Wednesday, September 17, 2014

....ආදර පාලම.... [ අවසාන කොටස]





ආදර පාලමේ ඇරඹුම...
දෙවැන්න
තෙවැන්න

දින සති මාස අවුරුදු ගෙවුණෙ අපිටත් නොදැනිම. ඒ වෙනකොට අපි අපිට ගොඩක් ළංවෙලා. අපි දෙන්න ගැන ගමම දැනගත්ත. වෙන මුකුත් හින්ද නෙවෙයි. ආදරෙන් ළං වුණු පාලම උඩ හෙමීට ඇහුණ අපේ කටහඬ වල සද්දෙ අපිටත් නොදැනිම හයියෙන් පිට වුණ නිසා.

------------------------------------------------------------------------------------------------

"නිම්"

"ඇයි අයියෙ"

"ඇයි නිකන් නෝන්ඩි වෙන්නෙ"

"අයියෙ"

"තමුසෙට පිස්සු හැදීගෙන එනවද ආ.. දුමිදුව ටවුන් එකේ වෙන කෙල්ලොත් එක්ක ජෝඩු දානව, තමුසෙ හවසට ඌත් එක්ක පාලම උඩ මුකුළු කරනව. මං නොකිව්වයි කියන්න එපා. ආයෙත් අහුවුනොත් ඌත් එක්කම එලවලයි පස්ස බලන්නෙ මං.."

ටික කාලයක ඉඳන්ම අයියා මේ විදියට මාත් එක්ක රණ්ඩු. මට දුමිදුව සැක කරන්න බෑ. ඒ ආදරේ මගේ විතරයි.

"නිම්මියො"
හවස පාලම උඩ අපි තනි උණා.

"මොකද දරුවො කතා නැත්තෙ"

"මොකක්ද අයියෙ මේකෙ තේරුම"

"මොකේද"

"කාත් එක්කද ඔයා ටවුමෙ රස්තියාදු ගහන්නෙ. කවුද ඒ කෙල්ල"
අයිය කතානෑ.

"කවුද ඒ කෙල්ල"
......................

"මං අහන්නෙ කවුද ඒ කෙල්ල"
මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුව.

"කට වහනව"
දුමිදු අයියගෙ සීතල වෙච්ච අත මගේ කම්මුල පුපුරු ගැස්සුව. පහල නාන්න ඇවිත් උන්නු කමල් අයියයි, තරූ අක්කයි පාලම උඩට දුවගෙන ආව.

"මොකද දෙන්නට වෙලා තියෙන්නෙ. ලැජ්ජ නැද්ද. අවුරුදු ගාණක් ලව් කරේ ගහමරා ගන්නද. උඹල දිහා බලල ඊරිසියාවෙ පැලුණු මිනිස්සු හිනාවෙයි"

"හිනාවෙන්න දෙයක් තව නෑ කමල් අයියෙ. මෙයාගෙ වැඩනිසා මිනිස්සු මට දැන් හිනාවෙනව"

වචනයක්වත් කතානොකරපු දුමිදු අයිය මගේ කම්මුල ආදරෙන් අතගෑවා. ඒ ඇස් වල කඳුලු බෝල ගුලි වෙලා. වෙනදට වඩා ආදරෙන් මං ඒ පපුවට තුරුල් උණා. ඒත් ඊට වඩා ඉක්මනට එයා මාව ඈත් කරල යන්න ගියා.

"දුමිදු අයියේ..........."

"අයියෙ නවතින්නකෝ.."

ඒත් දුමිදු අයිය නැවතුණේවත්, පස්ස හැරිල බැලුවෙවත් නෑ. එදා ඉඳන් හැමදාමත් මං පාලමට ආවත් දුමිදු අයිය ආවෙ නෑ. කවදාවත් එන්න දුමිදු අයියල ගමේ උන්නෙත් නෑ. එදා මට ගැහුව දවසෙ රෑ එළිවෙනකොට දුමිදු අයියලගෙ ගෙදර හැමෝම කොහෙදෝ ගිහින්. කවුරුත් දැනගෙන හිටියෙ නෑ කොහෙද ගියේ කියල.

මගේ ඇස් වල එච්චර කඳුලු තිබුණ කියල මං දැනගත්තෙ ඒ දවස් වල. පරඬැලක් වගේ වෙනකල් මං අඬ අඬා මගේ ආදරේ හෙව්ව. කවදාවත් හම්බුනේ නෑ. ඒක නිසා අපිටත් ගමේ ඉන්න බැරි උණා. හැමෝම මට දොස් කිව්ව. හැමදේම දැනගෙන උන්නු තරූ අක්කයි, කමල් අයියයි මාව මගෑරියා. ජීවත් වෙන්න ඕනිකමක් තිබුණෙ නෑ මට.

අම්මල අපිවත් අරන් ගමෙන් ආව. කවුරුත් නොදන්න ටවුමෙ පදිංචිකාරයො උණා. ගෙවෙන හැම තප්පරයක්ම වෙන් උණේ දුමිදු අය්යගෙ මතකෙට.

"චූටි දූ"

"ඇයි අම්මෙ"

"දැන් ඇති නේද ඔහොම හිටිය කාලෙ. හෙට අනිද්දට විභාගෙ. පොඩ්ඩක් පාඩම් කරන්න මගෙ පුතේ. ඔයා ඔහොම හිටියොත් මුකුත් කරන්න බැරි වෙයි. ඒත් ඉගනගෙන ඉස්සරහට ගියොත් දාල ගිය අයත් හොයාගෙන එයි"
මං මුකුත් කිව්වෙ නෑ. ඒත් අලුත් වෙන්න ඕනි කියල හිතුව.

"බිසී උනාම අනවශ්‍ය දේවල් අමතක වෙනවනෙ"
දුමිදු අයියගෙ කටහඬ ඈතින් වගේ මට ඇහුන.

---------------------------------------------------------------------------------------------

"කෙල්ල ගොඩ ගියා නේ"
ඒ මගේ හොඳම යාලුව ශම්මි.

"ඉතින් ඔයත් ගොඩනෙ"

"හරි හරි, ගේ ගුල්ල වගේ ක්ලාස් වත් නොයා හිටියනෙ. මොනාද ඒලෙවල් කරන්නෙ"

"ආට්ස් තමයි"

"සබ්ජෙක්ට්ස්"

"මියුසික්, සිංහල එක්ක ඇග්‍රි කරනව"
ඇස් වලට කඳුලු පිරුණ. ඇග්‍රි කිව්වම දුමිදු දුන්න ඇඹරැල්ල පැලේ මතක් උන නිසා වෙන්න ඇති.

කාලය ඉගිලුනේ විදුලි වේගෙන්. මං උසස් පෙල ඉවර කරා. ගුරුවරියක් උණා. ටික කාලයක් ඈත පළාතක හිටියා. ඒත් ඒ හැමදේම අතරෙ මතකය කියන දේ පන්න පන්න හිත රිද්දුව. මං කොච්චර හෙව්වත් මට දුමිදු අයියව හම්බුණේ නෑ. ඒක නිසාම මට ඕනි උණා රිදෙන හිතට බේතක් හොයන්න. මට ආපහු ගමට යන්න ඕනි උණා. එයා කවදහරි ගමට එනව කියල මං දන්නව. ඒකයි මේ ඉස්කෝලෙට පත්වීමක් ඉල්ලුවෙ. ඒක මට ලැබුණ. ඒත් මොකටද?

"නිම්"

"අය්යෙ"

"දැන් ඇති නේද හිත හදාගන්න ඉල්ලපු කාලෙ"

"මොනාද මේ කියන්නෙ"

"ගිය යකා ගියා. මොකටද විඳවන්නෙ. හොඳ කොල්ලෙක් හොයල දෙන්නම්. කසාදෙට ලෑස්ති වෙනව"

කසාදෙ පැත්තකට දාල මං ආව. අම්ම ඇඬුව හොඳටම. ඒත්............. මගේ හිත අඬන තරම කවුරුත් දන්නෙ නෑ. මට ඕනි උණේ මගෙ අයියගෙන් පළිගන්න. අපිව ඈත් කරේ එයා කියන හැඟීම හැමදාම හිතේ තිබුණ.

********************************************************************

"කොහෙද අනේ යන්නෙ"
රමණි ටීච අසංක එක්ක පාළමට ඇවිත්.

"මං නිකන් මේ පැත්තට ආවෙ. ලස්සනයිනේ"

"නිම්මි ටීචට ආස හිතිල වගේ මේ පැත්තට"
ආස හිතිල නෙවෙයි ආදරේ ලස්සන දවස් මට දුන්නෙ මේ පාලම හින්ද කියල කියන්න හිතුණත් මං හිනා වෙලා නිකන් හිටිය.

"මිස් දන්නවද වැඩක්"

"මොකක්ද අසංක"
රමනි කොයි වෙලෙත් මැද්දට පනිනව.

"මේ පාලම උඩ ලස්සන ආදර කතාවක් තියනව"
මාව ගැස්සුනා

"ඒ මොකක්ද"
රමනි ඇහුව.

"ඉස්සර ලස්සන කපල් එකක් ලව් කරල තියෙන්නෙ මේ පාලම උඩලු. මේ ගමේම උන්නු දෙන්නෙක්. පැංචො කාලෙ ඉඳන් එකටම ඉඳල තියෙන්නෙ. ලොකු උනාමත් හරි ආදරෙන් ඉඳල. කෝමහරි කෙල්ලගෙ අයිය පොර උදැල්ල දාල. හේතුව කෙල්ලගෙ අයිය ට්‍රයි කරපු කෙල්ල හෙන කැමැත්තෙන් ඉඳලලු අර කොල්ලට. කොහොමහරි ඒකා මේ කොල්ලට තර්ජනය කරලලු. නංගිටත් සද්දෙ දාන්න ඇතිනෙ. පස්සෙ මේ දෙන්න රණ්ඩුවෙලා ගිහින්. අන්තිමට කොල්ල ගමෙනුත් ගිහින් පවුල පිටින්ම. ඒකෙන් පස්සෙ කෙල්ලගෙ අයත් ගිහින්. අදටත් කවුරුත් දන්නෙ නෑ කෙල්ල කොහෙද කියල. කොල්ල නම් ඉන්නව"

මට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. මං ගමට ඇවිත් දැන් මාසෙකට ළඟයි. ඒත් කවුරුත් මාව හරියට දන්නෙ නෑ. අපේ කතාව එච්චරටම ප්‍රසිද්ද වෙලාද. මගේ අයිය ගැන මං නොදන්න දෙයක් අසංක කිව්වෙ. එදා දුමිදුගෙ නිහඬකම මගෙයි අයියගෙයි සහෝදරකම බේරන්න කියල මට අමුතුවෙන් හිතන්න ඕනි උනේ නෑ. දාඩිය බින්දු පිට දිගේ බේරීගෙන ගියා.  මගෙ වෙනස අසංකට දැනෙන්න ඇති.

"මිස් මොකද බයවෙලා."

"එහෙම නෑ අසංක. දැන් ඒ කොල්ල කොහෙද"

"දැන් කොළඹලු  ඉන්නෙ මිස්. මෙහෙ ඇවිත් මේ දවස් වල. ආච්චිව බලල යන්න. දවසක් මං දැක්ක හවස පාලම උඩට වෙලා ඉන්නව. තාම බැඳලත් නෑ. පවු නේද"

"ඔයාල එන්න, මං යන්නම්"
දුවගෙන ඇවිත් මං නතර උණේ කාමරේ. පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙනව වගේ. දෙයියනේ මොනාද මේ වෙන්නෙ.

විදුලි සැරයක් වගේ මට අතීතය මොහොතින් මැවිල පෙනුන. අපේ ආදර කතාව ඉවර නෑ එතකොට. ඒත් එයා වෙනස් වෙලා නම්. නෑ වෙන්න බෑ, අපි ආදරේ කරේ ඇත්තටම.

එයා තාමත්  මට ආදරෙයි නම්, අදත් එන්න ඕනි පාලමට. මං හිත හදාගත්ත ඕනි දේකට මූන දෙන්න. 

පාලමට ගියා. පැයක් දෙකක් යන්න ඇති. අඳුර වැටෙනව, මුකුත් පේන්නෙ නෑ. කඳුලු බොඳවෙනව. ඇයි තාම නැත්තෙ දෙයියනේ. ඒත් එහෙම උන්නෙ ටික වෙලාවයි

"නිම්මි"
කන්දෙක ළඟින් ඇහුනෙ මගෙ ජීවිතේම වෙනස් කරපු ඒ හඬ. මුලු ඇඟ පුරාම විදුලි සැරයක්  වැදුන වගේ දැනුන......... දුමිදු අයිය මං ළඟ..... මගෙ ජීවිතේ මගෙ ළඟ...... මට හුස්ම ගන්නත් අමතක වෙන්න ඇති..... මං හයියෙන් කෑ ගැහුව....

"දුමිදු අයියෙ"
මං හයියෙන් එයාව බදාගත්ත. එයත් එහෙමයි. අර ඉස්සර කිව්ව වගේ අත් නොහැරෙන්නම. තද.........ට.

"කොහෙද මාව දාල ගියේ දෙයියනේ"

"පරන කතා එපා. මේ අලුත් කතාවක්"
දුමිදු අයිය එච්චරයි මට කිව්වෙ.

මුලු ලෝකෙම මං වැරදියි කියද්දි, මුලු හිතම මට වද දෙද්දි, හැම අස්සක් මුල්ලක් නෑරම මං හෙව්ව මගේ ආදරේ මගේම උනේ එහෙමයි. අද මං තරම් ආදරේ... ජීවිතේ...  විඳින කෙනෙක් මේ මුලු ලෝකෙම නැතුව ඇති.

මොකක් ........ ආ......... ඔයාල අහන්නෙ මගෙ අයිය ගැනද, ඔය ඉන්නෙ අපූරුවට දෙමස්සිනාල. ඒ කාලෙ එයාටත් දුක හිතෙන්න ඇති එයාගෙ ෆස්ට් ලව් එකටනෙ උදැල්ල වැටුණෙ.

අපි තාමත් යනව අපේ පාලම බලන්න. නිකන් පාලම නෙවෙයි "ආදර පාලම"

අපිව එකතු කරපු - වෙන් කරපු - හිටියටත් වැඩිය ආදරෙන් අපිව ආයෙත් එකතු කරපු ආදර පාලම දැන් වයසයි. 

ඒ උණාට අපෙන් පටන් ගත්ත ආදර කතා වගේම නිමා කරපු ආදර කතාත්, ආයෙත් පටන් ගත්තු ආදර කතාත් ඉවරයක් නෑ. 

කාටත් වැඩිය හොඳට මේ ආදර කතාගැන ආදරනීය මතක මේ පාලමට ඇති. සමහර විට අපටත් අමතක උණු අපේ සමහර හැඟීම් පවා ...........





19 comments:

  1. තාමත් පාලම තියෙනවා එහෙනං.. ඇවිදිමු.. හොදා.. කතාවේ මුල් කොටස මං කියව්වේ නැති නිසා විචාරයක් කරන්ට අමරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකතුමා තාමත් තියනව. කට්ටිය තාමත් යනව එනව.

      Delete
  2. thanuja yolanthi......
    මේකනම් කියල වැඩක් නෑ.. එක හුස්මට කියෙව්වා.. අවසානය දුකක් වගේ පෙනුනට ඉවර වෙන්නේ වෙනම විදිහට.. වාව්.. කියන්න වචන නෑ.. ඒ තරම්ම වැදුනා... උණුසුම් සුභ පැතුම්....!!!! නියමයි... පට්ටයි....!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩා................ක් ස්තුතියි සිහිනයො

      Delete
  3. හ්ම්ම්ම්!! පට්ටයි!
    කතාව නොහිතපු තරම් සුබවාදීව ඉවර උනා!

    මේකත් කාගෙ හරි ඇත්ත කතාවක්ද නංගි?

    ReplyDelete
    Replies
    1. බාගයක් ඇත්ත. අවසාන නොවුණු කතාවක් මං හොඳ විදියට අවසන් කරා.

      Delete
  4. //ඔයාල අහන්නෙ මගෙ අයිය ගැනද, ඔය ඉන්නෙ අපූරුවට දෙමස්සිනාල.// පිස්සු යක්කු මුලින්ම කැමති උනා නම් ඔය අයියා කාරයට හෙණ ගහනවද මම අහන්නෙ?

    ඕකුන් ඔහ්හොම්ම තමා! [අත්දැකීම් තමා ;) ]

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. මම නම් දැන් පොඩ්ඩක් බේරිලා ඉන්නව අපේ අයියකාරයව රට පටෝලා. නැත්තම් මාත් ගස්. :)

      ප්‍රියා අයියටත් දුශ්ඨ මස්සිනාල ඉඳල තියනෝ වගේ

      Delete
  5. කතාව ගලාගෙන ගියපු විදියට මේ වගේ අවසානයක් හිතා ගන්නත් බෑ, ඒ තරම්ම ලස්සනන්යි. නිකන් ෆිල්ම් එකක් බැලුවා වගේ. :D, ජය වේවා, ඊළඟ කතාවෙන් හම්බ වෙමු.

    ReplyDelete
    Replies
    1. මං කියන්නද සොමී වැඩක් අපි මේක නිකන් ජොලියට වගේ ෆිල්ම් කරමුද?

      යූ ටියුබ් දාල පොඩි පබ්ලිසිටි එකක් දෙමු.

      Delete
  6. නිම්මි ගේ අය්ය සැරයි නේ :( ... කථාවේ ඉන්න දුෂ්ඨයා එයානෙ . :( :( ...........මේ කතාව නම් කාට හරි උන ඇත්ත කතාවක් වගේ ...ඒ තරම්ම හිතට දැනෙන්න ලියල :)

    ReplyDelete
    Replies
    1. ඔයාලට දැනුනනම් ඒ ඇති හංස පැටියො.

      ඇත්ත එකක් තමයි. අවසානය වෙනස් කරා. ඇත්ත කතාවෙ අවසානය තාමත් කවුරුත් දන්නෙ නෑ. මොකද ඒ ආදරවන්තයො තාමත් අතුරුදන්

      Delete
  7. නුගේගොඩ ගුවන් පාලම දකින මට හැමදාම ඇතිවෙන අදහසක් තමයි ගුවන් පාලමේ ඇයි මගීන්ට යන්න ට්‍රැක් එකක් නත්තෙ කියලා. ඒ පාලමේ මගීන්ට යන්න හැකියාව තිබුන නම් ඒක උඩත් පේම කතා උපදීවි..

    ReplyDelete
    Replies
    1. ප්‍රේම කතාවලට තැනක් නොතැනක් නෑ අමිල. ගොඩක් කතාවල අවසානය එකතුවක් වෙන්නෙ නැති එකයි අවුල.

      අනික ආදරේ නොලැබෙනවනම් කාටවත් නොපෙනි හිතේ හංගගෙනම ඉන්නත් පුලුවන් වෙන්න ඕනි.

      Delete
  8. කතාවට උපරිම සාධාරණයක් කරා ඔයා... පපුවටම දැනුන.ජයවේවා !! තවත් කතාවකින් හමුවෙමු නේ...?

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් බලමු දිලිනියො. ටිකක් කම්මැලි වෙලා මං.

      Delete
  9. හම්මේ පට්ට ඈ.... පට්ට කියන්නෙ පට පට... ආයෙ මොනවද හොදම එක...
    ඇදෙයි තව ටිකක් කියල හිතුවට ලොවෙත් නැතිවෙන්න මේ තියෙන්නෙ...
    ජයවේවා...
    අලුත් එකක් ලියපං මචෝ ... දන්නවනෙ නැත්තං මමයි වෙඩි තියන්නෙ...
    කිකං නෙවී බාල සීනි දාල හරි

    ReplyDelete
    Replies
    1. කූඹි ඇහිඳින්න එන්න වෙයි හොඳේ. ;) :P

      ජය වේවා!!!!

      Delete
  10. නංගා එකනන් ගොඩක්ම හිතට වැදුනා. ලස්සන කතාව.

    ReplyDelete