Monday, March 21, 2016

වැලන්ටයින්




"සිප ගැනුම අකැපය බාඳුරා
සෙමින් ළංවී කොපුලත"
මිමිණීය සිහින් ස්වරයෙන්
ඈත හිඳ පෙම් බඹරිඳු

රක්ත වන් පෙති දිගහැර
එනු එනු මා වෙතැ'යි කීවද
"නුඹ විෂ ගුලාවකැ'යි"
ඔහු මගහැරිය නියඟලා

යන්නම්ය නොකියා
පිටව ආවද හිතුවක්කාරෙන්
බලාහිඳිනා බැව් දනී
රතුරෝස තවමත්
සිහින් ස්වරයෙන් සසැලෙමින්

10 comments:

  1. ලස්සනයි, දිගටම ලියන්න,

    ReplyDelete
  2. Replies
    1. ස්තුතියි අම්බලන්ගොඩයෝ..

      Delete
  3. ඒ අතිං නියඟලා වාසනාවන්තයි. නෑනෙ කිසිම හිත් රිඳුමක්..
    ලස්සන අදහස තනූජා...
    ඒක නෙවී ආයෙ කතාවක් ලියන්නෙ නැතෙයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කතා ලියන්න පොඩ්ඩක් කම්මැලි හිතෙනව අයියෝ..

      Delete
  4. ඒ වුනාට රෝස වලට වඩා නියගලා මල හිතට දැනෙනවා

    ReplyDelete
  5. හිමි නැතිව හිත බැඳෙන
    නේක පැහැ මල් ගොඩේ
    තවත් එක වතුසුද්ද
    මලක් මග බලනවා.......
    හිත පුරා පැතුම් පොදි
    නෙත් කෙවෙණි තෙමනවා
    සුසුම් රැලි ඔහු සොයා
    වා තලය සරනවා.....
    බඹරින්ඳු ලොව පුරා
    තවත් මල් සොයනවා
    කවදා හරි යළි එතැයි
    සෙව්වන්දි හිතනවා

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සැලෙමින් බලාහිදිමි රතුරෝස තවමත් . . . .

    සතුටුයි ආයම ලියන්න පටන්ගත්තට මගෙ නංගියෝ

    ReplyDelete