Thursday, September 11, 2014

....ආදර පාලම....


"ආදරය කියන වචනෙ තේරුම ඔයා දන්නවද?"

කෙල්ල අහනව කොල්ලගෙන්. දෙන්නගෙ බර ආදර කතාව එහෙන් මෙහෙන් මගෙ කන් වලටත් වැටෙනව. හිත ඈතට පාවෙලා ගියා. ගමට යන්නෙ අවුරුදු ගාණකට පස්සෙ. ඉස්සර වගේ නෙවෙයි, දැන් පාරවල් හැදිල ගම දියුණු වෙලා. පැය ගනන් යන වෙලාව අඩු වෙලා. ඒත් තාමත් ගම ගමම වෙන්න ඇති. මොකද ගම දියුණු උණාට මිනිස්සු පරණයිනෙ.
................................................................................................................

"ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින් අක්කා"

"අනේ මන් දන්නෙ නෑ. මෙයා දවසින් දවස හැඩ වෙනව. කාට පේන්නද ආ"

"අනේ ඔය ඉතින්... එපා අප්ප විහිලු කරන්න. මේ කලු කෙල්ලගෙ මොන හැඩක්ද"

"ආහ් මෙන්න වැඩක්. පාට පොඩ්ඩක් අඩු උණාට කොල්ලට කැපෙන හැඩ වැඩ අඩුපාඩු නැතුවම පිහිටල තියෙන්නෙ. මට කමල් කිව්ව දුමිදු කිව්ව කියල"

"ඔයාටත් පිස්සු ඔයාගෙ කමල්ටත් හොදටෝම පිස්සු අනේ"

"නංගි ඇත්තටම ඔයා කැමති නැද්ද දුමිදුට"

"අනේ මංද අක්කෙ"

"මංද තොණ්ඩුව වෙයි ඔහොම යනකොට. උඹ යන යන තැන ඉශ්ඨ දේවතාව වගේ පෙනී හිටිනව. ඒ උණාට දෙන්නම නොදන්නව වගේ ඉන්නව"
මම නිශ්ශබ්ධ උණෙමි. තරූ අක්කා එක්ක කතාකර බේරෙන එකට වඩා පාලමෙන් පහලට පැනීම පහසුය.

මට තනිවම සිනා නැගිණි. ඒ කාලය තරම් සුන්දර කාලයක් මගේ ජීවිතයට යළි නො එනු ඇත. නුහුරු හැඟීම් හිත තුළ පෙරළි කරද්දී නිශ්ශබ්ධව සිටි මාත් දුමිදුත් යළි සිහියට නැගෙයි. අප හදවත් යා කළ අරුම පුදුම පාලම ආදරය යැයි දැන් මට හැඟේ.

"පාලම"

සියල්ලට මුළ පාලමය.


~ මතු සම්බන්ධයි ~

14 comments:

  1. මොකද්ද බං තනූජ... වචන දහයක් කියවං එද්දි කතාවට හිත හැදෙනව... එතකොම කතාව ඉවරයි... අලේ මංදන්නෑ අනේ

    ReplyDelete
    Replies
    1. මන්දමික වෙනව නේද මහී :P

      Delete
    2. සද්ද එපා හරිය පොඩ්ඩක් හිටු. මේ ඡන්ද වැඩ අස්සෙ දිග පෝස්ටු කොටන්න බෑ. මේක පාලු හින්දයි බාගෙට දැම්මෙ.

      Delete
  2. හයියූ මේ මදියෝ.........
    තව දිගට ලියන්න

    ReplyDelete
  3. දිග වැඩියි නංගි. පස්සෙ කියවන්නම්. :D

    ReplyDelete
    Replies
    1. ලොලේ ලොල් :D
      මටත් හිතුනේ ඕ............කමයි

      Delete
  4. අලුත් කතාවක් වගේ, හ්ම්ම් අපි බලමු එහෙනම්,

    ReplyDelete
  5. පොඩ්ඩයි නේ... ... බලමුකෝ බලමුකෝ....

    ReplyDelete
  6. මාතර පාලමේ දැන් දෙපැත්තෙන් පොලිස් මාමල දෙන්නෙක් ඉන්නවලු පනිනවද කියාල බලන්න...අපේ කන්තෝරුවෙ කෙනෙක්ගේ අදහස පනින උන්ට වෙඩි තියන්නත් ඕනි කියලා...ඒකත් කදිම අදහස..හදිසියෙ පැනලා මලේ නැතොත් වෙඩිල්ල නිසා මැරෙනව නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මැරෙන්න යන උන්ට මැරෙන්නම දෙන්න ඕනි. මේ ලස්සන ලෝකේ විඳින්න උන්ට පින නෑ.

      Delete
  7. සිතුවිළි පාලම.. බලමුකෝ කියවලම ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පෝස්ට් කරන්නම් දිනේශ්

      Delete