Saturday, March 26, 2016

ෂොපිං



ඕටීත් ඉවර කරල
කලබළ නගරේ
ඇවිදගෙන මං ගියේ
හිත ඇතුලෙ 
දෝංකාර දෙද්දි
පුංචි උන්ගෙ සද්දෙ
"ළඟදි  අවුරුද්දලු
අලුත් ඇඳුම් ගන්නවලු"
හිනාවක් මගෙ මූනෙ
පණ්ඩිත පැටවු...
හෙට යන්න ඕනි ෂොපිං
ඔයාටත් නිවාඩුනෙ
හිතට අවුරුදු ලැබුව වගේ
ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් ලැබුනනෙ
හෙට අපි ෂොපිං...
ඒත් අහම්බෙන් 
මං දැක්කෙ නුඹමයි
ඔයත් එක්ක එයා ගිහින් ෂොපිං
මට කලින්...

9 comments:

  1. මරු කවිය :D ....මෙන්න මේ වෙලාවට මූණට මූණ මහත්තයව හම්බවෙන්න ඕන බලන්න.. හික්ස් දෙන්නවම ෂොපින් එක්කන් යයි :V :V

    ReplyDelete
    Replies
    1. ෂොපිං කෙසේවෙතත් හොඳ ගුටි පූජාවක් නම් ෂුවර්නෙ හංසියො :V:V

      Delete
  2. අවුරුදු ශොපින්
    හිත සනසන
    හ්ම්ම් ඒ වගේම
    ටිකක් වැඩියෙන් රිදුවන
    = අගෙයි

    ReplyDelete
    Replies
    1. පරණ මතක ඇවිස්සෙන එක විදියක්...

      Delete
  3. අවුරුදු ෂොපින් ගියා......... අයියෝ ආයෙනං ෂො යන්නවත් කියන්න එපා.... බඩත් දගලනවෝ........

    ReplyDelete
    Replies
    1. හික්ස්... හොඳ පරිප්පු හට්ටියක් හම්බවෙලා වගේ කම්මැලි කුරුට්ටට...

      Delete
  4. ෂොපිං.. හ්ම්...
    අලුත් වෙන්න හදද්දිත් පරණ මතක රිද්දන්න පටං ගන්න කොට දැනෙන්නෙ පුදුම හිස් ගතියක්
    නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...

      (මොනරාගල පෝස්ට් එකට තිත තිබ්බද?)

      Delete
  5. හෙට අපි ෂොපිං...
    ඒත් අහම්බෙන්
    මං දැක්කෙ නුඹමයි
    ඔයත් එක්ක එයා ගිහින් ෂොපිං
    මට කලින්...

    ඔහොමමනෙ වෙන්නෙ අපට

    ReplyDelete