Tuesday, September 30, 2014

පුංචි සාවියේ.......



ආදරෙන් වෙලී සියොලඟ
පාලුවේ නොදා මා සිත
රෑ දිවා සිනා අතුරා
ජීවිතේ පුරා ඉන්නට
තාරුකා නිවී දිලෙනා
මේ පහන් රැයේ තනිකම
සඳට පවරලා රහසින්
නුඹ වරෙන් හිමින් මා වෙත
පුංචි සාවියේ.......

උන් ඇවිත් නෙතින් ඉඟිකර
ගියාදෙන් දිලෙන තරු වෙත
හිත රිදී කඳුලු නොසලා
ඉඳින් සීරුවේ
උන්ට සුවඳ දෙන තරමට
මල් පිපෙයි නිතර එක ලෙස
කඩුපුලක් පිපෙන තුරු අපි
බලාඉමු රැයේ...

පහන් තාරුකාවේ හැඩ
යන්තමට පෙනී නොපෙනෙන
යාමයේ නුඹට යාහැකි 
වේවි පැංචියේ
ඉක්මනින් වරෙන් මා වෙත
ලෝකයේ පිරුණු සෙනෙහස
ලොකෙටම හොරෙන් විඳිනට
පාලු මේ රැයේ.....

23 comments:

  1. සැක් ඒකට මාරු තාලයක් තියනවනේ... කරමුද සින්දුවක්!!!!!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතාගෙන තමයි සිහිනයො ඕක ලිව්වෙ. දන්න කියන කෙනෙක් ඉන්නව නම් කියන්න

      Delete
    2. අනිවා.. දෙනවනම් හොඳ කෙනෙක්ට දෙන්න.. නිර්මාණය චාටර් කරන්නේ නැති කෙනෙක්ට. කෙනෙක් ඉන්නවා මේක පෙන්නන්නම් මම.

      Delete
    3. බොහොම ස්තුතියි සිහින.

      Delete
  2. අඩේ මේක සිරා! මන් තාලෙට තාලෙට කියාගෙන ගියෙ

    ReplyDelete
    Replies
    1. ඒ තාලෙටම සින්දුවක් කරමුද අක්කෙ මේක

      Delete
  3. Appreciation to my father who told me on the topic of this blog,
    this weblog is in fact remarkable.

    Also visit my web site - Funny Cat Vine

    ReplyDelete
  4. නංගි ඇත්තෙන්ම මේක ගැලපෙන්නෙ ගීතයකට.

    ඉක්මනින් ඒ බලාපොරොත්තුව ඉටු වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබ පැතුමට අයියෙ. දන්න කියන කෙනෙක් ඉන්නව නම් කියන්න

      Delete
  5. මම තනුව දෙන්නං..

    ReplyDelete
    Replies
    1. හපෝයි ඉවරා.............................යි :P

      Delete
    2. හොඳා හොඳා දේශකතුමා. එහෙනම් කරමුකො

      @ දිලිනි
      :P දේශකතුමා අපේ පැත්තෙ ආ. සද්දෙ දාන්න එපා වැඩිය.

      Delete
  6. අඩේ මාර ගති අර ක්ව්වත් වගේ කොරමුකො සින්දුවක් මේකෙන්

    ReplyDelete
    Replies
    1. ඔයත් විශ්වාසවන්ත කෙනෙක් ඉන්නව නම් හොයල කියන්නකො මට

      Delete
  7. මටත් කියවනකොටම දැනුනෙ සින්දුවක් වගේ ... කරමු කරමු සින්දුවක් ;) ..මං ඉන්නම් විෂුවල් එකට හික්ස් ... :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුලුවන්නම් එන්න. ඒත් ඊට කලින් මේක සින්දුවක් කරගමු හංසියො

      Delete
  8. කවිය ඇත්තට ම අගෙයි... හරිම රසවත්....... අපේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු. හැකියාවක් තියෙනව නම් මට උදව් කරන්න

      Delete
  9. ඇත්තටම ගීතයකට නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. හිතේ තියෙන බලාපොරොත්තුව ඉටු වෙයි කියල මාත් විශ්වාස කරනව තුශානි.

      Delete
  10. අපූරුයි තනුජා, රස වින්දා රස විඳලා කවියකුත් ලීවා

    තුන්යම තනිය සඳ සාවිට කීවාට
    සාවී එයිද සඳ අත්හැර නුඹේ ලඟට
    තරු කවදත් විරිත්තනවා අපි අපිට
    තරු තිබුනට අමාවකයි නුඹේ සඳට

    ReplyDelete
    Replies
    1. සඳ සාවිට වැඩලු හරියට සඳ ලෝකේ
      මං හිටියට බිම ඒකලු ඇය නාවේ
      දේදුනු පාලමත් කැඩිලලු ඒ යාමේ
      ආවොත් යන්න බැරිවෙයි හිතිලලු නාවේ

      බොහොම තුති හැමදාම අදහස් දෙන එකට

      Delete