Saturday, September 20, 2014

එදා නාවා නං....






කාලෙකට පස්සෙ මං
දැක්ක උඹේ ආඩම්බරකම්
නොදැක්ක වගේ දැං 
ඉන්න එක තමා හොඳ නම්

ඒ කාලෙ නං
අහක බැලුවොත් දඩුවම්
කාලයේ සෙල්ලං
මූණ බැලුමත් තහනම්

වෙලා සිටියා ඈ ළං
එවා මා වෙත නෙක රැවුම්
හොරෙන්වත් එවනවා නං
හසරැල්ලකින් නුඹෙ හැඟුම්

එදා නාවා නං
අරං ඈ සරසවි වරම්
අපේමයි අපි දැං
අනේ සඳ නුඹ නම්

10 comments:

  1. වෙලා සිටියා ඈ ළං//

    කොහොමටත් ගැලපෙන්නෑ සිංදුවකට මිසක්..

    ReplyDelete
    Replies
    1. තැන්කියු.. ආයෙත් ඒ වැරැද්ද කරන්නෙ නෑ.

      Delete
  2. Replies
    1. අනේ මංද ඉතින් සිහිනයො

      Delete
  3. හ්ම්ම්ම්. :( ඔක්කොම කාලයේ සෙල්ලම්!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ප්‍රියා අයියෙ, ඔක්කොම කාලයේ සෙල්ලම්

      Delete
  4. හිටිගමන් අකුණක් පිපුරුණ වගේ දැනුන. අනේ මන්ද පුදුම විදියට පපුවට දැනුන. අනර්ඝයි.......!!!!

    ReplyDelete
    Replies
    1. දිලිනිට අතීතේ දවසක්වත් මතක් උණාද?

      Delete
  5. අහක බැලුවොත් දඩුවම්
    කාලයේ සෙල්ලං
    මූණ බැලුමත් තහනම්////

    කියන්න ඕන ශක්කම මේ තියෙන්නෙ...
    කාලය මැවි වෙනසක අරුමේ.. නැද්ද තනූජා...

    ReplyDelete
    Replies
    1. කාලය ගොඩක් දේවල් වෙනස් කරනව වගේම මහේශ් කල් ගිහින් හරි සමහර දේවල් ලබාදෙනව.

      Delete