Tuesday, September 16, 2014

....ආදර පාලම.... [iii කොටස]


 



ආදර පාලමේ ඇරඹුම...
දෙවැන්න

මතකය හදවතේ එහාට මෙහාට ඇවිදිනව. හිටපු ගමන් තැනකට හයියෙන් පාරක් ගහනව. එතකොට එතනින් එන වේදනාව ඇස්වලින් එළියට පනිනව. වෙලාවකට හිතෙනව මං ආවෙ නොආ යුතු ගමනක් කියල. ඒත් මට එන්න ඕනි උණා. මේ බිමේ අඩියක් අඩියක් ගානෙ මං ජීවත් වෙනව. ඒත් ඒ මම ම විතරද?

"නිම්මි"

"ම්ම්ම්"

"පොඩිකාලෙ වගේ ඇයි අපිට දැන් ඉන්න බැරි"

"ඒ කිව්වෙ"
හිතට ආව හැඟීම් යට කරගෙන මං ඇහුව.

"අපි දැන් පොඩි ළමයි නෙවෙයි නංගා"

"එහෙනං ආයෙත් පොඩි වෙමු"

"පිස්සි ඒ කෝමද"

"දෙන්නත් එක්ක අත් අල්ලන් පාලමෙන් පහලට පනිමු. එතකොට ආයෙත් ඉපදෙයිනෙ"

"මං පැන්නත් ඔයා පනින්න එපා"
මං එයා දිහාම බලාගෙන හිටිය. හිත රිදුණු තරම දුමිදු අයියට තේරුණේ නැතුව ඇති.

"මොකද බලාගෙන ඉන්නෙ"

"නපුරා. ඔයා තමයි මේ ලෝකෙ ඉන්න නපුරුම කෙනා"

"ඇත්තට, කෝමද දන්නෙ. මට හොරෙන් මුලු ලෝකෙම අයව යාලු කර ගත්තද"

"ඔව්. මුලු ලෝකෙම"

"එහෙනම් මාව මොකටද. අතෑරල දාන්න මේ දුප්පත් හිඟන්නව"

"අතාරින්න බෑ"

"ඇයි"

"අමතක වෙන්නෙ නැති නිසා"

"නංගා"

"ඇයි"

"පාලමට යමුද"

"හා හැබැයි ඉක්මණට එමු. අම්ම බලයි දහම් පාසලට ගිය එකී පරක්කු මොකද කියල"

"ඒකි පරක්කු උණාම අම්ම දන්නවනෙ මේකත් එක්ක පාලමේ කියල"

"ඒක තමයි අම්මත් ඔයා කියපු දේම කියන්නෙ"

"මොකක්ද"

"දැන් පොඩි ළමේක් නෙවෙයි කියල"
තවත් වචනයක් වත් කතා නොකර අපි පාලමට ආව. ගඟ ගැඹුරුයි, බොරයි, මේ දවස් වල වැස්ස නිසා. 

අපි දෙන්න දැන් පාලම උඩ.
"දෙයක් අහන්නද"

"හ්ම්ම්"

"ආදරේ කියන වචනෙ තේරුම දන්නවද"

"තේරුම දන්නෙ කෝමද ආදරේ කරන්නෙ නැතුව"

"මට දැනෙන විදියට කියන්නද"

"හා"

"අතාරින්නෙ නැතුව මෙන්න මෙහෙම තදින් අල්ලගෙන හැමදාම ජීවත් වෙන එකට"
දුමිදු අයිය මගේ අත තද.....ට අල්ලගෙන කිව්ව.

කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. පුංචි කාලෙ ඉදන් එකට හිටිය අපි දෙන්න ගැන අපි දන්නව. ඒත්............

--------------------------------------------------------------------------------

"නිම්"
හවස අපේ අයිය කතාකරා.

"ඇයි අයියෙ"

"පොඩ්ඩක් එනවකො"

"ඇයි වදේ"

"මේ මං තමුන්ට දෙයක් කියන්නද"

"මොකක්ද"
බය පෙන්නන්නෙ නැතුව මං ඇහුව.

"මේ දැන් තමුසෙ ජංගි ඇඳන් නටපු කාලෙ ඉවරයි හරිද. අර දුමිදුවත් එක්ක පාළම උඩ ඉන්න එපා. අහු උණොත් අඩු කඩනව මං. අනික..."
අම්ම ආව නිසා අයිය කතාව නැවැත්තුව.

"මොකක්ද දෙන්නගෙ කුටුකුටුව"

"නෑ අම්ම අද මං එනකොට මෙයයි දුමිදුයි පාලම උඩ හිටිය. මාත් ඉතින් බලාගෙන ඉඳල ආව. ඇහුවෙ.... දැන් දෙන්න සෙට්ද කියල"

"චූටි පුතා"
අම්ම කෑ ගැහුව. මං හිතුවෙ නෑ අයිය අම්මට එහෙම කියයි කියල. මං ඇඩුව තරම් අදටවත් මට හිතාගන්න බෑ. 

********************************************************************
"මිස්"
මං පස්ස බැලුව. අසංක සර්.

"සර්, හදිස්සියෙන්ම ආවෙ"

"ගෙදර වැලිතලප වගයක් හැදුව. මිස්ලට දීල යන්න කියල ආවෙ"

"ගොඩක් ස්තුතියි සර්"

"මිස්"

"සර්"

"ඔය ඇස්වල කඳුලු පිහිද ගන්න"
මං හිනාවෙලා ඇතුලට ගියා. රමණි ටීචර් කඩාගෙන බිඳගෙන එළියට ආව. සර් එයාව මගහරිද්දි පස්සෙන් යන්නෙ එයාට පිස්සු වෙන්න ඇති.

මං පිටිපස්සෙ දොරෙන් බැහැල ගියා.

"පාලමට"

"නිම්මි"

"ම්ම්ම්"

"ඉස්සර වගේ කියව කියව ඉන්නකො"

"ඇයි ඒ"

"එතකොට මට පාලු නෑ"

"බොරූ"

"ඇත්ත. මේ මං බඩ්ඩක් කියන්නද"

"මොකක්ද"

"නාන්න ඇවිත් ගොඩක් වෙලා ඉන්න එපා"

"ඇයි"

"අහන ලස්සන විතරක්. මෙතන චීත්තෙකුත් ඇදගෙන නිළිය වගේ නානව. අහල පහල උන් බලාගෙනනෙ ඉන්නෙ. මගෙන් ගුටි නොකා මීට පස්සෙ ඉක්මනට නාල ගෙදර යනව"

"පුංචි මහත්තයට කේන්ති ගියාම මූණෙ තියෙන ලස්සන"
එහෙම කිව්වම එයා හිනාවෙලා අතේ තියෙන කෝටුවෙන් පස්සට පාරක් ගහනව.

"දුප් හොර කෙල්ල"

"මාත් බඩ්ඩක් අහන්නද"

"ඔව් අහන්න බලන්න. මං දෙන්නම් උත්තර"
ඇදන් ඉන්න සරමෙ වාටියෙන් පොඩ්ඩක් අල්ලගෙන බැරෑරුම් පෙනුමක් මූණට අරන් උත්තර දෙන්නයි එයාගෙ ලෑස්තිය. මට හිනා. ඔන්න ආයෙත් කෝටුපාර. මාත් අර ටීවී එකේ වගේ අහනව.

"ඇත්තටම මිස්ට දුමිදු, මෙච්චර ලස්සන, අහිංසක, නිකන් නලු ලුක් එකක් තියෙන හැන්ඩි කොල්ලෙක් මොකද අර වගේ ගොඩේ ලුක් එකක් තියෙන...."
මට ප්‍රශ්නෙ අහල ඉවර කරන්න වෙන්නෙ නෑ. එයා අර කෝටුවෙන් ගගහ මගේ පස්සෙන් එලවනව. 

පාලම දිගේ එහාටයි මෙහාටයි හති වැටෙනකල් දුවල තමයි අපි නවතින්නෙ. අන්තිමට හයියෙන් මාව අල්ලගෙන මූණට එබෙනව.
"මේ ඇස් දෙක මාව අල්ලගත්තෙ කවදාවත් අමතක වෙන්නැති විදියට. මං තමයි "lucky man of the world"
එයා කෑගහනව පාලම උඩ ඉඳන්. 

ආදරේ කොච්චර ලස්සනද..................



~ මතු සම්බන්දයි ~

14 comments:

  1. කතාව දැන් නම් හොඳටම රහ වැටිලා ඈ... මෙගා නෙමෙයිනම් එච්චරයි... :D

    ReplyDelete
    Replies
    1. මෙගා නෑ සිහින, ඉළඟ කොටසින් ඉවරයි

      Delete
  2. ආදරේ සුන්දරද මෙතරම්…

    මට නම් ඔය නංගිලාට ඕනවට නීති දාන්න එන අයියා කාරයන්ව පේන්න බෑ!! තුඃ නොදකින්!

    ඉක්මනට ඊළග කොටසත් දාන්න නංගි.

    ReplyDelete
    Replies
    1. අයියත් එහෙනම් පරිප්පු කාල තියනෝ වගේ

      Delete
    2. ප්‍රියාවී එක්ක ලව් කොරන කාලේ අත්දැකීමක්ද කොහෙද.. හැක් හැක්

      Delete
  3. පට්ට ඈ....
    ආදරේ සුන්දරද මෙතරම් කියන්නෙ වෙන අය.. හිහි...
    මම නං කියවන්නෙ කතාවෙ රහටමයි....
    ආදරේ ඇලජික් වේගන එන්නෙ දැං දැං

    ReplyDelete
  4. බැන්දට පස්සේ තමයි ඉතිං අන්ලකී වෙන්නේ. හැක්

    ReplyDelete
    Replies
    1. දේශකතුමාටත් එහෙම උණැයි, හැක් හැක්

      Delete
    2. ඔව් ඔව් තනුජෝ මේ ඔක්කොම අයියල මාමිලා සිය අත්දැකීමෙන් කියන ඒවා..
      දුප් හොරකෙල්ල කයිය ගගහ ඉන්නෙ නැතිව ඉක්මනට ඉතිරියත් දාපිය.

      Delete
    3. අලි අලී හවසට දාන්නම් අනේ

      Delete
  5. පාලම දෙපැත්ත යා කරනවා වගේ, ඔහොම යන්.....:D ජය වේවා.

    ReplyDelete
  6. ජය වේවා...

    ඔන්න අනිත් ටිකත් දැම්මා

    ReplyDelete
  7. //ආදරේ කොච්චර ලස්සනද..................

    හරිම ලස්සනයි කතාව :)

    ReplyDelete