං එන්නං කැන්දන් යන්න එයාගේ රියැදුරු විදියට

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඉතින් ඔය හිටිය විදියටම ඉඳල එයාව එක්කගෙනම එන්නකො :P

      Delete