Thursday, July 3, 2014

නුඹ මගේමය...



නුඹ නුඹමය නැත නුඹ වන් වෙනත් අයෙක්
පැතු පැතුමන් අපගේමය මතු භවයෙත්
දෙනෙත් හැර බලන් අදහනු බැහැ කිසිවක්
කොහි ගියෙ නුඹ හැරදාලා මාත් සිතත්

මග බලමින් උන්නේ රුව දැකගන්න
හඬවත් අසන්නට මා හට නැතිද පින
ලෝ පාලක දෙවියනි සිටියේ කොතැන
මගෙ රන්කඳ බැරිවද යලි මට දෙන්න

කොතැනද වරද කාගෙද මා නැත දන්නේ
නුඹගේ කොලුකමද නපුරට හරස් උනේ
දුක සැප බෙදාගනිමින් පෑ මිතුරු සෙනේ
රැගෙන ගියත් මා ගැන නෑ දුක සිතුනේ

දෙනෙත් පැලි පැලී කඳුලැලි වැගිරෙන්නේ
හිතත් පැලි පැලී නුඹමයි විමසන්නේ
දෝංකාර දී නුඹෙ හඬ පැතිරෙන්නේ
තනිවට නැතිද මාවත් අරගෙන යන්නේ

නුඹ මගෙමයි කවුරුන් කීවත් මොනවා
ඉන්නට බෑ තවත් හදවත කකියනවා
නුඹෙ උණුසුම පතා මගෙ සිත වද දෙනවා
බිදුවක් ඉවසන්න මා නුඹ වෙත එනවා


______________________________________________________________

මේකට නිමිත්ත අපේ පැත්තෙ උන ඇක්සිඩන්ට් එකක්. නොසැලකිලිමත්කම නිසා ජීවිත තුනක් එකම තැන අවසන් උනා. එක්කෙනෙක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් එකක් ගත්තම ආන්සර් කරල තියෙන්නෙ හොස්පිට්ල් එකෙන්.

"මෙයාව අඳුන ගන්න එන්න" කිව්වලු.

ඒ ගෑණු ළමයට මොනව හිතෙන්න ඇත්ද. ආරංචියෙ හැටියට එයත් වස බීල. හැබැයි එතනින් එහාට වැඩි විස්තරයක් දන්නෙ නෑ මං.

ප. ලි.

ෆොටෝ තියනව. ඒත් හිත හදාගෙන මේකට දාන්න බෑ. බලන්න ඕනි නම් මගේ ෆේස්බුක් අකවුන්ට් එකට යන්න (තනුජා යොලන්ති ). ඒකෙ ඉන්නව රුවන් ප්‍රියදර්ශන කියල කෙනෙක් එයාගෙ අකවුන්ට් එකට ගිහින් බලන්න යාලුවනේ.

11 comments:

  1. අකල් මරණ ගැන අසන්න නොලැබෙවා !!!!!

    ReplyDelete
    Replies
    1. අපි එහෙම ප්‍රර්ථනා කරමු සහෝ. ඒත් මේව නවතියිද?

      Delete
  2. නික්ම ගිය තුන් දෙනාටම නිවන් සුව……!!

    අර පෙම්වතියට ධෛර්‍යය ලැබේවා…!! මිය යාමට නොව…… ජීවත් වීමට……!!!

    පද ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික බැලුවද ප්‍රියා අයියෙ.

      Delete
  3. දුක හිතෙන කතාවක් කවියකට ගොනු උනා.... කවිකම සාර්ථකයි..... මිතුරිය....
    අද ආවේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහිංසා, ආදරෙන් පිළිගන්නවා. ආයෙත් එන්න.

      Delete
  4. අකාලයේ අවාසනාවන්ත විදිහට නික්මෙන අයත් අපි අතර ඉන්නවනේ.. හිතට දුකයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේශ්, නොසැලකිළිමත්කම තමයි මුල. වාහන අතට ගත්තම පරිස්සම අමතක වෙනව සමහර අයට. ඒකෙන් දුක් විඳින්නෙ ජීවත් වෙන අයනෙ, නේද?

      Delete
  5. ෆොටෝ දැක්කට පස්සෙ නිකං කැරකිල්ල වගේ :/

    ReplyDelete
  6. එතන දෙන්නයි අක්කෙ, අනිත් කෙනා හොස්පිට්ල් එකේදියි මැරිල තියෙන්නෙ. බලන්න අමාරු නිසයි දැම්මෙ නැත්තෙ.

    ReplyDelete
  7. Bank repossessed cars -
    I like reading an article that can make people think.

    Also, thank you for allowing for me to comment!


    Visit my blog post: Car Silos

    ReplyDelete